ගෝටාගේ පුරවැසි කම අහෝසි කිරීම ඇමරිකා දෙවැනි ලයිස්තුවේත් නෑ..

August 15, 2019 at 9:20 am | lanka C news
ගෝටාගේ පුරවැසි කම අහෝසි කිරීම ඇමරිකා දෙවැනි ලයිස්තුවේත් නෑ..

ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරන පුද්ගලයන්ගේ නම දැක්වෙන 2019 වසර දෙවැනි කාර්තුවට අදාල ඇමරිකා federalregister ලේඛනයේද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් නොවන බව අද ඩේලි නිව්ස් පුවත්පත අද වාර්තා කර ඇත.

එම තත්වය යටතේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැටළු සහගත තත්වයකට පැන නගින බවද වාර්තාවේ දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයකුගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඇමරිකානු පුරවැසිකම අහෝසි කිරීම සම්බන්ධ සියලු නීතිමය ලේඛන ගෝඨාභය රාජපක්ෂ මහතා අතට මේ වන විටත් ලැබී ඇති බවයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ලේඛණයේ නම් පළ කිරීම සිදු වන්නේ ඔවුන්ගේ ක‍්‍රමවේදයකට හා කාල සීමාවකට අනුව බවත් එය යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් ඔහු පැවසීය.

මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු විදේශ ගමන් බලපත්‍රය අහෝසි කර ඇති බවත් පුරවැසිකම ඉවත් කිරීමට අදාල සියළු ලේඛණ ලැබී ඇති බවත් ඔහු කියා සිටියේය.

ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අදාළව ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැති බව ද ඔහු සඳහන් කළේය.

මෙම ලේකණයේ දැක්වෙන්නේ ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට 2019 ජූනි 30 වැනි දින වන විට ලැබුණු ලේඛණ මත පදනම්ව වන අතර පුරවැසිකම අහෝසි කරනු ලබන්නේ ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා බවත් ඒ අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ පුරවැසිකම අහෝසි කිරීමේ ලේඛණය කොළඹ ඇමරිකා තානාපති කාර්යාලය විසින් දැනටමත් ලබා දී ඇති බවත් ඔහු පැවසීය.

ඇමරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තු ලේඛණය මෙතනින්

76 views

35 Comments to “ගෝටාගේ පුරවැසි කම අහෝසි කිරීම ඇමරිකා දෙවැනි ලයිස්තුවේත් නෑ..”

  1. Darmapaala says:

    Allapu Atthai Payagahapu Ekai Dekama Nathiwena Paatai …

  2. Jude says:

    Ok. Ask Gota to visit USA under Sri Lanka passport by applying USA visa. That’s it. Then everyone can know he needs VISA to enter USA. No need this and that list….

  3. Jagath says:

    Technically Gotas renunciation will be in the third quarter report which will be published in october.This is a game by Mahinda n Maithree to mislead public. Mythree will call for nominations before 3oth September means Gota will not have the document in hand. Then MR will suggest to support Mythree or some other candidate.

  4. Amarabandu says:

    Ape shiranthi rajapaksha mathiniyata jaya wewa.

    • අන්‍යාගමික නූගත් ගෑනු රජකරවන්න මේ රටේ බහුතර සිංහල බෞද්ධයින්ට පිස්සු නෑ.