ගෝටාගේ සුදු වෑන් රියදුරා මමයි.. පැහැරගත් අය දත්, නිය ගලවා මරා බඩ කපා කිඹුලන්ට කන්න වැවට දැම්මා..- රාජිත සමග මාධ්‍ය අමතමින් කියයි..

November 10, 2019 at 12:00 pm | lanka C news
ගෝටාගේ සුදු වෑන් රියදුරා මමයි.. පැහැරගත් අය දත්, නිය ගලවා මරා බඩ කපා කිඹුලන්ට කන්න වැවට දැම්මා..- රාජිත සමග මාධ්‍ය අමතමින් කියයි..

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සිටියදී සුදු වෑන් යොදා ජනතාව පැහැර ගත් බවට එම පැහැර ගැනීමට සම්බන්ධ රියදුරෙකු බව පුද්ගලයෙකු හා පැහැර ගැනීමට ලක් වූ බව කියන පුද්ගලයෙකු මාධ්‍ය හමුවක් අමතමින් අද කියා සිටියේය.

ඇමති රාජිත සේනාරත්න මහතා සමඟ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී ඔහු සඳහන් කළේ එසේ පැහැරගන්නා ලද මිනිසුන් දත් ගැලවීම, නිය ගැලවීම, උල් ආයුධවලින් ඇනීම ආදී වද හිංසා කල බවයි.

පසුව මරා දමන බවත් එම පුද්ගලයන් බඩ කපා කිඹුලන්ට කෑම සදහා වැවකට දැමූ බවත් ඔහු සදහන් කලේය.

මාධ්‍ය හමුවට සහභාගි වූ තවත් පුද්ගලයෙකු කියාසිටියේ ප්‍රභාකරන්ගේ සල්ලි කොළඹට ගෙන ආවේ තමන් බවත් එම සල්ලි දුන්නේ නැතැයි කියා තමන් පැහැර ගැනීමට ලක් වූ බවය.

මෙම පැහැරගැනීම්වලට පොලිසිය, හමුදාව ඇතුළු ත‍්‍රස්ත විමර්ශණ ඒකකය විසින් සිදු කල බවද ඔවුහු පැවසූය.

අවස්ථා කිහිපයකදීම සේනාරත්න මහතා විසින් මෙම පුද්ගලයන් දෙදෙනාට විවිධ උපදෙස් දෙමින් මාධ්‍ය හමුව මෙහෙයවනු දැනට ලැබිණ.

ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ රාජිත සේනාරත්න මහතා විසින් මේ ආකාරයේ කටයුත්තකට සූදානම් වන බවත් ඔවුන් සඳහා කෝටි ගණනක මුදල් ගෙවීමක්ද සිදුකර ඇති බවත්ය.

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව සමාජ ජාලාවන්හි ජනප‍්‍රිය ප‍්‍රකාශයක් වූයේ ‘සුදු වෑන් තිබුණා නම් 06 දෙනෙක් අතුරුදහන් වෙයි. 350ක් බෙරේයි. නාහෙන් අඩමින් NGO කාරයො මාධ්‍ය හමු තියයි’ යන්නයි.

427 views

107 Comments to “ගෝටාගේ සුදු වෑන් රියදුරා මමයි.. පැහැරගත් අය දත්, නිය ගලවා මරා බඩ කපා කිඹුලන්ට කන්න වැවට දැම්මා..- රාජිත සමග මාධ්‍ය අමතමින් කියයි..”

  1. රාජිත පොන්නයගෙ කෙරුවාව අපි දැක්කනේ..

  2. තුසිත පල්ඔලුව says:

    ලැට් කටා කිවුවනම් ආයෙ අහන්ඩ දෙයක් නෑ,
    ඇත්තම වෙන්ඩ ඇති.

  3. Lionheart says:

    Rajtha and Ranil must be brought to justice for the murder and gross violation of human rights of the thousands that disappeared during the Piyano’s regime.

  4. anoosh says:

    Mother Sri Lanka is now in fear and desperate, she has requested her loving children not to vote for white van people on 16th. Her inner cry will answer.

  5. ඝන්ටාරෙ ඇටේ says:

    නොදකින් සක්කිලි ලැටා. ඉස්සර හැට ගනන්වල චිත්‍රපටිවල රගපාපු නලුවො රැවුල දැම්මෙත් ඔහොමයි. ලැටාට තිබුනනෙ ඔය කතාව පොලීසියට කියල විසදුමක් ග්න්න. මුන් වගේ පොන්සි මූනු පෙනවන එක වීරක්‍රියාවක් කියල හිතාගෙන ඇති. නොදකින් තූ…

Main News