ගෝටාගේ ඇමරිකා කතාව මේ මාසයේ අවසන්.. තව එකම ලිපියයි..

April 8, 2019 at 10:00 am | lanka C news
ගෝටාගේ ඇමරිකා කතාව මේ මාසයේ අවසන්.. තව එකම ලිපියයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක්සත් ජනපද පුරවැසිභාවය මෙම මාසයේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

අදාල කටයුතු වලින් 95% ක්ම මේ වනවිට අවසන් වී තිබෙන බවද හිටපු ආරක්ෂක ලේකම්වරයාට සමීප ආරංචි මාර්ග උපුටමින් පුවත්පත වාර්තා කර තිබේ.

මේ සඳහා තවදුරටත් සිදු කිරීමට ඇත්තේ එක ලිපියක් වූ මාරු කිරීම පමණක් බවද වාර්තාවේ සඳහන්ය.

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා වී තිබීම නිසා එක්සත් ජනපද පුරවැසි කම ඔහු ඉවත් කර ගනු ඇතැයිද වාර්තා වෙයි

හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ දිනවල එක්සත් ජනපද සංචාරයක නිරත වන අතර ඔහු එළඹෙන 12 වැනි දා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඒ මහතා 20 දින දෙහිවල දී පැවැත්වෙන එළියෙ සංවිධානයේ සම්මන්ත්‍රණයක් ඇමතීමට නියමිතය.

21 views

3 Comments to “ගෝටාගේ ඇමරිකා කතාව මේ මාසයේ අවසන්.. තව එකම ලිපියයි..”

  1. gamarala says:

    රටේ ජනතාවගේ වාසනාව ජයෙන් ජය පතමු

Main News