ගෝටාගේ ‘වියත්මග’ ගැන බුද්ධි අංශ පරීක්‍ෂණ…

March 12, 2017 at 9:35 am | lanka C news
ගෝටාගේ ‘වියත්මග’ ගැන බුද්ධි අංශ පරීක්‍ෂණ…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය හමුදා සාමාජිකයන් පොලඹවා ගැනීම මඟින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරිත්වයක් විය හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව රාජ්‍ය බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ‘වියත්මඟ’ නමැති සංවිධානය විසින් පවත්වනු ලැබූ සමුළුවක දී එහි දේශකයන් කිහිප දෙනකු විසින් පළ කළ අදහස් අනුව මේ සැකය වඩාත් තීව්‍ර වී ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. රාජ්‍ය ආරක්ෂක අංශයන් හි ඇතැම් සාමාජිකයන් විසින් සිදුකර තිබෙන දේශපාලන හා පෞද්ගලික පලිගැනීම් පදනම් කොටගත් ඝාතන චෝදනා සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලීසිය විසින් විමර්ශන ගණනාවක් ආරම්භ කර ඇති අතර ඊට අදාළව ඉහළ හමුදා නිලධාරීන්, සෙබළුන් හා පසුගිය රාජපක්ෂ රෙජීමය අවධියේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි චෝදනා එල්ල වෙමින් පවතී. මෙම විමර්ශන කටයුතු හා අධිකරණමය කටයුතුවල දී එම සිදුවීම්වලට අදාළව ඒ තහවුරු කළ හැකි සාක්ෂි ගණනාවක් මේ වන විට රහස් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ. මේ අනුව සිදු විය හැකි තත්ත්වයන් සලකා බලා ඊට පෙර ත්‍රිවිධ හමුදාව තුළ කැලඹිලිකාරිත්වයක් ඇති කර ආණ්ඩුවට එරෙහි තදබල ක්‍රියාමාර්ගයක් ගැනීමට ත්‍රිවිධ හමුදාව පොලඹවා ගැනීම අරමුණු කොටගෙන ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ගන්නා උත්සාහයන් ගැන බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී තිබේ. වියත් මඟ නම් සංවිධානය පසුගිය දා පැවැත්වූ සමුළුව තුළින් ද මේ සඳහා විශාල පෙලඹවීමක් සිදු කර තිබේ. විශේෂයෙන්ම මෙම සමුළුවේ දී ඇමැති විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ශ්‍රී ලංකා යුද හමුදාව ආණ්ඩුවට එරෙහිව පොලඹවනසුලු ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබේ.

රාජපක්ෂවරු එම පාලන සමයේ දී මෙරට වර්ගවාදී ගැටුම් ඇති කරලීම වෙනුවෙන් බොදු බල සේනා, තව්හිද් ජමාත් වැනි සංවිධාන කෙරෙහි අනුග්‍රාහකත්වය දැක්වූ බවට චෝදනා එල්ල වී ඇති අතර මේ වන විට වියත්මඟ, යුතුකම සංවාද කවය වැනි සංවිධාන ඒ වෙනුවෙන් යොදා ගනිමින් තිබෙන බව පෙනී ගොස් තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ආණ්ඩුව යොමුකර ඇත.

ඒ කෙසේ නමුත් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජාතික හෙළ උරුමය නියෝජනය කරන එජාප පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි ද හමුදාමය ක්‍රියාන්විතයන් නොවන අපරාධමය කටයුතුවලට මැදිහත් වූ බවට චෝදනා එල්ල වී ඇති හමුදා සාමාජිකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීම ද මේ වන විට ආණ්ඩුව තුළ ගැටලුකාරිත්වයක් ඇති කර තිබෙන බව එජාප ආරංචි මාර්ග පෙන්වා දෙයි. විශේෂයෙන්ම චෝදනා ලත් හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගැනීමේ දී ඊට පෙර හමුදාපතිවරයා දැනුවත් කිරීම සිදු කළ යුතු බවට අදහසක් ප්‍රකාශයට පත් කිරීම බරපතළ කරුණක් බව එජාපයේ මතය වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා හෝ කථානායකවරයාගේ අවසරය අවශ්‍ය බවට හෝ නීතියක් නොපවතින තත්ත්වයක් තුළ හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට යෝජනා කිරීම අපරාධකරුවන් ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහයක් බවත් මේ රටේ පවතින නීතිය නොසලකා විශේෂ වරප්‍රසාදයක් ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත ලබා දීමක් බවත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

එමෙන්ම රතන හිමියන්ගේ ඇතැම් ප්‍රකාශ ආණ්ඩු විරෝධී ජාතිවාදී බලවේගවලට උත්තේජන සපයා දීමක් වීම ගැන ද රතන හිමිට චෝදනා එල්ල වී ඇත.

