ගෝටාගේ මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයට විමල්ගේ විරෝධය..
September 29, 2019 at 6:24 am | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විරෝධය පල කරයි.
රඹුක්වැල්ල මහතා මෑතකදී මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඇමරිකාව විසින් යෝජනා කර ඇති ඇක්සා සහ මිලේනියම් සිටි ගිවිසුම් සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බවයි.
කෙසේ නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් වීරවංශ මහතා කියා සිටියේ එම ගිවිසුම් සළකා බැලීමට වත් සුදුසු නැති බවත් ඇතැම් පුද්ගලයන් එවන් ප්‍රකාශ කරන්නේ පිවිසුම් ගැන කිසිදු අවබෝධයක් නැතිව බවයි.
අදාළ ගිවිසුම් දෙකම මේ රටට ඉතා අහිතකර ඒවා යයි වීරවංශ මහතා පැවසීය.
සෝෆා හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් පිළිබඳ කෙහෙළියට විමල්ගෙන් පිළිතුරක්
සෝෆා හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් පිළිබඳ කෙහෙළියට විමල්ගෙන් පිළිතුරක්#lka #News1st
Gepostet von Newsfirst.lk am Samstag, 28. September 2019
The facility is intended to provide are providing fuel to operation of bunkers and navy vessels, allowing ports and airports in those countries, the sending of peacekeeping troops and joint military drills.
Sri Lanka signed this ACSA for the first time when Gotabhaya Rajapaksa was the Defense Secretary in 2007. At that time, the American Ambassador was Robert O Blake. No report has been published on the signing of the agreement and that it has been secretive.
It is problematic to sign such a document by a secretary without even presenting to the Parliament.
During the time of the former President Mahinda’s rule, the American military had entered into the country’s American airspace during their drills in the Indian ocean and however, the then government avoided issuing a statement.
බොරැ කියන්න එපා …. ගෝඨා වගේ දේශප්‍රේමියෙක් කවදාවත් ACSA වගේ රට පාවා දෙන ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ.
අපේ රටට අහිතකර කිසිම ගිවිසුමකට අත්සන් කිරීමට දේශපාලකයින්ට අයිතියක් නැත ..ඔවුන් ප්‍රථමයෙන් රටජාතියේ ආරක්ෂාවට ප්‍රමුකත්වය දිය යුතුයි
ඔවුන් පැමිණෙන්නේ රට පාලනය කිරීමට මිස විදේශිකයින්ට අපේ රට විකිනීමට නොවේ ..ඒ නිසා සෑම දෙනෙක්ම එබව තේරුම් ගතයුතුයි අපේ මව් බිමට කිසිදු ආකාරයේ අනතුරක් නොකළයුතුයි..ගරු ගෝඨාභය වගේ දේශප්‍රේමියෙක් කවදාවත් ACSA වගේ රට පාවා දෙන ගිවිසුමක් අත්සන් කරයි කියා සිතීම දුෂ්කරයි නමුත් දේශපාලකයින්ව සමහර විට මෙවැනි දේවල් කිරීමට පොලබවා ගැනීමට විදේශිකයින් දක්ෂයි ,,වගකීමෙන් කටයුතු කිරීම කලයුතුයි රටේ ජනතාවගේ බලාපොරොත්තු කඩ නොකළ යුතුයි මෙය මන්ත්‍රී කෙහෙළියගේ අදහසක් විය හැකියි
ගරු විමල් ගේ ප්‍රකාශය අපි අගය කරමු ..
Yes you correct Gota will do one thing ….. Will sold out to USA
මේ video එකේ විමල් පිටිපස්සෙන් ඉන්න USAID ටීෂර්ට් එක ඇඳගත්තු එකා කව්ද? විමල් පිටිපස්සේත් දැං USAID එකේ $ තියනවාද
මේ ජනාධිපතිවරණ පොරොන්දු කපුටාගේ කටේ ඇති කේජු කෑල්ල ඩැහැගන්න නරියා කල වර්ණනාව මෙන් චන්ද දායකයාගේ චන්දය ඩැහැගන්න කපටි නරි රංචු කීපයක් ගොතන පොරොන්දු මාලාවක් පමණි.
දේශප්‍රේමි බුද්ධිමත් ජනතාව තමන්ගේ කොන්දේසි වලට මේ අපේක්ෂකයන්ව යටත් කර රටට ජයග්‍රහණය උදා කර ගත යුතුය.මෙහිදී මේ ජනාධිපතිවරණය..
