ගෝටාගේ නීතිඥයා ඇමරිකා උසාවියට බොරු කීවාද..
September 5, 2019 at 3:00 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාට ඇමරිකාවේ කැලිෆෝනියා උසාවියේදී පවරා ඇති නඩුවකට පෙනී සිටිමින් ඔහුගේ නීතීඥයා විසින් අසත්‍ය කිසිවක් ප්‍රකාශ කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
පිවිතුරු හෙල උරුමය පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
ආණ්ඩුවේ පචමෝලේ පත්තරයක ගෝඨාභයගේ නීතිඥයා ජනාධිපතිවරණය දෙසැම්බර් හත්වන දින පැවැත්වෙන බව කැලිෆෝනියාවේ උසාවියකට ප්‍රකාශ කර ඇති බව සඳහන් කරමින් ජනාධිපතිවරණයට දින නියම කරන්න ඔහු කවුදැයි ප්‍රශ්න කර තිබුණා. මේක ඇත්ත විකෘති කිරීමක්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය දෙසැම්බර් 9 දිනට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ජනාධිපතිවරණය පවත්වන්නේ සෙනසුරාදා දිනක යැයි මැතිවරණ කොමිසම ප්‍රතිපත්තිමය තීන්දුවක ඉන්නවා.
ඒ අනුව දෙසැම්බර් 9 පෙර තිබෙන අවසන් සෙනසුරාදාව වන්නේ දෙසැම්බර් 7යි. ඒ අනුව දෙසැම්බර් 7ට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි ගෝඨාභය මැතිතුමාගේ නීතිඥයින් කැලිෆෝනියාවේ අධිකරණයට දන්වා තිබෙන්නේ.
එය ජනාධිපතිවරණයට දින නියම කිරීමක් නොව රටේ නීතිය නිසි ලෙස අවබෝධ කර ගැනීමක්.
– අරවින්ද අතුකෝරල