ගෝටාගේ කුරුණෑගල මහා පොල් වත්ත.. මිනී මෝර මාලිගය ගැන සියල්ල හෙලිවේ..

October 3, 2016 at 10:40 am | lanka C news
ගෝටාගේ කුරුණෑගල මහා පොල් වත්ත.. මිනී මෝර මාලිගය ගැන සියල්ල හෙලිවේ..

ගෝඨාට එරෙහි මිත්‍යාවේ ආරම්භය හා විකාශය

ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල නිතර සාකච්චාවට ලක්වන චරිතයකි. පසුගියදා යහපාලන රජය ඔහුට විරුද්ධව අල්ලස් චෝදනාවක් ගොනු කල අතර ඔහු වෙනුවෙන් උසාවියේ ස්වේච්ඡාවෙන් පෙනී සිටි 100 කට වැඩි නීතිඥ පිරිසම නඩුවේ අසාධාරණත්වය ගැන ඇති හොඳම සාක්ෂියයි.

පසුගිය දිනෙක මට විද්‍යුත් පනිවිඩයක් එවන චින්තක නාඔටුන්න නැමති මුහුණු පොතේ මිතුරෙක් පහත දැක්වෙන ඉල්ලීම කර තිබුනි

” නාලක, ගෝඨාභය රාජපක්ෂ සමඟ වැඩකරමින් ඔබ ලද අත්දැකීම් ගැන කියවන්න මම ආසයි. කරුණාකර තවත් ඒ ගැන ලියන්න….”.

මා මේ දිනවල මගේ ජීවිත කතාව ලියමින් සිටින නිසා එහි ගෝඨාභය රාජපක්ෂ පමනක් නොව ඔබ දන්නා ප්‍රසිද්ධ දේශපාලන හා ව්‍යාපාරික චරිත රාශියක් ගැන මගේ සමීප අත්දැකීම් කියවේ. විටින් විටපාඨක ප්‍රතිචාරය මැන ගැනීමට එහි කොටස් මගේ මුහුනු පොතේත් පළකරන්නෙමි. මේවා තුලින් චින්තකගේ ආශාව තරමක් දුරට හෝ ඉටුවනු ඇතැයි මම සිතමි. නමුත් ඔහුගේ විශේෂ ඉල්ලීමට ගරු කිරීමක් ලෙස ගොඨාභය ගැන රස කතා කිහිපයක් අද ලියන්නට මා සිතුවා.

මා ගොඨාභය රාජපක්ෂ හඳුනාගත්තේ 2009 වසරේ යුද්ධයෙන් පසු බවත් ඒ මා කළමණාකාර අධ්‍යක්ෂව සිටි ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතයට අයිතිව තිබුනු ඇපලෝ රෝහලේ සභාපති දූරයට අප අධ්‍යක්ෂ මන්ඩලය විසින් ඔහුට ආරාධනා කිරීමෙන් පසුව බවත් මම මීට පෙර ලියා තිබෙනවා.

නමුත් මෙම ආරාධනය නිසා ඉන් මාස කිහිපයකට පසු ගෝඨාභය ලොකු අමාරුවක වැටේවියැයි අප සිහිනයෙකින් වත් සිතුවේ නැහැ.

ගොඨභය පසුකලක ලංකා හොස්පිටල්ස් ලෙසින් අප විසින් නම් කරනලද ඇපලෝ රොහලේ සභාපති ලෙස අපේ ඉල්ලීම පිට වැඩ බාර ගත්තේ 2009 අගෝස්තු මාසයේදීය. ගැටලුව මතුවුයේ ඉන් මාස කිහිපයකට පසු 2009 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණය කැඳවූ විටය.

මහින්ද රාජපක්ෂගේ විරුද්ධවාදීන් 2015 දී මෙන්ම 2010 දීත් රාජප්ක්ෂ පවුලට විරුද්ධව කට කතා පැතිරවීම ඉතා සාර්ථකව කලෝය. ඉන් එක් කට කතාවක් වූයේ ගොඨාභය රාජපක්ෂ ඇපලෝ රොහල මිළදී ගෙන ඇති බවය.

