ගෝටාගේ පාස්පෝට් ගැන වහා විමර්ෂණ.. කොළඹ අපරාධ කොට්ඨාශයෙන් පරීක්‍ෂණ ඇරඹේ..

August 16, 2019 at 10:40 am | lanka C news
ගෝටාගේ පාස්පෝට් ගැන වහා විමර්ෂණ.. කොළඹ අපරාධ කොට්ඨාශයෙන් පරීක්‍ෂණ ඇරඹේ..

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධිය ගැන ලැබුණු පැමිණිලි දෙකක් විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට යොමු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

එම පැමිණිලි දෙක විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති අතර පසුව එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇතැයි පොලිසිය කියයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය පුරවැසියකු ලෙස සිටිමින් අලුත් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන එමගින් අලුත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධියක් විමර්ශනය කරන ලෙස එම පැමිණිලිවලින් ඉල්ලා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

පැමිණිල්ලක් ලද විට විමර්ශනය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවත්, ඒ අනුව මෙම පැමිණිලි විමර්ශනය සඳහා යොමු කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

– lankadeepa

44,826 Viewers

18 Comments to “ගෝටාගේ පාස්පෝට් ගැන වහා විමර්ෂණ.. කොළඹ අපරාධ කොට්ඨාශයෙන් පරීක්‍ෂණ ඇරඹේ..”

  1. prabath says:

    Ethakota Rishd ,Hisbulla, Haleem ta dapu pamini walata mokada une.Samannaya janathawa gonnu kiyal da hitan inne…

  2. රන්බණ්ඩා says:

    අසියාවේ ක්ලීනර්ගෙ සට්ඨැඹියො දස අතේ දඟලනවා කොහොමින් හරි මේ මනුස්සයාව නවත්තාගන්න.
    මේ වතාවෙදි නං ඔය එකෙකුටවත් ගෝඨාභයගෙ මයිලකටවත් අත තියාගන්න පුළුවන් වෙන්නේ නැහැ බොලව්.
    රට කාබාසිනියා කළවුන් හැඳිගෑවෙනවා ඒකාන්තයි.

  3. lakpriya says:

    පොලිසියේ කාර්යක්ෂම තාවය කෙසේද කිව්වොත් සහරන් ගැනවත් මෙතරම් උනන්දුවක් නැහැ

  4. Amarabandu says:

    Ape Shiranthi madamta jayawewa

  5. Dp says:

    බදුර්දීන් නිදොස් කරන්න වහ වහා ක්‍රියාත්මක වූ පොලිසිය ගොටාටත් එහෙමම කරයිද .
    ගෝටාට තිබ්බේ ද්විත්ව පුරවැසිභාවය කියලයි අපි දන්නේ . රනියගේ පදේට නීතිය නවන්න ගිහින් සින්ගප්පුර් වල මෙහෙන්ද්‍රන් ගේ වලo හෝදන ජොබ් එකක් හොයන්න වෙයි

    • Rata Wenuwen says:

      භය ! භය ! භය! ගෝඨාභය, පුදුම භයක්නේ මුන්ට තියෙන්නෙ, උඹලාගේ පුකවල් තක්කු මූක්කු වන්න ලඟදීම ලැබෙයි, දැනට ගූයි හුජ්ජයි දෙකම රෙද්ද අස්සෙන් බේරෙනවා, කොන්ද නැති එකා පොල් පිත්තක් දවටාගෙන අරක උස්ස උස්සා බොරුවට බෙරිහන් දෙනවා, කල මගුලක් නැහැනේ බන්, ඇත්තටම සතුටුවෙයන් බාල්ලා

  6. Mssilva says:

    There is no doubt on removal of dual citizenship. I have seen the original papers.
    I appreciate and good move to have a re-examination to clear doubts. This will strengthen Gotabaya.
    Maithree should support Gota and it’s the only escape for Maithree to stay peacefully when Gotabaya is the president. He cannot escape from the wrongdoings and bringing country to a pathetic situation. Maithree popularity is now 3% in the country as he has become a untrustworthy person.

    • country man says:

      Mssilva, Thanks for talking straight. Gotas American nationality problem should be left for the election commissioner. Every Dick,Tom and Harry should not worry as some of the commentators talk a lot of rubbish. According to the Sri Lankan Rules and regulations any person with dual citizen ships are allowed to obtain a Sri Lankan passport and an I.D.card. The rest I fully agree with you.

    • raterala says:

      Yes,you are absolutely correct,

  7. වීරෝධාර says:

    මේ වෙලාවෙ අළුත් හැදුනුම්පත් හදාගෙන පාස්පෝට් හදා ගනීවිද උකුණු හිසක මොලේ කලදක් තියෙන මිනිහෙක්.?

    • සුබේ says:

      ඒ තරම් මොළයක් තිබුනනම් අනිවාර්ය හිරේ යන ඔප්පු වුනු නඩු කට උඩ තියාගෙන මෙයා මේක බාරගනීද? මහින්ද ගහපු ගැටේට ගොඨා අහුවුනා.අන්‍යාගමික සිරන්ති දාන්න ගෝඨා බිල්ලට දුන්නා.

    • ද්විතව පුරවැසි භාවයට අයදුම් කරන විට පැරනි හැදුනුම්පහ බාර දිය යුතුයි. ද්විත්වක්පුරවැසි භාවය ලැබිනු වහාම නව හැදුනුම් පත සදහා අයදුම් කල හැකියි.

  8. puncha says:

    Ane Gota durwalama apeshakayanam, Sajithta wedi chanda Laksha 06 k thiyenawanam mokatada mewa adagena nanne. Mun dannawa Gota dinananwa kiyala. UNP/JVP, unta kade yana NGO kukkanta dan bada yanawa.

    Eka nisa thamai monawa hari hoyanne ena eka walakwanna. Min wenne Gota thawa thawath Janapriya wela UNP unuth me wage goo bayagullanta chande nodi Inna eka. Gotata baya mun kohomada ratak palanaya karanne.

  9. ඤානෙ says:

    ද්විත්ව පුරවැසියෙකුට තමුන් පුරවැසිභාවය ලබා ඇති රටවල් දෙකෙන්ම ගමන්බලපත්‍ර දෙකක් ලබාගැනීමට නීතියෙන්ම ඉඩ ඇත. මඩ ගැසීමට පදනම් නැති බොරු චෝදනා දමන උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කලයුතුය පොලීසියේ කාලය නාස්ති කිරීමගැන.

  10. JOHN says:

    නව රජයෙන් මුන්ට අබසරණයි

  11. sathya says:

    Gota started by violating rules…………….