ගෝටාභය හිරේ දානවා කියූ අනාගත නායකයාට මහින්ද යාපා සුද්ද සිංහල උත්තරයක් දෙයි..
July 11, 2017 at 9:20 am | lanka C news
මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුවේ ධීවර අමාත්‍ය මෙන්ම මෙරටේ බිහිවන අනාගත නායකයා වන මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පසුගිය දා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගැන කියපු සිද්ධියක් සම්බන්ධව කදිම උත්තරයක් මහින්ද යාපා මන්ත්‍රීවරයා වචන කිහිපයකින් ලබා දුන්නේය.
මාධ්‍ය හිටපු අමාත්‍යවරයාගෙන් විමසුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හිරගත කිරීමට ඉදිරි දින කිහිපය තුලදී කටයුතු කරන බවටත් මහින්ද රාජපක්ෂ පිටුපස වර්තමාන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් යෑම පලක් නොවන බව පැහැදිලිවන ආකාරයේ කතාවකි.
එසේ පැවසීම සම්බන්ධව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පැවසුවේ, හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී වර්තමාන අමාත්‍ය මහින්ද අමරවීර මහින්ද රාජපක්ෂ මහතා සෙවණේ හැදිවැඩුණු පුද්ගලයකු බවයි.
ඒ කතාව සම්බන්ධව අදහස් දැක්වූ මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ “මහින්ද අමරවීර අමාත්‍යතුමාගේ ප්‍රකාශය සම්බන්ධව ඔයට වැඩිය විස්තර අපි දන්නවා, නමුත් මට කියන්න තියෙන්නේ මේ වෙලාවෙ කොයි විදියට බඩ පිබ්බුනත් කොයි විදියට ඔලුව ඉස්සුනත් ගැරඩියෙක් කවදාක්වත් නයෙක් වෙන් නැති වගයි” යන්නය.
මහින්ද යාපා අබේවර්ධන මහතා 1977 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම වර්තමාන මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකි. එමෙන්ම එමෙන්ම හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ශ්‍රිලනිප පැරණිතම දේශපාලන නායකයෙකි.
වීඩියෝව මෙතනින්
කන්නදීපු අත හපා කෑමේ ගුනාංගය මහ තැන සිට පහලට හොදින් කරන පාලකයෝ
ඡනාධිපති අමරවීර මහත්තයව මුරංගා අත්තක් උඩ තියල තියෙන්නේ… හැබැයි මිනිහ හිතාගෙන ඉන්නේ බුරුත අත්තක් කියලා… ඒකයි ඔය දොඩවන්නේ.. ගනන් ගන්න එපා…