අපේ ඉල්ලීම පිට ඇපලෝ සභාපතිකම බාරගත් ගොඨාභයට සිදුවී තිබුනේ වඳින්නට ගිය දේවාලය ඉහේ කඩාවැටීමකි. දෙශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වී සිටි ඔහුට නිකරුනේ මඩ ප්‍රහාරයන්ට ලක්වන්නට සිදුවිය. මේ හිරිහැරයෙන් ඔහු ගලවා ගන්නට ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක ලෙස පුවත් පත් හා රූපවාහිනී නාලිකා ගනනාවකට සම්මුඛ සාකච්ඡා දෙමින් ඇපලෝ රොහල අයිති ගෝඨාභයට නොව ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතනට බව පැහැදිලි කරන්නට මට එදා සිදුවිය. යමක් කරුණු නොවිමසා කට කථා විශ්වාස කරන බොහෝ දෙනෙක් මා කී දෙය විශ්වාස නොකරන්නට ඇත. අද ලංකා හොස්පිටල් පාලනය කරන්නේ සම්පූර්ණයෙන්ම යහපාලන රජයෙන් පත්කල අධ්‍යක්ෂ මන්ඩලයකින් නිසා අදවත් ඔවුන්ට සත්‍යය තේරෙනවා ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

මීට කිට්ටුවෙන්ම යන තවත් අපූරු කතාවක් මට පසුකලක දැනගන්නට ලැබුනි. ආරක්ෂක ලේකම් ගොඨාභයට කුරුණෑගල විශාල පොල් ඉඩමක් ඇතිබවට ආරංචියක් 2011 කාලයේ ඒ පලාතේ පැතිර ගොස් තිබුනි. වරක් ගෝඨාභයගේ කිට්ටු මිතුරෙකු වූ ජෙනරල් පාලිත ෆර්නෑන්ඩු මෙම පොල්වත්ත ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීය. ගෝඨාභය පළමු වරට මේ කතාව ඇසුවේ එදාය. ” බණ කතාකරනවද අයිසේ මට පොල්වත්තක් තියා ගෙයක්වත් තියෙනවද ? වහාම පොලීසිය ඇරල ඔය ගැන හොයල බලන්න” යැයි ගොඨාභය උපදෙස් දුන්නේය. ඉන් පසු සොයාගනු ලැබුනේ ඉළ ඇදෙන කතාවකි.

පොලීසිය සොයාගත්තේ මෙම කට කතාව පතුරවා තිබුනේ වත්තේ නියම හිමිකරු විසින්ම බවය. ” මහත්තයෝ මේ පලාතේ හරියට පොල් හොරු ඉන්නවා. ඒ නිසා මම කතාවක් පැතිරුවා මේ වත්ත ආරක්ෂක ලේකම්තුමා ගත්තා කියල . එදා ඉදන් විශ්වාස කරන්න වත්තට මුරකාරයෙක්වත් අවශ්‍ය නැහැ. මෙලෝ හොරෙක් වත්තේ පස් පාගන්නේ නැහැ ” කියා වත්තේ හිමිකරු පපොච්චාරණය කලෙය.

ගෝඨාභයගේ මිනී මෝරු කතාවද මීට නොදෙවෙනිය. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ නතරවී සිටියේ තුන්මුල්ලේ පිහිටි රජයේ නිල නිවාසයකය. මම මෙම නිවසට ඔහු හමුවීම සඳහා බොහෝ විට ගොස් ඇත්තෙමි. නිවසට ඇතුල්වන විටම බිත්තියට සවිකර තිබුනු සාමාන්‍ය තරමට වඩා විශාල මාළු ටැංකියක් විය. එහි සුරතල් මාළු දහ පහලොස් දෙනෙකු පිහිනමින් සිටි අතර මොරෙකුගේ හැඩැති අඩියක් පමන දිගැති මසුන් වර්ගයක්ද විය. නිවාසවල ඇති මාලු ටැංකි වල ඇති කරන මෙම සුරතල් මාළු වර්ගය මම තවත් බොහෝ නිවාස වල දැක ඇත. කවුරුන් හෝ විහිළුවට මේ ටැන්කියේ ඉන්නා කුඩා මාලුවන්ට මිනී මෝරු යැයි කී කතාව කොතරම් දුරදිග ගියාද කීවොත් ඔබ නොසිතනා අය පවා එය විශ්වාස කලෝය. මින් එක් අයෙකු වන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල අති විශිෂ්ඨ අන්තර්ජාතික මෙහෙයුමක් තුලින් 2009 අගෝස්තු මාසයේ අත් අඩංගුවට ගනු ලැබූ කොටි සංවිධානයේ ප්‍රභාකරන්ගෙන් පසු නායකත්වයට පත් කේ. පී.ය. මැලේසියාවේදී අත් අඩංගුවට ගනු ලැබු කේ. පී. ලංකාවට ගෙන එන විට ඔහුත් විශ්වාස කොට ඇත්තේ ගොඨාභය ඔහුව මිනී මෝරුන්ට කන්න දෙනු ඇතැයි කියාය. අද බටහිර රටවල් යුධ අපරාධ ගැන කොපමන බොරු චෝදනා නැගුවද ලංකාවේ බුද්ධි අංශ විසින් සිරභාරයට ගත් කිසිවෙකු මරා නොදැමූ බවට හොඳම උදාහරණය කේ පී ය. එහෙත් පසුකලක ගොඨාභයගේ මාළු ටැංකියේ සිටින අඩියකට වඩා දිග නැති සුරතල් මසුන් දුටු විට කේ පී ට සිතුනේ කුමක්දැයි අද ඔහුගෙන් ඇසුවොත් ඔහු සිනහ සෙමින් එයට උත්තර දෙනු නිසැකය.

