ගොවීන්ට දෙබර ප්‍රහාරයක්.. 7ක් රෝහලට.. තිදෙනෙකුට බරපතලයි..

October 29, 2019 at 2:07 am | lanka C news

මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ කුඹුරක් වෙතට යමින් සිටි ගොවීන් පිරිසක් දෙබර ප්‍රහාරයකට ලක්වීමෙන් ගොවීන් 07 දෙනෙකු අසාද්‍යතත්වයෙන් රෝහල් ගත කල බවට මුලතිව් පොලීසිය පවසයි.

ගොවීන් පිරිස ට්‍රැක්ටරයකින් කුඹුර වෙතට ගමන් ගරන අවස්ථාවේදී ට්‍රැක්ටරය දෙබර ගෝටය තිබූ ගසක වැදී දෙබර ගෝටය කඩා වැටීම හේතුවෙන් ට්‍රැක්ටරයේ සිටි ගොවීන් මෙසේදෙබර ප්‍රහාරයකට ලක්ව ඇත.

දෙබර ප්‍රහාරයට ලක්වූ ගොවීන් 07 දෙනෙකු තවත් ගොවීන් පිරිසක් විසින් මුලතිව් රෝහලට රැගෙන විත් ඇති අතර එහිදී එක් ගොවියෙකු ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබේ.

එහෙත් සෙසු ගොවීන් හය දෙනාගෙන් තිදෙනෙකුගේ තත්වය බරපතල වන අතර ඔවුන්ට ප්‍රතිකාර කරමින් සිටින බවද මුලතිව් රෝහලේ වෛද්‍ය වරුන් වැඩිදුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

30 views
Main News