ගෝටාගේ ශ‍්‍රී ලංකා පුරවැසිකම අත්හිටුවුවහොත් ඔහුට කිසිම රටක් නෑ.. ඔ්නෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේ හැදුනුම්පත අත්හිටුවීමේ අවස්ථාවකුත්..

October 1, 2019 at 2:10 pm | lanka C news
ගෝටාගේ ශ‍්‍රී ලංකා පුරවැසිකම අත්හිටුවුවහොත් ඔහුට කිසිම රටක් නෑ.. ඔ්නෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේ හැදුනුම්පත අත්හිටුවීමේ අවස්ථාවකුත්..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියෙකු ලෙස කටයුතු කිරීම වලකාලන අතුරු තහනමක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට කිසිදු හැකියාවක් නැති බව හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා සඳහන් කරයි.

යම් හෙයකින් එසේ කිරීමට කටයුතු කළහොත් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු රටක පුරවැසියෙකු නොවන තත්ත්වයට පත්වන බවද ඔහු කියයි.

දැනටමත් අමෙරිකානු පුරවැසිභාව අත්හැර සිටින ඒ මහතාට විරුද්ධව පුරවැසිකම අත්හිටුවන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටීමද වැරදි නඩු නිමිත්තක් ඇයි ද හිටපු අගවිනිසුරු කියා සිටී.

එයාකාරයෙන් ගතහොත් මෙරට ඕනෑම පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත අත්හිටුවීමේ නියෝගය ඉල්ලා අධිකරණයට යෑමේ හැකියාවක් නිර්මාණය වනු ඇති බවද ඔහු තවදුරටත් අදහස් පළ කරයි.

77 views

30 Comments to “ගෝටාගේ ශ‍්‍රී ලංකා පුරවැසිකම අත්හිටුවුවහොත් ඔහුට කිසිම රටක් නෑ.. ඔ්නෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේ හැදුනුම්පත අත්හිටුවීමේ අවස්ථාවකුත්..”

  1. sikkila says:

    ගොටො දැන්මම ඇස්කිමොවරු අදින ඇදුම් ටිකකුයි, මාලු රෙසෙපි ටිකකුයි ගනින්. ලෝකේ ඉන්න රටක් නැති ඔක්කොම ගිහින් දාන්නෙ ඇන්ටාටිකාවට. එහේ සීතලයි. මාලු විතරයි කන්න තියෙන්නේ.

  2. Amarabandu says:

    3 gotage naduwa, thinduwa wardunoth appeal karanda thiyenne 4 wenida witharai. 4 wenida niwadu dinayak karaoth moko wenne

  3. Nandasoma Suriyaarachchi says:

    ඒක තමයි, මිනිහෙකුගෙ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ අයිතිය අධිකරණයකට තියෙවනද?

  4. seewaka says:

    ඔහොම වෙන්න ඕනෙ බලේට තියන කෑදරකමට මුන් දගලන්නෙ බල කෑදරේට කියල ඕන පොඩි එකෙකුට තේරෙනව

  5. Nandasoma Suriyaarachchi says:

    බැරි වෙලාවත් අධිකරණය ගෝඨාභය ගෙ හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රය තායකාලිකව හෝ තහනම් කළොත්, වහාම සජිත් ප්‍රේමදාස ගෙ පුරවැසි භාවය අවිනිශ්චිතයි කියල නඩුවක් පවරන්න…..! නඩුව අවසන් වන තෙක් ජාතික හැඳුනුම්පත තහනම් කරන්න කියලත් ඉල්ලීමක් කරන්න……!! එතකොට එයාටත් ඡන්දෙට නාම යෝජනා දෙන්න බැරි වෙනව……!!!

  6. Jay says:

    Thopi akekutavath me rata gana kakkumak ne.yako rata bera gaththa minihage puravasi bava ahosi karanna munta thiyana aithiya mokakda? mechchara horakan asadaranakan karapu mahendranla aliye.me sakkili mokada me karanne?gotata ase karannata sarasunoth rata venuven api akathuvemu.

  7. kamal says:

    නැවත ලංකාවේ පුරවැසිකම ගන්න සුදුසුකම 1සිංහල චතුරලෙස කථා කිරිම
    2 සිංහල ලියන්න කියවන්න පුලුවන් විම 3 බෞද්ධයෙක් විම 4 රටට දෝහි නොවිම 5 මහවංශය පිලිගැනිම

  8. charles says:

    Other communities must be laughing at Sinhalese that how selfish and divided we are. Sinhalese have no unity. Not only in SL even in other countries too.

Main News