ගෝටාගේ ආර්ථික දැක්ම මහින්ද චින්තනයට අනුගත නොවු එජාප ‘යලි පුබුදමු’ ආර්ථික ප්‍රතිපත්තියද…

June 24, 2018 at 9:20 am | lanka C news
ගෝටාගේ ආර්ථික දැක්ම මහින්ද චින්තනයට අනුගත නොවු එජාප ‘යලි පුබුදමු’ ආර්ථික ප්‍රතිපත්තියද…

රනිල් වික‍්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා අද මෙරටෙහි ගැටලු රාශියක් නිර්මාණය වී ඇති බවත්, එම ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම මහින්ද චින්තනය ප්‍රතිපත්තියට විරුද්ධව මෙන්ම ස්වදේශික ආර්ථික ක්‍රමයෙන් බැහැර වූ එකක් බවත් එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සාර්ථකව මහින්ද චින්තනය හරහා රට ගොඩ නැගු බවත් අද මේ ආණ්ඩුව හිරවී සිටින්නේ ද එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකොට නීයෝ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට යෑමෙන් බව ‘ලංකාදීප ගුරුදා විග්‍රහය’ මගින් ප්‍රවීන දේශපාලන ලියුම්කරුවකු වන වසන්තප්‍රිය රාමනායක මහතා සදහන් කරයි.

එහෙත් අනාගත ආණ්ඩුවක් යටතේ මහින්ද චින්තනයෙන් බැහැර වූ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියකට සමාන්තර ප‍්‍රතිපත්තියක් ක්‍රියාත්මක කොට රට සංවර්ධනය කරන බව පසුගිය දා පැවති ‘වියත්මග’ සමුළුවේදි හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම මහින්ද චින්තනයේ නිර්මාතෘ මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරිම නිසා රටතුළ මහත් දේශපාලන ආන්දෝලනයක් ඇති විය.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම ප්‍රකාශ කරමින් කියා සිටියේ තම ආර්ථික ප්‍රතිපත්තියට අනුකූල ආර්ථික වැඩපිළිවෙළක් වියත්මග සමුළුවවේදි ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සති අන්ත ලංකාදීප පුවත්පතට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත්තේ කවුරුත් හෝ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේනම් එහි වරදක් නැති බවත් එහෙත් වර්තමාන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියේ කාර්යක්ෂමතාවය අඩු බවත්ය.

කරුණු එසේ නම් රටේ ජනතාවට එපා වී ඇත්තේ මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියේ කාර්යක්ෂමතාවය අඩු බව ද එසේ නැතිනම් සම්පූර්ණ ආර්ථික ප්‍රතිපත්තියද යන්න ගුරුදා විග්‍රහයේ ලියුම්කරු ප්‍රශ්න කරන අතර එජාපයේ පිලිනු වූ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ජනතාව ප්‍රතිකේෂ්ප කොට මහින්ද ආණ්ඩුව එදා ක්‍රියාත්මක කල ‘මහින්ද චින්තන’ ආර්ථික ප්‍රතිපත්තිය නැවත ජනතාව බලාපොරොත්තු වනු ඇති බවත් සදහන් කර ඇත.

259 views

7 Comments to “ගෝටාගේ ආර්ථික දැක්ම මහින්ද චින්තනයට අනුගත නොවු එජාප ‘යලි පුබුදමු’ ආර්ථික ප්‍රතිපත්තියද…”

  1. Aruna says:

    We must be very careful about these so called veteran writers or analists.

  2. සීගිරි says:

    ජනතාවගේ ගෙල හිර කරපු මහින්ද-පී.බී ජයසුන්දර-කබ්රාල් ආර්ථිකයවත් හෝ දැන් ජනතාවගේ මිනී වල කපන වත්මන් ආර්ථිකයවත් ගෝඨා විවේචනයට ලක් නොකිරීමෙන් පෙනී යන්නේ ගෝඨා එම මගම තෝරා ගන්නා තවත් බටහිර පඹයෙක් පමණක් බවයි…
    එදා විමල් වීරවංශ මහින්ද-පීබී ජයසුන්දර -කබ්රාල් ආර්ථිකය විවේචනය කලේ ආර්ථික ඝාතකයාද යන වචනය එක් කරමිනුයි…ආර්තික ඝාතකයා කියන්නේ මහින්දටදැයි දෙරණ නාලිකාවෙන් විමසු විට විමල් නගුට පස්ස පැත්තේ ගසාගෙන සෘජු පිලිතුරක් දීම මග හැරියා….
    ජනතාවගේ රීරි මාංශය බටහිර වැම්පයර්ස්ලාට පුද කරනවා හැරෙන්නට මුන්ට ඇති වෙන ආර්ථක වැඩපිලිවෙලක් නැත.එම පාපිෂ්ඨ ජනතා පාවාදීමෙදී අත් වල තැවරෙන ලේ මස් කෑලි ලෙවකා ගැනිම මේ පිසාචයන්ගේ මනදොල සන්තර්පනය කිරීමට සෑහේ…
    ජනතවට දැන් අවශ්‍ය මේ හැම දේම වෙනස් කරන විප්ලවයක්…ජනතාවගේ විප්ලවයක්.

  3. බන්ඩා says:

    මාවෝ යටතේ අාර්තිකය නංවා ගැනීමට නොහැකිව අබල වූ කොමියුනිස්ට් චීනය ඩෙං ගෙ ලිබරල් අාර්තික ප්‍රතිපත්ති මත පසු ගිය දසක කිහිපය තුල තම රටේ අාර්තිකය ලොව අංක 2 බලවතා බවට නංවා ගත්තේ කෙසේද යන්න විග්‍රහ කර බලා අපට ඉගෙන ගත යුතු පාඩම් තිබේ දැය් බැලුවොත් නරකද?

    • බන්ඩා says:

      චීනය අති විශාල රටක් නිසාත් විරැද්ධ පක්ෂයක් නැති කොමියුනිස්ට් රටක් නිසාත් ජාතිකවාදී අගමැති මහතීර් යටතේ කෙටි කාලයක් තුල ප්‍රජාතන්ත්‍රවාදී මැලේසියාව දියුනු කලේ කෙසේද යන්න ගැනත් විග්‍රහයක් කලොත් කාලෝචිතය්.

  4. Saradiel says:

    රනිල් ගේ ආර්ථික ප්‍රතිපත්තිය රට විකිණීමයි ගොටබයගේ ප්‍රතිපත්තිය රට මෙයින් බේරා ගැනීමයි

  5. Kanishka says:

    ගෝටා මහින්ද චින්තනය පිලිගන ඉදිරියට යායුතියි. නියෝ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති සමග ගමනක් එකබද්ධ විපක්ෂයට නැත. එවැනි ගමනකට සුදුස්සා සජිත් ප්‍රේමදාස

Main News