ගෝටාගේ ඇමරිකා පුරවැසිකම ඉවත් කිරීම ඉතා පහසුයි.. සරලයි..

June 20, 2018 at 1:20 pm | lanka C news
ගෝටාගේ ඇමරිකා පුරවැසිකම ඉවත් කිරීම ඉතා පහසුයි.. සරලයි..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ඇමෙරිකානු පුරවැසිකම පෙන්වා ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ එවැනි වෙනත් අයෙකුට ජනපතිවරණයට තරග කිරීම වැළැක්වීමට ඇමෙරිකාවට හැකියාවක් නොමැති බව මම මාධ්‍ය හමුවක පැවසුවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිවරණයට තරග කරන්න බැහැයි කියලා සමාජයේ අවිනිශ්චිත තාවයක් ගොඩ නගලා ඒ හරහා ව්‍යකූල තත්වයක් ‍ඇති කරන්න එක්සත් ජාතික පක්ෂය දරපු උත්සාහය අපේ ප්‍රකාශය සමගින් විනාශ වී ගියා. එයින් කෝපයට පත්වී මගේ ප්‍රකාශය වැරදියි කියමින් මා මිත්‍ර නීති විශාරද අජිත් පෙරේරා ඇමතිතුමා තමන්ම කිති කවාගෙන සිනා සෙනවා මම දැක්කා.

මගේ නීතිමය මතය වැරදි නම් එයට ප්‍රතිචාර දක්වන ක්‍රමයක් තිබෙනවා. අජිත් පෙරේරා මන්ත්‍රිතුමන් වැස්සකටවක්  නීති විද්‍යාලයකට ගොඩවී තිබේ නම් එතුමන් මේ ගැන දැන ගත යුතුයි. අපි නීතිමය මතය ඉදිරිපත් කරන්නේ අදාල අණ පනත් සහ නඩු තීන්දු උපුටා දක්වමින්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ඇමෙරිකානු පුරවැසි කම පහසුවෙන් අත් හල හැකි  බව වගේම ඇමෙරිකාවට එය වැළක්විය නොහැකි බව මා පෙන්වා දුන්නේ අදාල අණ පනත් සහ නඩු තීන්දු උපුටා දක්වමින්. මගේ මතය වැරදි නම් ඔබ දැක්වූ පනත දැන් සංශෝධනය වෙලා.  ඔබ ඉදිරිපත් කළ නඩු තීන්දුවට පසු ඊට පටහැනි නඩු තීන්දුවක් ලබා දීලා තිබෙනවා යනා දී වශයෙන් එහි වරද පෙන්විය යුතුයි.  අපි ඉදිරිපත් කළ නීතිමය මතයෙන් ඇමෙරිකානු පුරවැසිකම ලෙහෙසියෙන් අත් හරින්න බෑ කියලා සමාජයේ ගොඩ නගා තිබූ පුස්ස බිඳීමට අපට පුළුවන් වුණා.

එජාපයේ ලොකුම සිහිනය බිඳ වැටුණු නිසා අපට බොරුවට තලනවා.  අපේ මතය වැරදි වන්නේ කෙසේදැයි අණ පනත් නඩු තීන්දු ඇසුරෙන් පැහැදිලි කරන්න කියලා අජිත් පෙරේරා මන්ත්‍රිතුමන්ට මම අභියෝග කරනවා. ගීතා කුමාරසිංහ මන්ත්‍රිතුමියගේ මන්ත්‍රි ධූරය අධිකරණ තීන්දුවකින් අහිමි වුණු අවස්ථාවේ සංධානයේ ගාලු දිස්ත්‍රික් ලැයිස්තුවම ප්‍රතික්ෂේප වන බවට නීතිමය මතයක් ඉදිරිපත් කලෙත් ඔන්න ඔය නීති විශාරදයා කියන එක සිහිපත් කරන්න ඕනෑ.  ඒ වගේම අධිකණයේ විනිශ්චය භාජනය වන නඩුවක් පිළිබඳ රාජ්‍ය මාධ්‍යයක අදහස් දැක්වීම නිසා එතුමාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුවක් ගොනු කිරීමට ද නියමිතයි.