ගෝඨාභයගේ සුදු වෑන් ගැන මගෙන් අසන සියලු දෙනාගෙන්ම මා අසන එක් ප්‍රශ්ණයක් ඇත. “සුදු වෑන් එකකින් ගොස් අතුරුදහන් වූ එක් අයෙකු හෝ ඔබ පෞද්ගලිකව දන්නවාද ?” අද වන තුරු එම ප්‍රශ්ණයට මට පිලිතුරක් ලැබී නැත. ඔවුන් සියලු දෙනාම අසන්නේ පත්තරවල එතකොට තියෙන්නේ බොරුද කියාය. ගෝඨාභයගේ මිනී මෝරු සිටියෙත් පත්තරවල බව මම ඔවුන්ට මතක් කලද එයින් පලක් නොවන බවද මම දනිමි.

නිහතමානී එහෙත් ඍජු රාජ්‍ය නිලධාරියෙකු වූ ගොඨාභය ගැන මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිවාදීන් බොහෝ වැරදි මත ගොඩනගා ඇත. මා මෙහි මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිවාදීන් යැයි කීවේ ගොඨාභය දේශපාලඥයෙකු නොවන බැවිනි.ගොඨාභය හා බොදුබල සේනා , ගොඨාභය හා ෆොන්සේකා, ගොඨාභය හා දුර්ගා ටවුම, ගෝඨාභය හා අවන්ගාර්ඩ් වෙන වෙනම කතාකල යුතු මාතෘකාය. මේවාට පිළිතුරු දීමට යම්තාක් දුරකට මට දැනුමක් තිබුනද එය මට අයිති විශයක් නොවන නිසා ඒ ගැන කාලය නොගනිමි.එහෙත් චින්තකගේ නාඔටුන්නගේ ඉහත කී ඉල්ලීම යම් තරමක් දුරට හෝ මෙම මතක සටහන් වලින් ඉටුවූවායැයි බලාපොරොත්තු වෙමි.

– නාලක ගොඩහේවා

44 views

14 Comments to “ගෝටාගේ කුරුණෑගල මහා පොල් වත්ත.. මිනී මෝර මාලිගය ගැන සියල්ල හෙලිවේ..”

  1. gayan says:

    AMARICA IS BEHIND ALL THESE TACTICS.NOW OUR WHOLE COUNTRY IS UNDER AMARIKAN HAND.IN NEAR FUTURE GOVT. ‘LL FULLFILL AMARIKAN’S DREAMS IN SL

    • මෙන්න ඇමෙරිකානු බේගල් යාන්ත්‍රනය says:

      ඇමෙරිකානු අභිලාෂයන්ට විරුද්දව වැඩ කරන සියලුම ලෝක නායකයන් බලයෙන් පහ කිරීම සඳහා ඇමෙරිකාව විසින් එම නායකයන්ගේ චරිත ගාතනය කිරීමට, ඔවුන් පිලිබඳ ජනතා ප්‍රසාදය අහිමි කිරීමට බොරු ප්‍රචාර යාන්ත්‍රණයක් දියත් කර ඇත.

