ගොවි පුත් රජ කමට.. ගොවියා කනත්තට.. පොහොර සහනාධාර 80%කින් කපා හැරේ.. අයවැයෙන් කෘෂිකර්මයට 0.4%යි…

October 13, 2016 at 11:20 am | lanka C news
ගොවි පුත් රජ කමට.. ගොවියා කනත්තට.. පොහොර සහනාධාර 80%කින් කපා හැරේ.. අයවැයෙන් කෘෂිකර්මයට 0.4%යි…

රජය මගින් ලබදෙන පොහොර සහනාධාර වෙනුවෙන් 2017 අයවැය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත වෙන් කරන ලද මුදල පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 55 සිට 21 දක්වා අඩු කොට ඇත, මේ අනුව පැහැදිලි වනුයේ පොහොර සහනාධාරය නාමික පමණක් අනාගතයට හිමි වන අතර මහින්ද රාජපක්ෂ යුගයේ සමස්ථ අයවැයෙන් 2.4 %ක් ගොවියාට පොහොර සහනාධාරය ලබාදීමට වෙන් කල මුදල මේ වසරේ 0.4 % [දශම 4] දක්වා අඩු කොට ඇති බවයි.

කපා හැර ඇති බිලියන 30 ක මුදල් සම්පූර්ණ පොහොරවලට සහනාධාර වශයෙන් ලබාදෙන මුදල් වන අතර ලබාදි ඇති බිලියන 21 කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යාංශයේ යටතේ ඇති දෙපාර්තමේන්තු සඳහා වැටුප් හා දිමනා මෙන්ම ගොවිපොළ නඩත්තු කිරිම් සහ සoවර්ධන කිරිම් කටයුතුවලටයි, එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා බදු පදනම් මත ගෙන දැනට වසා දමා ඇති රාජගිරියේ පුද්ගලික ගොඩනැගිල්ල වෙනුවෙන් වාර්ෂිකව ගෙවන රුපියල් මිලියන 1200 අති විශාල බදු මුදල්ද මෙයට අයත් වේ.

1962 වසරේදි මේ රටේ සාම්ප්‍රදායික ගොවිතැන වෙනුවට වැඩි අස්වැන්න සහිත ගොවියාගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රසායනික පොහොර වී ගොවිතැනට හදුන්වා දෙමින් එවකට රජය මගින් පොහොර සහනාධාරය ආරම්භ කලේය. මේ රටේ වී ගොවිතැනවල පමණක් මිලියන 1.8 ක පමණ ගොවියෝ නිරත වී සිටින අතර ඔහුන් මේ හරහා තම ජීවිකාව ශක්තිමත් කර ගනියි.

රජයකට වාර්ෂිකව විශාල බරක් වූ පොහොර සහනාධාරය එක්සත් ජාතික පක්ෂ රජය සමයේ 1994 වන විට යම් කප්පදුවකට ලක්වෙමින් තිබිණ අතර 94 බලයට පත් එක්සත් ජනතා නිදහස් සoධාන රජය එය නොනවත්වා පවත්වාගෙන යන ලදි.

2005 බලයට පත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව පොදු ජන එක්සත් පෙරමුණ රජය රටේ පැවති විශාලතම ත්‍රස්තවාදී යුද්ධය සාර්ථකව කරමිනුත් පොහොර සහනාධාරය විශාල ලෙස වැඩි කරමින් සියලුම ගොවිතැන් සඳහා පොහොර සහනාධාරය නොකඩවා ක්‍රියාත්මක කල අතර තේ පොල් රබර්, කුලුබඩු මෙන්ම එලවලු පලතුරු සහ විසිතුරු මල් වගාවද ප්‍රචලිත කොට කෘෂි ආර්ථිකය හරහා රට ගොඩ නැගීම එම රජයේ ප්‍රධාන කාර්යයක් විය. එම රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සිටිය අතර “අපි වවමු රට නගමු” වැඩපිළිවෙළ ඔහු යටතේ ක්‍රියාත්මක විය.

මෛත්‍රී-රනිල් ජාතික රජය පැමිණිමත් සමඟ පොහොර සහනාධාර හරහා අඩු මිලට පොහොර ගොවියා වෙත ලබාදීම වෙනුවට වී ගොවියා සඳහා පමණක් සහන පොහොර මිටියක් වෙනුවට මුදල් වව්චර් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ වසර වන විට සමස්ථ කෘෂි කර්මාන්තය 17% කින් පමණ පහල වැටි ඇති බැව් මහා බැoකු වාර්තා මගින් පෙන්නුම් කරයි.

මහින්ද රාජපක්ෂ යුගයේ සමස්ථ අයවැයෙන් 2.4% ක් වෙන් කරනු ලැබුවේ මේ රටේ ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය සඳහායි, ඒ අනුව රුපියල් 350 ට යූරියාත් අනිකුත් පොහොර මිටියක් රුපියල් 1200 කටත් හිඟයකින් බේදයකින් තොරව පොහොර සෑම ගොවි පවුලකටම  ලබා දුනි.

52 views

3 Comments to “ගොවි පුත් රජ කමට.. ගොවියා කනත්තට.. පොහොර සහනාධාර 80%කින් කපා හැරේ.. අයවැයෙන් කෘෂිකර්මයට 0.4%යි…”

  1. රන්බණ්ඩා says:

    පැතූ වෙනසේ රඟ යහමින් දැනෙයි නේද බොලං….?

  2. රාජ්‍ය සේවක says:

    වසරකට පොහොරවල රජය රුපියල් බිලියන 35 පමණ වැය කලා එය සමස්ථ අයැ වැයෙන් 2.4% කි මේ පාර පොහොරවල බිලියන කීයද? විසර්ජන පනත අනුව එහි කිසිවක්ම සඳහන් නොවේ . පුනරාවර්තන වියදම් ලෙස බිලියන 15. 151 සඳහන් වෙයි. මූල ධනය ලෙස බිලියන 6.2 සඳහන් වේ , එකතුව බිලියන 21. කි පොහොරවලට දෙන බිලියන 36 කොහේදැයි කරුනාකර සොයා බලන්න .

  3. Mohomad Velupille says:

    අපිලට බත් කන්ඩම ඕනෙ නේ. පාන්පිටි නිකම්ම දෙනවානම් අපේ ඡන්දෙ අලියටම තමයි.

Main News