1.රටෙ මූලිකම අර්බුදය වන ණය ප්රශ්නය – විදේශ ණය ගෙවීම (අවුරැද්දක කාලයකටවත්) වහාම නවතා දමා ණය නැවත ගැනීම අවම කර ණය ගත්තේ කවුද,කුමකටද,ඉන් නාස්තියට හා වංචාවට ලක් වූ කොටස කොපමණද,වංචා කල අයගෙන් අය කර ගැනීම,නැවත restructure කර පහසු ක්‍රමයකට ගෙවීමට ඇති හැකියාය පිලිබඳ ණය විගණනයකට යෑම
2.ජනතාවට හොරෙන් අත්සන් කල ACSAද ඉදිරියේදි අත්සන් කිරිමට යෝජිත SOFA,MCC අත්සන් නොකරන බවට සහතිකයද
3. මාස කීපයක් තුල පුළුල් ජනතා සහභාගිත්වයකින් නව ව්‍යවස්තාවක් සෑදීම සදහාද…
ජනමතවිචාරණයක් බවටද පත් කර ගැනීමට යොදාගත යුතුය.
yOU ARE CORRECT
I agree with you. Gota signed tactically ACSA ( it was not harmful as 2017 ) at that time in order to fight against LTTE. But US did not want to interfere at that time because of LTTE also their catspaw.
කිසිම විදේස හමුදාවකට ලංකාවෙ බින්න බහින්න ඉඩ දිය යුතු නැහැ. ඒවගේම ලංකාවෙ කෑලි විදේස රට වලට ලියල දෙන්න දේසපාලකයන්ට අයිතියක් නැහැ.
ඔබ හරි. හමුදා මූලස්ථාන ඉඩම සින්නක්කර චීනෙට විකුණපු ගෝඨා ප්රමුඛ ඊනියා දේශප්‍රෙමී නඩයට රට දියුයුතු නැහැ.
Well said, Wimal. I too agree with you.
කමක් නැහැ චන්දෙ ඉවරවෙනකන් අපිට පේන්න ඔහොම වාද කර කර ඉන්න. අපේක්ශකයත් ඇමරිකන් එකේ ඇමරිකන් ගිවිසුමුත් පස්සෙ අත්සන්කරයි . සමහර ගිවිසුම් ඉස්සරලම අත්සන් කරල තියෙන්නෙත් මේ ඇමරිකන් අපේක්ශකයනෙ.මේ ආන්ඩුවට ඉතුරු උනේ ඒවා දික් කරන එක විතරයි.
ACSA අත්සන් කල ආරක්ෂක ලේකම්ව ජනාධිපති බවට පත්කර SOFA හා Millennium Challenge Corporation
ගිවිසුම් අත්සන් කිරීමට ඇමරිකාව දරණ උත්සහාය වලකමු.
Hama deyakma nirawul karagena giyoth hodai.boru chanda porondu depalanaya Awsan karanna.wimal Great.obata Jaya!
Thank you Hon. Wimal , We agree with you …We appreciate your great concern about our motherland
wimal thama bhumikawa ista karanawa. keheliya thama wagakeema itukaranawa. api me deka patalawaganta avashya nae.
බයිබලයේ අත තියලා දිව්රුම් දීපු ඇමරිකන් කාරයෙක් කවදාවත් ඇමරිකාවට පිටුපාන්නේ නෑ ගෝඨාභය වගේ පොෂ් පොරකට මේ විමල් , ගම්මන්පිල වගේ මිනිස්සුන්ව ගැළපෙන්නේ නෑ , අර ගොඩේ සජිත් වගේද අපේ යැන්කි ගෝඨා ❤ ඇමරිකාව ගෑවිලා හරි තියෙනවා නම් මගේ ඡන්දේ ලැබෙනවා මොකද USA තමයි මේ ලෝකේ තියෙන උතුම්ම රට , USA වල පදිංචි වෙලා හිටපු නිසා Mr ගෝඨා මට රත්තරන් වටිනවා ❤❤❤
Make Sri Lanka Great Again 💪
@Republican
ඔබ ඇමරිකාවේ පදිංචි වෙලා හිටියට අපේ සිංහල මව් බිම American colony යක් කිරීමට අනුබල දීම නිවට මෝඩ කමක් ..ඇත්තෙන්ම උබලා වැනි පාවාදෙන්නෝ අපේ රටින් පිටවී සිටීම රටේ වාසනාවක් ..ගොනෙක් උනාට ඒ බව පෙන්වීමට තප්පුලන්න එපා
මහින්දලට දර දිය ඇදපු විමල්ලව පැත්තකට හේත්තූ කරලා තියෙන්නේ , දැන් පොර ටෝක් මාධ්‍ය සාකච්ඡා දෙන්නේ කෙහෙළියලා , ඩලස් ලා ! මෑතකදී සහරාන්ලා ගොඨගේ පේ-රෝල් එකේ හිටියා කියලත් පිලිගත්තේ ඔය කෙහෙළිය , සෝෆා , මිලේනියම් ගිවිසුම් නිරීක්ෂණය කරලා එහි ගුනාගුන අනුව තමන්ගේ රජයකදී එයට සහයෝගය දෙනවා කියන්නෙත් කෙහෙළියලා , විමල්ලට තේරුනත් නොතේරෙන ගානට හිටියට ,ගෝඨාභය යනු ඇමෙරිකාණු පුරවැසියෙක් ! ඇමෙරිකාවට තම පුරවැසියෙක් ලෙහෙසියෙන්ම තමන්ට ඔනේ විදියට නම්ම ගන්න පුළුවන් . සිය පවුලම ඇමේරිකාණු රාජ්‍යයේ පුරවැසියන් වෙච්චි පුද්ගලයෙකුට විමල් වගේ ඇමෙරිකානු විරෝධියෙක් පහන ඇල්ලීම කෙතරම් විහිළුවක්ද ?
