ගෝටාගේ පුරවැසි නඩුව විභාගයේ.. අධිකරණය ඉදිරියේ සෙනග පිරේ.. කැරලි මර්ධන ඒකක.. ජල ප‍්‍රහාර රථ කැදවයි..

October 2, 2019 at 12:20 pm | lanka C news
ගෝටාගේ පුරවැසි නඩුව විභාගයේ.. අධිකරණය ඉදිරියේ සෙනග පිරේ.. කැරලි මර්ධන ඒකක.. ජල ප‍්‍රහාර රථ කැදවයි..

කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රය ආසන්නයේ මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් කර ඇත.

පොලිස් කැරලි මර්දන ඒකක, අධිපීඩන ජල ප්‍රහාරය රථද එහි ස්ථානගත කර තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අත්හිටුවන ලෙස ගොනු කරන ලද පෙත්සමක් අද දිනයේ විභාගයට ගෙන ඇත.

පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විශාල පිරිසක් මේ වනවිට අලුත්කඩේ අධිකරණ භූමියේ ඉදිරියේ රැඳී සිටිති.

36 views

27 Comments to “ගෝටාගේ පුරවැසි නඩුව විභාගයේ.. අධිකරණය ඉදිරියේ සෙනග පිරේ.. කැරලි මර්ධන ඒකක.. ජල ප‍්‍රහාර රථ කැදවයි..”

  1. praba says:

    බලං හිටපල්ල වාරණ නියෝග දෙනකං. තොපිට අවශ්‍ය වෙන්නේ රටේ අන්තවාදීන් බිහි කරල රට විකුණන්නද. ටිකක් වෙලා යයි. මේ රට විනාශ කරන් කිසිවෙකුට ඉඩ ලැබෙන්නෑ. ඒවට සොබා දහම පිහිට වෙයි. සත්‍යෙය් දෙවඟන තරාදිය නිසි පරිදි කිලා පෙන්නාවි. ඔය වියංගොඩ කලේ වෙන අයගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම මුදල් වලට . බලං හිටපල්ලා උඹල දෙන්නට මිනිස්සු කරන දේ. ගෝටාබය මිනිී මරනව බලං හිටපු එවුන්ටත් ඉදිරියේ දි දඩුවම් ලැබෙයි. බලු හැත්ත

  2. සරුවා සුනිල් චොකා මල්ලි ලන්සා දුමී සිල්වා says:

    ගෝටා ට ජය

  3. යකෝ NGO ඩොලරයට පාරම්පරික පුරවැසිකම් නැති වෙන්නේ නැහැ. says:

    යකෝ NGO ඩොලරයට පාරම්පරික පුරවැසිකම් නැති වෙන්නේ නැහැ. ඝෝටා ගේ මුත්තා මීමුත්ත කිත්තා කිරි කිත්තා ලංකාවේ පුරවැසියෝ. ඒ අයිතියට නිගරු කරන්න හදන සල්ලි කොහෙන්ද ආවේ කියාපිය වියන්ගොඩ රට කන්නෝ?

Main News