ගෝටාගේ ලකුණ පොහොට්ටුවයි.. කිසිසේත්ම වෙනස් කරන්නේ නෑ..- පොහොට්ටුව ශ‍්‍රිලනිපයට දන්වයි..

September 11, 2019 at 8:40 am | lanka C news
ගෝටාගේ ලකුණ පොහොට්ටුවයි.. කිසිසේත්ම වෙනස් කරන්නේ නෑ..- පොහොට්ටුව ශ‍්‍රිලනිපයට දන්වයි..

පසුගිය වසර හතරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව රට විනාශ කිරීමේ පාපයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ජනාධිපති වරණයේ දී පොහොට්ටුවේ අපේක්ෂකයා දිනවීමට කොන්දේසි විරහිතව සහය දිය යුතු බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

නිදහස් පක්ෂය නැවත වරක් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු කිරීමට නිදහස් පක්ෂයේ ඇතැම් එක්සත් ජාතික පක්ෂ හිතවාදී මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වී ඇති බව පැවසූ රණතුංග මහතා මෙවර ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව හැර වෙනත් ලකුණකින් තරග කළ යුතු යැයි කියන්නේ එම පිරිස බවත් ප්‍රකාශ කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ දිවුලපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් සමඟ එකතු වෙලා රට විනාශ කරන්න දායක වුණා. පසුගිය වසර පහක කාලය තුළ රට තුළ යම් විනාශයක් සිදුවණා නම් ඒ විනාශයට නිදහස් පක්ෂයත් වගකිව යුතුයි. ඒ පාපයෙන් ගැලවෙන්න නම් නිදහස් පක්ෂය මේ වෙලාවේ කරන්න ඕනේ කොන්දේසි විරහිතව පොහොට්ටුවේ අපේක්ෂකයාට සහයෝගය දෙන එකයි.

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පැවැතේවෙමින් තිබෙන සාකච්ඡා සාර්ථක කරගන්න නම් දෙපාර්ශවයම එකසමාන වූ අවධානයකින් කටයුතු කරන්න ඒනේ. නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ජයග්‍රහණය ගැන කල්පනා කරමින් සිටින නිසා සාකච්ඡාවලට එකඟ නොවී සිටින බවට ජනතාව අතර මතයක් ඇති වෙමින් තිබෙනවා.

ඒ නිසා නොකෙරෙන කොන්දේසි දාලා සාකච්ඡා කඩාකප්පල් කරන්න එක්සත් ජාතික පක්ෂ හිතවාදී ඇතැම් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කටයුතු කරමින් සිටින බවක් අපට පෙනෙන්නට තිබෙනවා. මේ මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ යළිත් වතාවක් ශ්‍රී ලංකා නිදහස පක්ෂය එක්සත් ජාතික පක්ෂය වෙත ගෙන ගොස් නිදහස් පක්ෂය මේ භූමියෙන් අතුගාලා දාන්නයි.

අද වන විට මේ රටේ ජනතාවගේ එකම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ පොහොට්ටුවයි. මිනිස්සු කැමැති පොහොට්ටුවට මිසක් වෙන වෙන ලකුණුවලට නෙමෙයි. පොහොට්ටුව මහින්දගේ ලකුණ විදියටයි මිනිස්සු අඳුනාගෙන තිබෙන්නේ. ඒ නිසා ඊළඟ ජනාධිපතිවරණයට පොහොට්ටුව හැර වෙනත් ලකුණකින් තරග කිරීම කිසිසේත් කළ නොහැකි කාරණයක්.

– ප‍්‍රදීප් අනුර කුමාර

23,547 Viewers

14 Comments to “ගෝටාගේ ලකුණ පොහොට්ටුවයි.. කිසිසේත්ම වෙනස් කරන්නේ නෑ..- පොහොට්ටුව ශ‍්‍රිලනිපයට දන්වයි..”

  1. Lion says:

    Pathetic voice of an A grade rouge who was screaming over the phone asking 90 million bribe from a land developer.

    • සිරිමෙවන් says:

      නිකන් බොරුවට තප්පුලන්නේ නැතුව රටේ ඔක්කොටම යහපතක් වෙන්න උස්වියේ නඩු දාලා වැරදිකරු කරලා හිරේ දැම්මනං හරිනේ. ඔප්පු කොරන්න බැරි චෝදනා අහල අහලා දැන් ඇතිම වෙලා තියෙන්නේ.

      • Lion says:

        It was in the u tube We can identify his voice very clearly asking for money.Now the recoding is in the courts. This will be played when the case is heard.Gotha could have easy won the provided these garbage is removed from his Champaign.

        • සිරිමෙවන් says:

          වැරදිකරු කියල ඔප්පු කරලා හිරේ දැම්මට පස්සේ ඔව්ව් විස්වාස කරන්නං. එතකන් ඔව්වා පචම තමයී.

    • Me3 says:

      Please publish the recording

  2. don katugampala says:

    “POHOTTUVA” JANATHAVAGE “HADAVATHE”

    • Janathawa says:

      Yes ,majority people feel that it is highly unwise and unnecessary to change that very pleasing symbol,which is now familiar to the people,who are loyal to the country. Except those few U.N.P fancied S.L.F.Pers,the remaining patriotic S.L.F.P ers too,would support “POHOTTUWA” at the forthcoming elections.

  3. දැං ද නැගිට්ටෙ? අදාල සහතිකය මැතිවරන කොමසාරිස් ට දීල දැං සති කීපයක් වෙනව.

  4. ලංකා says:

    ඇයි ලකුන මාරු කරන්නේ , දැන් ජනතාව දන්නෙ පොහොට්ටුව ….

  5. නිළමේ says:

    පොහොට්ටුව නැතිවුණොත් අපේ ඡන්දය නෑ.

  6. Dushantha says:

    දිනන ලකුන පොහොට්ටුව. ඒ ලකුන මාරු කරොත් නන් බඩුම තමයි.

  7. Saradiel says:

    SLFP නැවත ඉපදීම පොහොට්ටුවයි ජය ශ්‍රී

  8. Aurora says:

    පොහොට්ටුවට එරෙහිව මහ හඬක් නගන දයාසිරි ජයසේකර බැඳුම්කර මුදල් ගත් අපතයෙක්. අත, පුටුව සහ බුලත්කොලේ කරේ තියාගෙන යන ගමන් සජිත්ට අපේක්‍ෂකත්වය ලැබේදැයි ඇස් කොණකින් බලමින් යන්නේ. පොහොට්ටුව වෙනස්කරන්න කියන්නේ සිරිසේන සහ සමාගමේ බලය පොහොට්ටුව මත පටවන්න. මේක මහ කුමන්ත්‍රණකාරී මානසික මෙහෙයුමක්. එහෙම එක එකාට ඕන විධියට ඉතාම ජනප්‍රිය පොහොට්ටුව ලකුණ වෙනස්කලොත් ජනාධිපතිවරණෙන් පසුද එක එක හාල්පාරුවන්ට ඕන විධියට පොහොට්ටුවේ සහ ගෝඨාභය මැතිතුමාගේ න්‍යාය පත්‍රයද වෙනස්කරාවි යන සැකය ජනතාව තුල ඇතිවෙනවා. ඒක ජනමතයට සහ දේශප්‍රේමී ජනතාවට කරන මහ හානියක්.

  9. MD says:

    Prassanna obatuma tawa tikak dadiwa me dewal sadaha madihath wenna.lakuna POHOTTUWA.kamathi onama kenekuta aradana karanna.

Leave a Comment

Main News