අනික විමල්ලට අමතක වෙලා ගොඨාභය මහතයි , එවකට ලංකාවේ ඇමෙරිකාණු තානාපති රොබර්ට් ‘ඕ බ්ලේක් මහතායි අත්සන් කරපු ඇක්සා ගිවිසුම ! දැන් බයියෝ කියයි , ඒක දේශප්‍රේමී ඇමෙරිකානු ගිවිසුමක් කියලා.
ඇයි සිංහලුනේ මෙහෙම කුලල් කා ගන්නේ. මේ විදිහට වාද විවාද වල පැටලෙන්න ගියහම අපේ සිංහල ජාතියේ, බෞද්ධ සාසනයේ අවසානයනේ. රට ජාතිය බේරාගන්න තියෙන අන්තිම අවස්ථාවනේ.
මොකක් වෙලාද බං ජාතියට? ජාතියට හෙනගහල නැහැ . මේක අන්තිම අවස්තාව කියන එකේ තේරුම මොකක්ද? නිකන් බොරු ගොං පාර්ට් දාන්නෙ නැතිව ඉදපං බූරුවෙක් වගේ
මේක ජාතියේ අන්තිම අවස්තාව නොවේ…මැදමුලනේ Last Chance එක.
මහා බයියා එදා ගෙදර ජනෙල් පොල්ලේ එල්ලෙනකොටම මං කිව්වා රාජපක්ෂලා ආයිත් මේ මහ පොලොවේ රජ කරන්නේ නෑ , මං අදත් ඒකම කියනවා , වගකීමෙන් කියන්නේ ගෝඨා + භය දිනන්නේ නෑ , බයි පැටවුන්ට හාර්ට් ඇටෑක් හැදෙන සර්ප්‍රයිස් එකක් ලැබෙනවා 16 රෑට 😂
වාචාලකමට වඩා යමක් නැහැ. ආර්ථික ඝාතකයන් ගැන බැඟිරිගැව කාලයත් ජනතාවට මතකයි.
දෙන්න දෙන්නගෙ භුමිකා බෙදාගෙන නියමෙට කරනවා.මැට්ටො නියමෙට ඇන්දෙනවා
එතකොට මිලින්ද රාජපක්ෂ මොකාද. පොරත් සෑහෙන්න උඩ පනිනව යාළුවොත් එක්ක
කෙහෙළිය කියන මන්දබුධිකයා ඒ වෙලාවට ශේප් වෙන්න කියන කථා පොහොට්ටුවට කරන්නේ හානියක්. කලින් ගෝඨාභය මැතිතුමාගේ හිටපු ඉතා දක්ෂ මාධ්‍ය ප්‍රකාශකයා හා සංසන්දනය කරනකොට කෙහෙළියගේ ගොන්කම වඩා හොඳට පේනවා.
ඇමෙරිකන් පුරවැසිකම ගන්න සිද්ධ වුනේ ගෝඨාභයට පමණක් නොවේ. ප්‍රේමදාස ජනාධිපතිවෙලා ප්රභාකරන් සමඟ ඩීල් දාල උඋට් එක්ක ජෝගි දානවෙලාවේ මේ රටට ආදරේ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, උගතුන් කොතරම් දෙනෙක් රට අතහැරලා ගියාද කලකිරීම නිසා. මෝඩ දේශද්‍රෝහී ප්‍රේමදාස විශ්වාස කරලා ලංකාවේ ඉතුරුවුන පොලිස් සහ හමුදා නිලධාරීන් කීදෙනෙක් කොටින්ට පාවදුන්නද ? ඒවා අමතක කරලා රට අතහැරලා ගියා කියා ලතෝනි දෙන්නේ පට්ට කුහකයෝ විතරයි.
Kata boru kiwwath diwa boru kiyanne na……
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අදහස සාධාරණයි. රටේ පවතින ආකාරයට පවතින රාජ්‍යපාලකයන් රටට අහිතකර ලෙස බලපාන විවිධ ගිවිසුම් අත්සන් කිරීම දැනට නවතා ඇත්තේ ඒවාට එරෙහිව නැගී ආ ජනතා විරෝධය නිසයි.