      සමාජ ජාලා බාවිතා කරමින් යු ටියුබ් බාවිතා කරමින් මෙය සිදුකරනු ලැබේ . ඔබට මෙහි සත්‍ය අසත්‍ය තාව දැනගැනීමට අවශ්‍ය නම් යු ටියුබ් එකටගොස් පුටින් ගේ මාලිගා කියා හෝ පුටින්ගේ දුෂණ කියා ඇතුලත් කර බලන්න ඇමෙරිකාවට හිසරදයක් වූ Putin ගැනද මහින්ද ගැන ගෝටා ගැන එදා අපේ මිනිසුන් කි බොරුම ඒ ආකාරයෙන්ම ප්‍රචාරය කරනු ලැබේ . අමෙරිකාව විසින් මෙහෙයවනු ලබන සමාජ ජාලා කරුවන්ට අනුව Putin හටද රුසියාව පුරා පුද්ගලික මාලිගා ඇත ඔහු යුරෝපයේ ධනවත්ම පුද්ගලයා වේ ,ඔහුට රත්තරන් කෙඳි තිබෙන අශ්වයන් ඇත ඔහුගේ නෑයන් ද කෝටි පතියන්ය ,පුටින්ට අයත් තෙල් කොම්පැනි ඇත ,
      ඔබත් පුටින් ගැන නෙට් එකේ ගවේෂණය කර බලන්න අමෙරිකානු කුමන්ත්‍රණය හඳුනා ගන්න .
      නමුත් මේ බොරු වලට රුසියාවේ දේශප්‍රේමී ජනතාවව හසුවූයේ නැත ඔවුන් ඇමෙරිකානු ආක්‍රමණිකයා හඳුනාගන්නට සමත්වූහ .නමුත් අපේ කාලකන්නි ගොන් සිංහලයා ඇමෙරිකානු කුමන්ත්‍රණයට සින්දු කියකියා හසුවුයේය .දැන් සිදුවී තිබෙන්නේ හඬන්නය. අද ඊයේ උපන් මෝඩ තරුණ තරුණියන් නම් කමක් නැත නමුත් රනිල් වැනි දේශද්‍රෝහී දේශපාලුවන්ගේ ක්‍රියාකාරකම් දන්නා මැදිවියේ අය පවා මේ කුමන්ත්‍රණයට හසුවූයේ තිබෙන මොඩ කමටම නොවේද ?
      පුටින්ගේ මාලිගා
      https://www.youtube.com/watch?v=WpTC9muRsG8
      පුටින් නරකාදී උතුරු කොරියානු නායකයාට දුන් සුදු අස්සයන්
      https://www.youtube.com/watch?v=Ao8wiY7xNeQ
      පුටින්ගේ මෝටර් රථය
      https://www.youtube.com/watch?v=H2ZtLxtOhKw
      පුටින්ගේ මැර ජීවිතය
      https://www.youtube.com/watch?v=X92X4LqfN7Y
      ලොච ධනවත්ම මිනිසා පුටින්
      https://www.thesun.co.uk/archives/news/239204/is-vladimir-putin-secretly-the-richest-man-in-the-world-russian-president-said-to-have-a-hidden
      පුටින් ගේ හොරකම්
      http://www.independent.co.uk/news/people/vladimir-putin-corruption-five-things-we-learned-about-the-russian-presidents-secret-wealth-a6834171.html
      මා මෙහි දී ඇත්තේ පුටින් ගැන ඇමෙරිකානු ඉත්තන් නෙට් එකේ දමා තිබෙන දහස් ගණන් ලින්ක් වලින් පහ හයක් පමණි ඔබම අනෙක් ඒවා සොයා රස විඳින්න .මහින්ද හා ගෝටා ගැන ද බොරු ප්‍රචාරය කලේ අපේ රටේ අමෙරිකානු ඉත්තන්ය මේ ටෝන් පච විශ්වාස කර රට නැවත ආක්‍රමණිකයාට පුජා කරන්න අපේ සිංහලයන් දායක වුහ .උන්ට හෙන නොගසයිද ?

      • rupe says:

        Good work. Thanks for your time.

        • neela says:

          බලාගෙව හිටපන්….සරත් ෆොන්සේකාට දෙමළ ඩයස්ෆෝරාව එළපු දැළ ගෝෆාභයටත් එළලයි තියෙන්නෙ..එදා 2009 යුද්දෙ ඉවර කරල රටේ නිදහස බහුතර ජනතාවට උරැමකරළ දෙන එක වළක්වන දෙමළ ඩයස්ෆෝරාව පාවිච්චි කළේ සරත් ෆොන්සේකාවයි. යුධ අධිකරණ කියමින් සරත් ෆොන්සේකාව කූඩුවට දාන්න මහින්දට නීති උපදෙස් දුන්නේ සාලිය පීරිස්, රොමේශ් ද සිල්වා, වැලිඅමුණ කියන දෙමළ ඩයස්ෆෝරාවෙන් සල්ලි ගන්න නීතීඥවරැ. එදා සරත් ෆොන්සේකා වෙනුවෙන් මහින්දටයි….ගෝඨාභයටයි විරැද්ධව අභියාදනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාඨිකරණයේ පෙනී හිටියෙත් මේ සාලිය පීරිස්, රොමේශ් ද සිල්වා කියලා අද හුගක් අයට මතක නෑ.
          අද සරත් ෆොන්සේකා දෙමළ ඩයස්ෆෝරාවත් එක්ක එකතු වෙලා ගෝඨාභයව හිරේ දානකොට ගෝඨාභව වෙනුවෙන් මූලික විරෝධතා ගන්නෙත් , රොමේශ් ද සිල්වා මයි. දෙමළ ඩයස්ෆෝරායව එදා සරත් ෆොන්සේකාට නීති උපදෙස් දුන්නා…අද ගෝඨාභයට දෙමළ ඩයස්ෆෝරායව නීති උපදෙස් දෙනවා. අපේ වීරයන්ට හිරගෙදර පෙන්නුවහම ඕන දෙයක් කර ගන්න පුළුවන් කියල බටහිර රටවල් හොදට දන්නවා..අනේ කාලේ වනේ වාසේ….

