ගෝටාගමනය සහතික බවට ඉගි කරන ගෝටාගේ අලුත් අවුරුදු සුබ පැතුම මෙන්න..
April 14, 2019 at 4:40 pm | lanka C news
අලුත් අවුරුද්ද වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද අවුරුදු සුබ පැතුම මෙසේය.
ලබන්නා වූ සිංහල සහ හින්දු නව වසර ශ්‍රී ලාංකික ජනතාවට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.
අලුත් අවුරුද්ද තුළ සිදුකරන සිරිත් විරිත් ඒ ආකාරයෙන්ම ඉටු කිරීම ඉතා වැදගත්. මේ සියල්ලක්ම තුළ තිබෙන්නේ අපේකම සහ සංස්කෘතියයි.
පවුලක්, ගමක් සහ රටක් හැටියට එකට ජීවත් වෙන්නේ මෙවැනි සිරිත් විරිත් නිසයි. මේ සරලභාවය කුමන තරාතිරමක හිටියත් එදා සිටම අපි දකිනවා. අපේකම සහ සංස්කෘතිය නිසා තමයි රටට, ගමට ආදරේ කරන්නේ.
වර්තමාන තරගකාරී සමාජය තුළ බොහෝ දෙනෙක් පීඩනයකින් ඉන්නේ. එනිසා මේ චාරිත්‍ර වාරිත්‍ර හරියාකාරව ඉටු කරන්නට පුළුවන්කමක් නැති බව පෙනෙන්නට තිබෙනවා. නමුත් අපේකම, සරලභාවය සහ සංස්කෘතිය අපේ ජීවිතවලින් ඈත් කරන්නට නරකයි.
මෙවැනි සංකීර්ණ සමාජ රටාවක් තුළ කුමන අභියෝගවලට මුහුණපා සිටියත් ඉදිරි අනාගතයේදී මේ අභියෝග ජයග්‍රහණය කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
– ගෝටාභය රාජපක්ෂ
Wish you all the very best our future president, Our only hope is you. If u will not win next next presidential election we all may loose this beautiful country. All Sri lankan Love u a lot. Obata theruwan saranai, Devi Pihitai.
I wish you a happy and prosperous new year !
Oba thumata theruwan saranai !
Jayawewa !
Ok
Wish you all the very best of goodness.
Let this country have what is best for its people.