ගොවීන්ට පොහොර නෑ… කොරෝනා අස්සේ සේනා දළඹුවා හිස ඔසවයි…

May 23, 2020 at 8:03 am | lanka C news
ගොවීන්ට පොහොර නෑ…  කොරෝනා අස්සේ සේනා දළඹුවා හිස ඔසවයි…

රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාගදීප ව්‍යාපාරයට අයත්, යාය 5 /ඩී2, බෙදුම් ඇළ ගොවි සංවිධානයේ අක්කර 156 ක ගොවීන් හැත්තෑ හය දෙනකු බඩ ඉරිඟු, වගා කටයුතු කරන අතර, නාගදීප ව්‍යාපාරය තුළගොවීන් 2800කට අධික පිරිසක් වගා කටයුතු වල නියැළෙති. මොවුන් සියලු දෙනාද මේ දිනවල රටේම කථාවන උග්‍ර පොහොර හිඟය හමුවේ අසරණව සිටිති.

මෙම ගැටලුව නිසා මෙම ප්‍රදේශයේ බඩ ඉරිගු වගාවන්ට නැවතත් සේනා දළඹුවාගේ කරදරය පැමිණ බඩ ඉරිඟු පැල තුළට සේනා දළඹුවා හානි කරමින් සිටින බව ගොවීහු පවසති. නිසි වේලාවට පොහොර යෙදවීමට හැකි වූවා නම් මෙම සේනා දළඹු ගැටලුව තරමක් හෝ දුරට පාලනය කරගත හැකි බවයි.

වර්ෂයේ එක් කන්නයක් පමණක් වී වගාකරන මෙම ව්‍යාපාරයේ ගොවීන්, යළ කන්නයේ වියළි කාළගුණ තත්වය නිසා බඩ ඉරිඟු වගාව ප්‍රධන කොට ගනී.මීට අමතරව රට කජු .කවුපි .මුං ඇට උඳු කුරක්කන් වැනි බෝග වගා කරන අතර එම වගාවන්ටද මෙම පොහොර හිඟය ඍජුවම බලපා ඇත.

කෘෂිකර්මාන්තය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය ආයතන මෙන්ම රජයෙන් වැටුප් නිළධාරීන් රැසක් සිටියද කන්නය ආරම්භයත් සමගම වසර ගණනාවක් තිස්සේ බලපාන පොහොර ගැටළුවට විසඳුමක් ලබාදීමට තරම් ඔවුන් තුළ නිසි වැඩ පිළවෙලක් සකස් කිරීමට කටයුතු කිරීමට කිසිදු නිළධාරියෙක් ඉක්මන් ප්‍රතිචාරය දැක්වීමට මැළි බව ගොවීහු පවසති.

ඒ කෙසේ වෙතත් මෙම ගොවීන් පවසන්නේ මෙම පොහොර ගැටළුවට හැකි ඉක්මනින් විසඳුම් ලබා දෙන ලෙසයි.

– සී.කුමාර. ගිරාඳුරුකෝට්ටේ

9,972 Viewers

4 Comments to “ගොවීන්ට පොහොර නෑ… කොරෝනා අස්සේ සේනා දළඹුවා හිස ඔසවයි…”

  1. lotus says:

    Enough amount of fertilizer in market .JVP farmers not going to buy fertilizer. Please don’t publish these things until end of election

  2. sara says:

    නිකන් බොරු නොකිය ඉන්නවල මිනිස්සුනේ දැන් එහෙම ප්‍රශ්න නෑ. ඒවා තිබුනේ යහපාලන ආණ්ඩුව කාලේ. අපේ ගෝට සර්ව අපහසු තාවයට පත් කරන්න ඕව කියන්නේ.

  3. Nuwan says:

    This kind of postings are misleading. There is no issue like that

  4. Ajith says:

    සී.කුමාර. ගිරාඳුරුකෝට්ටේ මහත්තයෝ පොහොර දැම්මානම් සේනා දළබුවෝ මැරෙනවද?
    මේ පොහොරවල සංයුතිය පරීක්ෂාකර පේටන්ට් බලපත්ත්‍රයක් ලබා ගන්න. ඔබ නොදවන්නවා වුනාට මේක අලුත්ම සොයාගැනීමක්.
    සාමාන්‍ය විදිහනම් පොහොරදමා වගාව සරුවට වැඩෙනවිට තමයි පලිබෝද උවදුර වැඩි වෙන්නේ.

Leave a Comment

Main News