    • Gagana says:

      Aaaa. ethakota siyambala aththema naha neda Naalaka……. Ane nikan gon Jokes danne nathiwa hitapan ban……………Mamanam hithanne Nalaka kiyana eka lankawe hitiya ekek nemei kiyalai……….. nathnam ban Sudu van walin issuwe naha wage katha karanne Utath Dumindage Amathaka weeme lede hadilada koheda?

      • Dushmanthi says:

        Gagana වගේ අමෙරිකන් කාරයන්ගේ වහල්ලු ගැන තමයි නාලක ගොඩහේවා මේ ලිපිය ලියලා තියෙන්නේ .. ඇත්තටම සුදු වන වලින් අරන් ගියේ ඔයාගේ කවුද ? අපිටත් කියන්න කෝ හිටන්

  2. Dickie Bird says:

    CIA, Mossad, Raw & LTTE were behind Rajiv Gandhi’s muder.
    Now America & India behind SL Governance.

    Api Balu Kukko wela.

  3. Sirisena Gamlath says:

    Apparently, Nalaka Godahewa is responsible for the downfall of Hon. Gotabaya and is confessing to the downfall Hon. Gotabaya Rajapaksha.

    • Boo says:

      You are proving yourself to be one of those idiots who believe everything the american media and their local agents tell the world. You are the type of people Nalaka was trying to expose as “myth” believers.

      Nalaka is responsible for Gotabhaya’s downfall (I didn’t see any downfall of Gothabaya anyway), and Gotabaya’s coconut estate and Gotabaya’s sharks are all similar creations for the consumption of “fools”.

      I noticed you saying “Apparently”, ha, ha, ha ..that tells the whole story of those “myth” believers ! That’s exactly how those gossips go around…”Apparently” !

  4. Saradaa De Silva says:

    K.P GONA, Api Otuwoo!

  5. Champa says:

    Awesome! Thank you, Dr. Godahewa. මේවා ගැන ඇත්ත කතාව මිනිස්සුන්ට කියන එක කොච්චර හොඳද? පොල් වත්තේ කතාව මම නම් ඇහුවමයි. හරියට හිනා යනවා. ඕකම තමයි වෙන්නේ එතුමා ඊළඟ ජනාධිපතිවරණෙට ඉදිරිපත් වුනාමත්. (See, I am super confident, now. No more, ‘ifs’.) එතුමාට විරුද්ධව කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ.

    Quote: “ඔහු වෙනුවෙන් උසාවියේ “ස්වේච්ඡාවෙන්” පෙනී සිටි “100 කට වැඩි නීතිඥ පිරිසම” නඩුවේ අසාධාරණත්වය ගැන ඇති හොඳම සාක්ෂියයි”. Unquote: That’s a world record, as far as I know.

    When life puts people in tough situations, everybody asks “why me”. But Gotabhaya said “try me”.

    Both Mahinda and Gotabhaya are Epitomes of Strength! Our respect for them is unlimited.

    Quote: “We live on a Blue Planet that circles around a ball of fire next to a Moon that moves the Sea ! And you don’t believe in miracles, people?” Unquote: (Author unknown).

    • rupe says:

      Nice. “Both Mahinda and Gotabhaya are Epitomes of Strength! Our respect for them is unlimited” Great.

  6. suji says:

    නාලක ගොඩහේවා මහතාට අපගේ ප්‍රනාමය. තව මේ වගේ මඩ ඉදිරියටත් මේ අය දිගටම ගහයි. නමුත් දැන්නම් මේ බොරු වලට රැවටෙන්නේ කැපුවත් කොල කාන්ඩෙ විතරයි

  7. jil says:

    Darga town case eka RAJITHA saha Uge gon putha nirmanaya kara pawathwa gena giya mara wedak

Main News