ගෝඨාභයට සහාය දෙන්න උතුර, නැගෙනහිර හා වතුකරයේ දේශපාලන නායකයන් එක්වේ..
August 10, 2019 at 3:50 pm | lanka C news
ශ්‍රි ලංකාවාසි ජනතාට හෙට (11) අයිතිහාසික දිනයක් වන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දා නන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියා සිටියේ අද (10) නාවලපිටියේ පිහිටි මහින්දා නන්ද පදනම් කාර්යයාලයේ පැවති මාධ්‍යය හමුවකදිය.
මෙම මාධ්‍යය හමුවේ අදහස් දැක් වු මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය හෙට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දි 2020 ජනාධිපති අපෙක්ෂකයා ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා නම් කරන බවයි.
හෙට දින රටේ ජනතාව ජාතික කොඩිය අතතිව ප්‍රධාන මාර්ග වලට පිවිස කැවුම් කිරිබත් කා ප්රිති වන දවසක් බවට පත් වන බව මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේය.
ජාතික ආරක්ෂාවට වගකිය නොහැකි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ වන විට කොටස් පහකට කැඩි ඇති බවත්, කිසිසේත් එම බෙදිම තුල එක්සත් ජාතික පෙරමුණට සන්ධානයක් ගොඩනැගිමට හෝ ජනාධිපති අපෙක්ෂකයෙකු නම් කිරිමට නොහැකි බව මන්ත්‍රිවරයා කියා සිටියි.
2020 ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන ගොඨාභය රාජපක්ෂ මහතාට උතුරු නැගෙනහිර ඇතුළු වතුකරයේ දේශපාලන නායකයන් සහයෝගය දැක් විමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්, රට ගොඩනැගිමට සුදුසුකම් ඇති මේ රටේ එකම ජනාධිපති අපෙක්ෂකයා ගොඨාභය රාජපක්ෂ මහතා බව මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
වහා නිවැරැදි කරන්න ‘නැති’ යන්න ඇති ලෙස.
මෙය මගේ පෞද්ගලික අත්දැකීමක්. වෘත්තිය නිසාවෙන් මා රටේ විවිධ පලාත්වල නිතර සංචාරය කරන්නෙක්.මේ ප්‍රවණතාවය මා දුටුයේ වසර දෙක තුනකට පලමුව. ඒත් සාමාන්‍යය දමිල ජනතාවගෙන්. උතුර නැගෙනහිර වගේම කඳුකර ප්‍රදේශත් සංවර්ධනය උනේ පසුගිය ආණ්ඩුව සමයේ. ඔවුන්ට යුද්ධය නිසා වගේම වතු වැවිල්ල නිසා ජීවිතයක් කියා දෙයක් තිබ්බෙ නැහැ. අද උතුර නැගෙනහිර වගේම කඳුකරයේත් යටිතල පහසුකම් සංවර්ධනය වෙලා. ඔවුන්ගේ දරුවන් ඉගෙන ගන්නවා . පාසල් අධ්‍යාපනය වගේම වෘත්තීය සුදුසුකම් සඳහාත් ඒ දරුවන්ට පහසුකම් තිබෙනවා. වැඩිහිටියන් පෙරට වඩා හොඳ ආර්ථික පසුබිමක් රජයේ උදව්වෙන් වගේම ස්වෝත්සාහය නිසා නිර්මාණය කරගෙන තිබෙනවා. ඔවුන්ට දැන් වෙනම රටක් ඕනෑ නෑ. කොහොමත් ඒ අදහස තිබ්බෙ වර්ගවාදී දමිල නායකයන්ට වගේම අන්තර්ජාතික වර්ගවාදී දමිල ඩයස්පෝරාවට. ඔවුන්ගේ උසිගැන්වීම්වලට දමිල සාමාන්‍ය ජනතාවගෙන් තරමක පිරිසක් හසු උනත් බහුතර දමිළ මිනිස්සු කැමති මේ නිදහස විඳිමින් දරුමල්ලන් සමඟ තමන්ගේ වැඩක් පලක් බලාකියාගෙන ජීවත් වෙන්නටයි. ඔවුන්ගෙන් බහුතරයක් මහින්ද මැතිඳුන්ට ස්තූතිවන්ත වෙනවා. එය රහසක් නොවෙයි. මාසමඟ කථා බහකල බොහෝ දමිල මිනිසුන් ඇතැම් වංක තක්කඩි සිංහල මිනිස්සුන්ට වඩා දාහෙන් සම්පතක්. ඔවුන් විවෘතව නොබියව පැකිලීමෙන් තොරව මහින්ද මැතිඳුන්ට , ගෝඨාභය මැතිඳුන්ට ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව ගෝඨාභය වැනි අභීත නායකයෙක් මිස පෙන්දෙක් නොවෙයි. ඔවුනුත් මේ රටට ආදරෙයි. ඒ ආදරය නිසාවෙන්ම ඔවුන් ගෝඨාභය මැතිඳුන් සමඟ අත්වැල් බැඳගන්නා බව ස්ථීරයි. ඔවුන් වෙතට හුඹස් බිය ඇති කරන්නේ තක්කඩි දීන සිංහල පාහරයන් සහ වර්ගවාදී දමිල පාහරයනුයි. ඉදිරි මැතිවරණ ප්‍රථිපලය මාගේ මේ කෙටි සටහනේ ඇති අදහස නිවැරදි බව පෙන්වා දේවි.. එය මට සහතිකයි… මාතෘභූමියට ජය වේවා !!!
දකුණේ ඉතා වටිනා ආර්ථික මධ්‍යස්ථාන දියුණු වුනොත් උතුරේ, නැගෙනහිරෙ, හෝ වෙන පළාතක කුමන ජනවාර්ගිකයෙක් මව් රටෙන් කැඩෙන්න හිතන්නේ නැහැ. ඒ නිසා ජාතික සමඟිය වෙනුවෙන් දකුණේ ආර්ථික වර්ධනය ඉතා වැදගත්. විශේෂයෙන් හම්බන්තොට වරාය සහ ඒ අවට කාර්මික දියුණුව. ද්‍රෝහී රනිල් හම්බන්තොට වරාය ජාතියට අහිමිකළේ ජාතික සමඟියට අවහිර කිරීමට. ඒ උගුලෙන් අපි ඉක්මනින් ගැලවෙමු. හම්බන්තොට රැකියා කරන උතුරේ සහෝදරයන්ට සති අන්තයේ ගුවනින් යාපනේ තියන ගෙදර ගිහින් පවුලේ ප්‍රීතිය භුක්ති විඳින්න යාපනේ වැසියන්ට හැකිවේවි.
Gota ekkath govisum gahala rata bedaganna da hadanne? Mehemanam ithin nagata dena eka meetawada hodai. Badurdeen demellu serama nai redda asse daganna oneda. Hama sinhala nayakayekma
“මේඝවර්ණ අභය “… මාතෘභූමියට ජය වේවා !!!
This is one of the most beautiful explanations given about the present political situation.
THANK YOU.
I totally agree with Megawarna
will the cutting of nec by gota’s chainsaw in mt lavinia be repeated?
Ranil came to power, has ‘Batalanda’ repeated?