ගෝටාට ඇමරිකාවේ නඩු පැවරීම හා පුරවැසිකම අතහැරීම ගැන සුප‍්‍රකට ජාත්‍යන්තර නීති පිලිබද මහාචාර්යවරයාගේ මතය මෙන්න..

April 10, 2019 at 2:10 pm | lanka C news
ගෝටාට ඇමරිකාවේ නඩු පැවරීම හා පුරවැසිකම අතහැරීම ගැන සුප‍්‍රකට ජාත්‍යන්තර නීති පිලිබද මහාචාර්යවරයාගේ මතය මෙන්න..

මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව එරට අධිකරණයක නඩු පවරා තිබුණද එමගින් ඒ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමේ කටයුතුවලට කිසිදු බාධාවක් එල්ල නොවන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

එසේම මේ දක්වා එම අධිකරණ කටයුතු පිළිබ`දව දන්වමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඇමරිකානු අධිකරණයකින් කිසිදු ලිඛිත නෛතික දැනුම්දීමක් කර නැතැයිද හෙතෙම අවධාරණය කළේය.

කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ස`දහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ යන මහත්වරුද එම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය දසවසර ඇතුළත සෑම වසරකදීම ඇමරිකාවට ගියද මේ මොහොතේ මෙවැනි නඩු පැවරීමක් සිදුව ඇත්තේ එළැඹෙන ජනාධිපතිවරණය නිසා බවද මෙහිදී ජී. එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය.

මෙය පැහැදිලිවම ජාත්‍යන්තර තලයේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් බව කී හෙතෙම ඒ පසුපස සිටිනුයේ එල්ටීටීඊ ඩයස්පෝරාව ඇතුළු ජාත්‍යන්තර ජාලය බවද සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි පසුබිමක රාජපක්‍ෂ පවුලේ මීළ`ග අනුප‍්‍රාප්තිකයා ගෝඨාභය රාජපක්‍ෂ බවට පූර්ව නිගමනයක සිටින පිරිස් ඔහුගේ දේශපාලන ගමන වැළැක්වීම ස`දහා ඉතාම දුෂ්ට සහ විෂකුරු සිදුවීම් මාලාවක් මේ මොහොතේ නිර්මාණය කරමින් සිටින බව මෙහිදී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අද ඇමරිකාවේ කැලිෆෝනියාවෙන් වාර්තා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නඩු පැවරීමේ පුවත මේ කුමන්ත‍්‍රණ මාලාව තුළ පළවන එක් ප‍්‍රවෘත්තියක් පමණක් යැයි කී ඒ මහතා මෙය අවසානය නොවන බවද අවධාරණය කළේය.

ලසන්ත වික‍්‍රමතුංග පමණක් නොව තාජුඞීන්, එක්නැලිගොඩ සිද්ධීන්වලදීද පසුගිය කාලයේ දිගින් දිගටම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරමින් ආණ්ඩුව ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්‍ෂව බවද ඩලස් අලහප්පෙරුම ස`දහන් කළේය.

අද ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණියට සිය පියාණන් සිහිවී තිබෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමේ ලිපි ලේඛන භාරදීමත් සම`ග යැයි මෙහිදී විමල් වීරවංශ මහතා කියා සිටියේය.

එසේම දෙමළ ඩයස්පෝරාවට සිය මියගිය පිරිස් සිහිවී තිබෙන්නේද ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට සූදානම් වීමේදී යැයි ඒ මහතා සඳහන් කළේය.

පසුගියදා ඇමැති මලික් සමරවික‍්‍රම මහතාගේ නිවසට රැුස්වූ නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස සහ මුදල් ඇමැති මංගල සමරවීර මෙන්ම කථානායක කරු ජයසූරියට සමීප එක්තරා මාධ්‍යවේදියකු එක්ව කළ සැලසුමකට අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමරිකානු අධිකරණයක නඩු පැවරීම සිදු වූ බවද විමල් වීරවංශ මන්තී‍්‍රවරයා මෙහිදී අවධාරණය කළේය.

අද සියල්ල සිදුවෙමින් තිබෙන්නේ ගෝඨා බය කියන අසනීප තත්ත්වය නිසා බව කී ඒ මහතා ආණ්ඩුවට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සහ එල්ටීටීඊ ඩයස්පෝරාව ඇතුළු පාර්ශ්ව ගණනාවකට මේ අසනීපය තදින් වැළඳී තිබෙන බවද පැවසීය.

ආණ්ඩුවට අද රටේ ජනතාව වෙනුවෙන් කිසිවක් කිරීමට නොහැකි වුවද අගමැති රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර ඇතුළු පිරිසට මළගිය ප‍්‍රාණකාරයන්ගෙන් වැඩගැනීමට නම් හොඳ හැකියාවක් තිබෙන බව විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

මේ අන්දමට මළගිය ප‍්‍රාණකරුවන්ගෙන් වැඩ ගන්නා මේ පිරිසට වෙන කිසිම වැඩක් කළ නොහැකි බව ගෙවී ගිය සිව් වසර තුළ ඔප්පු කර අවසන් යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

– divaina

153 views

6 Comments to “ගෝටාට ඇමරිකාවේ නඩු පැවරීම හා පුරවැසිකම අතහැරීම ගැන සුප‍්‍රකට ජාත්‍යන්තර නීති පිලිබද මහාචාර්යවරයාගේ මතය මෙන්න..”

  1. Bandara says:

    මේ ගොයිය ලංකාවේ උසාවිවල දාපු නඩු ඔක්කොම පරාදයි…මේ සෙට් එක තමා ගෝඨාභයව අන්තිම මොහොතේ ඇමෙරිකාවට යවාලා බඩු සෙට් කළේ…කොහොමද කලු සුද්දන්ගේ ටිකිරි මොලේ…

  2. Gamini says:

    කලු සුද්දන්ගේ නීති ගැට තේරුම් ගැනීමට රාජපක්ෂ කල්ලියට බැරි රාජපක්ෂ ලා කලු සුද්දන්ගේ සේවකයන් වී සිටින හෙයිනි. උසාවිවල නඩු දමා රාජපක්ෂ ලාව හීලෑකර ගැනීමට කලු සුද්දන් ක්‍රියා කර ඇත.
    සරත් ෆොන්සේකාගේ නීති උපදේශකයෝ ම ගෝඨාභය ගේද නීති උපදේශකයෝ වී ඇත.

  3. UD says:

    අපේ රට මේ යන විදියට අගාදෙන් අගාදෙට වැටෙනවා. ඝෝටාභය මිනිස්සු ඝාතනය කළාද නැද්ද යන්න දන්නේ ඝෝටාම තමයි. නමුත් එතුමා අතින් එවැනි වැරදක් සිදුවෙලා නැතිනම් එවැනි කෙනෙකුට බොරු චෝදනා දාලා ඉදිරි ගමන වළක්වනවා නම් එය අපරාධයකි. කෙසේ වෙතත් ඝෝටා ජනාධිපති වුණොත් දැන් ඉන්න අයට වඩා රටට වැඩක් කරාවි කියලා හිතනවා. යමක් කරන්න දැක්මක් තියෙන, කොන්දක් තියෙන, දෙයක් කරන්න පුළුවන් ඒ වගේම කරල පෙන්නපු කෙනෙක්…. රට භාර දුන්නාට කමක් නෑ.

  4. Janaka from Matara says:

    ..if GL says it must be the unchallengeable truth. Nothing less.

  5. lanka says:

    This is the example for JO can not do anything secret using proper plan ?Who gave everything to media ? You should let him to do it personally and should be published later. Isn’t it?

Main News