2. එසේම මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන පොදුජන පෙරමුණ ඇතුලු ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ජාතික වැඩපිළිවෙළට රෙහිව සහ යම් ආකාරයක ප්‍රකාශ නිකුත් කිරීම පක්ෂ නායකත්වයට මෙන්ම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ද හානිදායකය. එසේම පක්ෂයේ සියලු දෙනාම අපහසුතාවයට පත්කිරීමකි.
3.අතීතයේ දී මෙන් නොව වර්තමානය මෙන්ම අනාගතය ද ඉතාම තීක්ෂණයෙන් ක්‍රියා කළ යුතුය. එබැවින් සතුරන්ට ආයුධ සැපයීමේ ක්‍රියාවන් නොදැනුවත්වම සිදුවීමට ඉඩ ඇති බැවින් අතිශය කල්පනාකාරී විය යුතුය.
උඩ කමෙන්ට් දැක්කාම රටේ ඉන්නෙ කොයිතරම් කාලකන්නි මිනිස්සු ද කියලා හිතෙනවා.රට ගැන හැගීමක් නෑ.
ආදරයක් නෑ. මෙහෙම රටක් ඉතිරු වෙලා තියෙන එක පුදුමයක් …
matath ehema hithenawa. wimal gammanpila mechchara tharkanukulawa mewagaena samanya janathawatath therum ganta puluwan vidiyata kiyadeelath owun borukarayan haetiyata nigrahakaranne aey kiyana eka matanam waetehenne nae.
මෙම ජාතික විනාශකාරී සැලැස්ම නතර කිරීම සදහා ද නොපමාව ක්‍රියා කල යුතු ව ඇත.
1) ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය, ජනතා පරමාධිපතිත්වය හා භෞමික අඛණ්ඩතාවය අහෝසිවන පරිදි සහ ශ්‍රී ලාංකීය ජනතාවට අහිතකර වන පරිදි ක්‍රියාත්මක කිරීම සදහා වන MCC සහ ACSA ගිවිසුම්වලට සහායක සහ අනුපූරක වශයෙන් අත්සන් කිරීමට යත්න දරන SOFA යන ගිවිසුම් ක්‍රියාත්මක වීම වැලැක්වීම සදහා
2) ජාතික සම්පත් සහ දේපල මෙන්ම පොදු සේවාවන් සපයන රාජ්‍ය ආයතන, බැංකු, රාජ්‍ය ව්‍යවසාය සහ අර්ධ රාජ්‍ය ව්‍යවසාය විකිණීම නවත්වා වංචාව , දූෂණය පිටු දැක මහජන සෙවාවන් වැඩි දියුණු කරමින්, ඵලදායිතාව වැඩි කිරීම සදහා
3) මුස්ලිම් අන්තවාදය ඇතුලු ත්‍රස්තවාදී ක්‍රියා මුලිනුපුටා දැමීම සදහා
පහත සදහන් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් සියලුම වෘතීය විශේෂඥයන්, වෘතිකයන් ඇතුලු සියලුම වැඩකරන ජනතාවගෙන් සහ ගොවීන් ඇතුලු සියලුම ස්වයං රැකියාවල නියුතු වූවන් ද මෙහෙයවීමට පියවර ගත යුතු බවට යෝජනා කරමු.
1) සියලුම රාජ්‍ය ව්‍යවසායන් සහ බැංකු පෞද්ගලීකරණයට ඉඩ නොදී ඒවා සේවා නියුක්තිකයන්ගේ සහ පරිශීලනය කරන්නන්ගේ පාලනයට යටත් කිරීම.
2) බලශක්තිය, ප්‍රවාහනය, ජලය, සෞඛ්‍යය, අධ්‍යාපනය යනාදී සියලුම පොදු සේවාවන් එම සෙවාවන්හි සේවා නියුක්තිකයන්ගේ සහ භාවිතා කරන්නන්ගේ නොහොත් පරිශීලනය කරනන්ගේ පාලනයට යටත් කිරීම. (එනම්, සහභාගිත්ව ප්රජාතන්ත්රවාදය හා සංගත ප්රජාතන්ත්රවාදය අනුව)
3) ආහාර ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයන සහ අපනයන කටයුතු (විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය) පෞද්ගලික ඒකාධිකාරයෙන් ඉවත් කර සතොස ආයතනය වෙත පවරා ගැනීම සහ එම ආයතනය එහි සේවා නියුක්තිකයන්ගේ සහ එහි සේවා ලාභීන්ගේ/පරිශීලකයින්ගේ පාලනයට යටත් කිරීම.