ගොවි පුතා ජනපති වෙලා රටින් හාල් ගේනවා.. වරාය, ගුවන් තොට විකුණනවා.. සමලිංගිකයන් පිලිගන්නවා..
August 8, 2017 at 1:20 pm | lanka C news
පොලොන්නරුවේ ගොවි පුතා වන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා රටින් හාල් ගේන බව කියන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
කෑගල්ලේදී පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනහමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.
හම්බන්තොට වරාය විකිණූ ආණ්ඩුව මත්තල ගුවන් තොටුපලද විකුණා දැමීමට සූදානම් වන බවත් ඉන්දියාවට ත්රිකුණාමලය වරාය දෙන්න සූදානම් වන බවත් ඇය කියා සිටියාය.
අලූත් ව්යවවස්ථාවෙන් සම ලිංගික අයිතීන් පවා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයිද ඇය එහිදී වැඩි දුරටත් කියා පැවසීය.