ගෝටාගේ මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයට විමල්ගේ විරෝධය..
September 29, 2019 at 6:24 am | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විරෝධය පල කරයි.
රඹුක්වැල්ල මහතා මෑතකදී මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඇමරිකාව විසින් යෝජනා කර ඇති ඇක්සා සහ මිලේනියම් සිටි ගිවිසුම් සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බවයි.
කෙසේ නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් වීරවංශ මහතා කියා සිටියේ එම ගිවිසුම් සළකා බැලීමට වත් සුදුසු නැති බවත් ඇතැම් පුද්ගලයන් එවන් ප්‍රකාශ කරන්නේ පිවිසුම් ගැන කිසිදු අවබෝධයක් නැතිව බවයි.
අදාළ ගිවිසුම් දෙකම මේ රටට ඉතා අහිතකර ඒවා යයි වීරවංශ මහතා පැවසීය.
සෝෆා හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් පිළිබඳ කෙහෙළියට විමල්ගෙන් පිළිතුරක්
සෝෆා හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් පිළිබඳ කෙහෙළියට විමල්ගෙන් පිළිතුරක්#lka #News1st
Gepostet von Newsfirst.lk am Samstag, 28. September 2019
ඇයි සිංහලුනේ මෙහෙම කුලල් කා ගන්නේ. මේ විදිහට වාද විවාද වල පැටලෙන්න ගියහම අපේ සිංහල ජාතියේ, බෞද්ධ සාසනයේ අවසානයනේ. රට ජාතිය බේරාගන්න තියෙන අන්තිම අවස්ථාවනේ.
මොකක් වෙලාද බං ජාතියට? ජාතියට හෙනගහල නැහැ . මේක අන්තිම අවස්තාව කියන එකේ තේරුම මොකක්ද? නිකන් බොරු ගොං පාර්ට් දාන්නෙ නැතිව ඉදපං බූරුවෙක් වගේ
මේක ජාතියේ අන්තිම අවස්තාව නොවේ…මැදමුලනේ Last Chance එක.
මහා බයියා එදා ගෙදර ජනෙල් පොල්ලේ එල්ලෙනකොටම මං කිව්වා රාජපක්ෂලා ආයිත් මේ මහ පොලොවේ රජ කරන්නේ නෑ , මං අදත් ඒකම කියනවා , වගකීමෙන් කියන්නේ ගෝඨා + භය දිනන්නේ නෑ , බයි පැටවුන්ට හාර්ට් ඇටෑක් හැදෙන සර්ප්‍රයිස් එකක් ලැබෙනවා 16 රෑට 😂
වාචාලකමට වඩා යමක් නැහැ. ආර්ථික ඝාතකයන් ගැන බැඟිරිගැව කාලයත් ජනතාවට මතකයි.
දෙන්න දෙන්නගෙ භුමිකා බෙදාගෙන නියමෙට කරනවා.මැට්ටො නියමෙට ඇන්දෙනවා
එතකොට මිලින්ද රාජපක්ෂ මොකාද. පොරත් සෑහෙන්න උඩ පනිනව යාළුවොත් එක්ක
කෙහෙළිය කියන මන්දබුධිකයා ඒ වෙලාවට ශේප් වෙන්න කියන කථා පොහොට්ටුවට කරන්නේ හානියක්. කලින් ගෝඨාභය මැතිතුමාගේ හිටපු ඉතා දක්ෂ මාධ්‍ය ප්‍රකාශකයා හා සංසන්දනය කරනකොට කෙහෙළියගේ ගොන්කම වඩා හොඳට පේනවා.
ඇමෙරිකන් පුරවැසිකම ගන්න සිද්ධ වුනේ ගෝඨාභයට පමණක් නොවේ. ප්‍රේමදාස ජනාධිපතිවෙලා ප්රභාකරන් සමඟ ඩීල් දාල උඋට් එක්ක ජෝගි දානවෙලාවේ මේ රටට ආදරේ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, උගතුන් කොතරම් දෙනෙක් රට අතහැරලා ගියාද කලකිරීම නිසා. මෝඩ දේශද්‍රෝහී ප්‍රේමදාස විශ්වාස කරලා ලංකාවේ ඉතුරුවුන පොලිස් සහ හමුදා නිලධාරීන් කීදෙනෙක් කොටින්ට පාවදුන්නද ? ඒවා අමතක කරලා රට අතහැරලා ගියා කියා ලතෝනි දෙන්නේ පට්ට කුහකයෝ විතරයි.
Kata boru kiwwath diwa boru kiyanne na……
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අදහස සාධාරණයි. රටේ පවතින ආකාරයට පවතින රාජ්‍යපාලකයන් රටට අහිතකර ලෙස බලපාන විවිධ ගිවිසුම් අත්සන් කිරීම දැනට නවතා ඇත්තේ ඒවාට එරෙහිව නැගී ආ ජනතා විරෝධය නිසයි.
