ගෝටාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.. ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව දිනපතා අහයි.. ජනාධිපතිවරණය ප‍්‍රචාරක කටයුතු අහිමි වේ..

September 11, 2019 at 3:00 pm | lanka C news
ගෝටාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.. ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව දිනපතා අහයි..  ජනාධිපතිවරණය ප‍්‍රචාරක කටයුතු අහිමි වේ..

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සදහා පසුගිය රාජයේ ආරක්‍ෂක ලේකම්ව සිටිමින් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි ගොනු කර ඇති නඩුව ප‍්‍රතික්‍ෂෙප කරන්නැයි ඉල්ලමින් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කරන ලද පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් එම පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂෙප කිරීමට කිරීමට තීන්දු කරන ලදී.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නඩුව ඔක්තොම්බර් 15 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට දින නියම කර ඇත.

ඒ අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක අවස්ථාවන්ට සහභාගී වීම සැලකිය යුතු කාලයක් අහිමි වනු ඇත.

92 views

39 Comments to “ගෝටාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.. ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව දිනපතා අහයි.. ජනාධිපතිවරණය ප‍්‍රචාරක කටයුතු අහිමි වේ..”

  1. Kali says:

    මේ උනන්දුව අර බැඳුම්කර මගෝඩියෝ ටිකටත් පෙන්නුවනන් තමයි සුදුසු. අන්න එතකොට අදිකරණය ස්වාදිනයි කියලා චුකරලා නිදාගන්න යන්න පුළුවන්.

    • john the baptice says:

      උබට කොහොමත් ඕක තමා අන්තිමට කරන්න වෙන්නෙ.

  2. Raja says:

    Kala-de Pala-de.

  3. Kumaara Siriwardhana says:

    මේක එච්චරම ලොකු කේස් එකක් නෙවේ. ඕකෙන් දඩුවමක් නියම උනත් ලේසියෙන්ම අභියාචනයක් දාන්න පුලුවන්. හැමදාම පෙනී ඉන්න ඕනා කියලා කිව්වට දවස් කීපයක් කට් කරන්න පුලුවන්. රෑ 6ට විතර මීටින් දාගත්තම ගොඩක් හොදා. මොකද අව්ව එහෙමත් නෑ නේ. මිනිස්සුන්ට සැපේ අහගෙන ඉන්න පුලුවන්. හොදට නාලා , ශොට් එකක් එහෙම දාලා හොද යාපනේ සුරුට්ටුවක් ඇදලා සැපේ ඇවිත් රැස්වීම බලලා යන්න පුලුවන්. රැස්වීම 3ට විතර පටන් ගන්නවා. මහින්ද ලොක්කා ඇවිත් සැල් එක දාලා මුලින්ම පිකප් එක දෙනවා. ඊට පස්සේ වීරවංස ලොක්කා බඩ පුරා ආතල් දෙනවා. ජොනියා, අලුත්ගමයා එහෙම දාලා තව ටිකක් චූන් කරලා සැප දෙනකොටම ගෝඨා හයට හතට සීන් එකට එන්ටර් වෙලා රැස්වීම ඉවර කරනවා. ඔච්චරයි.

  4. Kadiya says:

    මේක පුර්වාදර්ශයට අරගෙන ලංගම බස් රථයක හෝ දුම්රියේ ටිකට් නැතිව ගමන් කර අසුවූවෙකුට එරෙහි චෝදනාත් ඔය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු විභාග කලහැකියි. සලකා බැලිය යුත්තේ ඔහු ආණ්ඩුවට එරෙහි අයකුද යන්න පමණයි.

    • වරදට දඬුවම නියතයි says:

      නිසි වේලාවට කවරකු හෝ අපේක්ෂකයකු ඉදිරිපත්කර ජනාධිපතිවරණය දිනනවා. ඉන්පසු දුෂ්ඨ බලවේග සියල්ලම පරාජය කරනවා.

  5. D.Nimal says:

    Gotabya Rajapakese is most popular candidature of next Presidential election of incoming 2020.
    Undoubtedly he representatives of most who love of that Sovereignty and Democracy of Island nation.
    In fact not only that majority people of all walkers of life of social classes are willing see his next President of Republic of Sri Lanka. That is the wish and WILL of majority citizens of Islanders. We were lagging behind last 4 years and six months development and democracy by current regime since 15/1/8? Ours urgently that looking forward to be see that restoration of Development lost in last years.
    An Economic sovereignty and political Independence is a TASK an urgent agenda for that Nation moving ahead of People of Lanka.
    That is why we would like to overthrown that current regime has rule and ruin by citizens by wish of ballots.
    Exercise of People -power by ballots not that by LTTE, JVP and Islam point of guns.

  6. මාතර සුනිල් says:

    1977ආපු JR ගෙ ආණ්ඩුව මුළු රටටම රෙදි සපයන්න හැකියාව තිබුණු තුල්හිරිය, වේයන්ගොඩ, පූගොඩ ඇතුළු රටට සම්පතක් වුනු රෙදි කම්හල් ටික විනාශ කරල දැම්ම. කිරිබත්ගොඩ දාස එක නැති කරල දැම්ම. දැන් අපේ එවුන්ගේ විලි වහන්න චීනට, ඉන්දියාවට සල්ලි දෙනවා. ඔයිට හොදයි ඔය UNP කියන ගොන් නාම්බෝ ටික හෙළුවෙන් පිටපල්ලා. (හෙළුවෙන් හිටියට ප්‍රශ්නයක් නැහැ මුන්ගේ දකින්න මොකුත් නැහැ නේ )

  7. PULATHISI says:

    ප්‍රජාතන්ත්‍රවාදය නමැති කඩතුරාවට මුවාවී මේ දුෂ්ඨ පාලනය, රට දිවි පරදුවට තබා රට නිදහස්කරගත් ගෝඨාභය මහතාට එරෙහිව ගෙන යන දුර්දාන්ත ක්‍රියා දාමයට එරෙහිව මේ දුෂ්ඨ පාලකයන්ට මෙලොවදීම විපාක දෙනු නියතය.
    2. කෙසේ වෙතත් මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගීවීමට නොහැකි වුවත් ගෝඨාභය රාජපක්‍ෂ මහා ඉතා ඉහලින් ජයග්‍රහණය කරනු නියතය. එතුමා සහ මහින් ද රාජපක්‍ෂ මැතිඳු ප්‍රමුඛ සියලුම දෙනාටම ජයවේවායි සුභ පතමු.

  8. simion says:

    අර කලින් කේස් එක වගේම තමා…උන්නාන්සේලාගේ දරුවන්ට අමෙරිකාවේ, යුරෝපේ රටවල්වල අධ්‍යාපනේ කොරන්න,..රස්සාවල් ගන්න,…පුරුවැසිකම් ගන්න,…ඩොලර් මලු අතට,…අරවද, මේවද ඔක්කෝම…හිටං….

  9. Me3 says:

    යදමින් බැඳ විලංගු ලා – මගේ පුතා රැගෙන යන්න… ඉදිකටු ඇන ඇඟිලි තලා – දෙතිස්වදය පමුනුවන්න…. අළුත් ලොවක් ගැන සිතීම – දඩුවම් දෙන වරද නම්… කුමට එරට අධිකරනය – නීතිය හා විනිසුරන්

Main News