– අරවින්ද අතුකෝරල

19 views

7 Comments to “ගෝටාගේ ඇමරිකා පුරවැසිකම ඉවත් කිරීම ඉතා පහසුයි.. සරලයි..”

  1. Saman lanka says:

    කිය කිය ඉන්නේ ඕක අයින් කරලා අවන්ක බව පෙන්නපල්ලාකො…මටනම් දැන් ගෝටාව සැකයි මේ නිසා. අවන්කනම් රටට ආදරේ නම් ඕක ජනපතිවරනයට ඉල්ලුවත් නැතත් අයින් කරන්න ඕනා.

    • සිංහල බන්ඩා says:

      ගෝටගෙ අවංක කම ජාතිකත්වය සහ හැකියාව ගැන ඔප්පු කරල පෙන්වන්න දෙයක් ඉතුරැ වෙලා නැහැ. එජාපයෙ පක්කිලින්ට පක්කිලින්ට අවශ්‍ය දෑ ගෝටා කල යුතුද? රටට හිතැති සුලු ජාතිකයන් ටික දෙනෙක් ගෝටාට චන්දය දෙය්. 70-75%ක් සිංහල චන්ද ත් එක්ක ඒ ටික ලැබුනහම ජනාධිපතිවරනෙ දිනන්න හොදටොම අැති.

      • Kamal Qatar says:

        ඔච්චර අවන්ක නම් ඇයි බන් ඔය ඇමරිකන් බඩ කඩිත්තුව අයින් කරන්නෙ නැතිව තෙපරබාන්නෙ?

      • බබා says:

        ඒ ගැන කියලා වැඩක් නෑ. $256 වෙච්චි කාලතුවක්කු උණ්ඩය $650ගානෙ ගෙන්වපු අවංකකම, සුදුවෑන් සංස්කෘතිය,මහජන මුදලින් දෙමාපිය ස්මාරක සහ යුද්ධය දරුණුකාලෙ මෙඩිකල් කන්ඩෙම් කරගෙන ඇමරිකා පැනපු හැටි එහෙම දන්න අයට අවංකකම, රටට වගවීම වගේ කාරනා ගැන අවබෝධයක් ලැබෙනවා. රටගැන නොහිතා තමන් ගැන හිතපු මේ වගේ අය රට සූරාකාලා අගාධයකට දාලා රට පනින එකයි කරන්නෙ. ඒ නිසා අඩු තරමෙ ලංකාවෙ ඉන්න කෙනෙක් ගැන විශ්වාසය තියන එකයි වැදගත්.

  2. රජින්ද says:

    If so, just do it, before talk.!

  3. Dharshana says:

    Ethin yakoo ochchara lesei Nam dawas dekin karapanko kiyawanne nethiwa

  4. ඕක ඇත්තනම් මෙලහටම ඔය බඩකඩිත්තුව අයින්කරගන්න කල්නෙ. මේ ගැන පලවෙනි පුවත් සාකච්ඡාව තියලත් දැන් සති දෙකක්විතර වෙනවනෙ. අනික සියල්ලදත් වගේ පාරම්බාන ගෙම්බන්පිල උසාවියක තනියම කතාකරල දිනපු එකම නඩුවක්වත් තියෙද? අනික් මිනිස්සුන්ට අපහාසෙට හිනාවෙන්නයි,දන්න දෙයයි නොදන්න දෙයයි සේරම ඇත්ත වගේ කියනවා. කොහොමත් ඇමරිකන් පුරවැසිකම ගන්නවා හා සමානම ක්‍රියාවලියක් තමයි අත්හැරීමත්. නැත්තම් මෙලහට ඕක අයින්කරල මාධ්‍යක් මාධ්‍යක් ගානෙ ලියවිලි ඉදිරිපත් කරයිනෙ.

Main News