2. එසේම මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන පොදුජන පෙරමුණ ඇතුලු ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ජාතික වැඩපිළිවෙළට රෙහිව සහ යම් ආකාරයක ප්‍රකාශ නිකුත් කිරීම පක්ෂ නායකත්වයට මෙන්ම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ද හානිදායකය. එසේම පක්ෂයේ සියලු දෙනාම අපහසුතාවයට පත්කිරීමකි.
3.අතීතයේ දී මෙන් නොව වර්තමානය මෙන්ම අනාගතය ද ඉතාම තීක්ෂණයෙන් ක්‍රියා කළ යුතුය. එබැවින් සතුරන්ට ආයුධ සැපයීමේ ක්‍රියාවන් නොදැනුවත්වම සිදුවීමට ඉඩ ඇති බැවින් අතිශය කල්පනාකාරී විය යුතුය.
උඩ කමෙන්ට් දැක්කාම රටේ ඉන්නෙ කොයිතරම් කාලකන්නි මිනිස්සු ද කියලා හිතෙනවා.රට ගැන හැගීමක් නෑ.
ආදරයක් නෑ. මෙහෙම රටක් ඉතිරු වෙලා තියෙන එක පුදුමයක් …
matath ehema hithenawa. wimal gammanpila mechchara tharkanukulawa mewagaena samanya janathawatath therum ganta puluwan vidiyata kiyadeelath owun borukarayan haetiyata nigrahakaranne aey kiyana eka matanam waetehenne nae.
මෙම ජාතික විනාශකාරී සැලැස්ම නතර කිරීම සදහා ද නොපමාව ක්‍රියා කල යුතු ව ඇත.
1) ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය, ජනතා පරමාධිපතිත්වය හා භෞමික අඛණ්ඩතාවය අහෝසිවන පරිදි සහ ශ්‍රී ලාංකීය ජනතාවට අහිතකර වන පරිදි ක්‍රියාත්මක කිරීම සදහා වන MCC සහ ACSA ගිවිසුම්වලට සහායක සහ අනුපූරක වශයෙන් අත්සන් කිරීමට යත්න දරන SOFA යන ගිවිසුම් ක්‍රියාත්මක වීම වැලැක්වීම සදහා
2) ජාතික සම්පත් සහ දේපල මෙන්ම පොදු සේවාවන් සපයන රාජ්‍ය ආයතන, බැංකු, රාජ්‍ය ව්‍යවසාය සහ අර්ධ රාජ්‍ය ව්‍යවසාය විකිණීම නවත්වා වංචාව , දූෂණය පිටු දැක මහජන සෙවාවන් වැඩි දියුණු කරමින්, ඵලදායිතාව වැඩි කිරීම සදහා
3) මුස්ලිම් අන්තවාදය ඇතුලු ත්‍රස්තවාදී ක්‍රියා මුලිනුපුටා දැමීම සදහා
පහත සදහන් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් සියලුම වෘතීය විශේෂඥයන්, වෘතිකයන් ඇතුලු සියලුම වැඩකරන ජනතාවගෙන් සහ ගොවීන් ඇතුලු සියලුම ස්වයං රැකියාවල නියුතු වූවන් ද මෙහෙයවීමට පියවර ගත යුතු බවට යෝජනා කරමු.
1) සියලුම රාජ්‍ය ව්‍යවසායන් සහ බැංකු පෞද්ගලීකරණයට ඉඩ නොදී ඒවා සේවා නියුක්තිකයන්ගේ සහ පරිශීලනය කරන්නන්ගේ පාලනයට යටත් කිරීම.
2) බලශක්තිය, ප්‍රවාහනය, ජලය, සෞඛ්‍යය, අධ්‍යාපනය යනාදී සියලුම පොදු සේවාවන් එම සෙවාවන්හි සේවා නියුක්තිකයන්ගේ සහ භාවිතා කරන්නන්ගේ නොහොත් පරිශීලනය කරනන්ගේ පාලනයට යටත් කිරීම. (එනම්, සහභාගිත්ව ප්රජාතන්ත්රවාදය හා සංගත ප්රජාතන්ත්රවාදය අනුව)
3) ආහාර ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයන සහ අපනයන කටයුතු (විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය) පෞද්ගලික ඒකාධිකාරයෙන් ඉවත් කර සතොස ආයතනය වෙත පවරා ගැනීම සහ එම ආයතනය එහි සේවා නියුක්තිකයන්ගේ සහ එහි සේවා ලාභීන්ගේ/පරිශීලකයින්ගේ පාලනයට යටත් කිරීම.