– ඩී. මංජුල කුමාර
සත්හඬ

42 views

22 Comments to “ගෝටාගේ ‘වියත්මග’ ගැන බුද්ධි අංශ පරීක්‍ෂණ…”

  1. bandara says:

    balaye inna weda misak denna tarangeta rata yanawa misam weda thama netta sawari misak korapu wedak nam ne. nidahasa thiyeawalu, nidasa umbalata thiyenawa… kaanta. ne salli ne badu ne. hal pol ???? boru karamin raja sepa windimin innawa ekek kiyanawa API MARUTIWALIN YANNADA KIYALA yako indiyawe janapathi yanne erata hadan car walin.

  2. Veerasena says:

    Tell me somebody mr gota’s education qualifications for my understanding
    He was a secretary of a ministry before
    Must be well educated man

    • Chapa says:

      As far as I know he has a master qualifications and it is no doubt that he is well-educated. there is no problems his achievements.

    • daham says:

      ranilage adhyaapana sahathike illa gena umba roll karala gahaganin ke. ethakotawath hari yayida kiyala balanna.

      • Chapa says:

        Your idea is not practical as Mr. Ranil got university education in our country and he is the only prime minster who gain admission to uni, passing A/L with flying colours . His policy good or not is different matter. (I personally dislike him but truth is this)

        • Sihala Yaka - සිහල යකා says:

          If so that makes disgrace to local education . ඔය කතාව එලිපිට කියන්න එපා.
          ලංකාවෙ විවි අද්‍යාපනේ ගත්ත එකම නායකය ගෙ කෙරුවාවට අද රටම බංකොලොත්. ලංකා වි.වි. වලටත් නින් දාවක්.

        • Dr. know says:

          That means A/L flying colors in Sri Lanka is not a good criteria to select a brainy and capable person for any institute.

    • sam says:

      The question shows the level of knowledge and exposure u have, mind ur own education! What about the level of education of D.S Senanayaka, John Kothalawala, R.Premadasa and D.B. Wijethunga not to mention people like Ranjan Wijerathna and Asoka Jayawardena ie!!

    • ex UNPer 2 says:

      වීර සේන නමින් ලියූ පුද්ගලයා බූරු ජන්මයක් ඇති කකුල් දෙකේ සත්වයෙක් බව හෙලිවේ. අද්‍යාපනය ලබා ගන්නේ ක්‍රියාවේ යෙදීමටය​. ගෝඨා මේ රටේ වෙන කිසිම කෙනෙකුට බැරි වූ දේ කර පෙන් වා ඇත​. උඹේ මෝඩ කමට බෙහෙත් උඹම හොයා ගන්න​. සමාජයෙන් බෙහෙත් දෙනකම් හිටියොත් තිත්ත වෙයි.

    • Some says:

      Just Topple His name And Read …you will get his Qualification..
      If You cant guess Here is the Answer “BayaGotha”

      • Wali kukulaa says:

        නොදකින් නමක තේරුමවත් නොදන්න ක්‍රෝටන් කොළ කන බූරුවා. ගෝඨාභය කියන්නේ, ගෝඨ + අභය මිසක් ගෝඨ + භය නෙමෙයි .

  3. බන්ඩයියා says:

    උඹ වගේ ගොනෙක්. කුමන්ත්‍රණ කවුද යකෝ ප්‍රසිද්ධියෙ රැස්වීම් තියල කොරන්නෙ?

  4. sarath says:

    hey weerasena and fernandez what is qulification ranil/mangala/sagala only one evrybody knows screwing
    asshole is a dirty thing that jesus told not at all mind your own ass

  5. asaranaya says:

    මෙන්න තවත් පෙරේරා වගෙ මලපෙරේත ජීසයාගෙ එකෙක් මතුවෙලා රනිලයාගෙ ගල් කොල්ලෙක්

    • Sadda says:

      Asaranaya, sarath ranilge galkollek neme. Eya ranilta banalai thiyenne. Jesus nama dekapu hatiyema ikman theerana ganna epa.

  6. Sunil Gamage says:

    Hope people will not question Mr Martin Wickramasinghes qualifications

  7. Fernandez says:

    Mr. GR always against the peace. He is very dengerus for this country. Jesus will not forgive him and will wipeout his all familly.

  8. Jorge De Fonseka says:

    gr ta Jesus ge aashirwaadaya na. ema nisa gr ta merata balaya ganna ba.

Main News