ගෝටාට කූට ලේඛණ සැදු බවට චොදනා.. චමල්ගෙන් ප‍්‍රශ්ණ කරයි..

September 9, 2019 at 2:10 pm | lanka C news
ගෝටාට කූට ලේඛණ සැදු බවට චොදනා.. චමල්ගෙන් ප‍්‍රශ්ණ කරයි..

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියකුව නොසිටි බව කියන අවස්ථාවක ඔහුගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීම පිළිබඳව සඳහන්වන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතාට කරුණු දක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ද චමල් රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රකාශයක ලබාගැනීමටද නියමිතව ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ඡන්ද අයිතිය ශ්‍රී ලංකා පුරවැසියන්ට පමණක් හිමවන අතර, ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන පුද්ගලයන් ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීමට කූඨලේඛන සකසා ඇතිද යන්න පිළිබඳ මෙහිදී පරීක්‍ෂණ කරමින් පවතියි.

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවූ අවස්ථාවක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම 2004/2005 ඡන්ද නාමලේඛනයට ඇතුළත් කර ඇති බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් කූඨලේඛන සැකසීම යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබූ අතර, වැඩ බලන පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ල මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඉවත් කරගත් කාලය හා එය යළි ලැබූ ආකාරය පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවන අවස්ථාවේදී ඒ මහතා 2005 ජනාධිපතිවරණයේදී පුරවැසියෙකු ලෙස ලියාපදිංචි වී ඡන්දය ප්‍රකාශ කළේද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස පරීක්‍ෂණ කිරීමට නියමිතය.

එසේම මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන කාර්යාලයෙන් විමසීමක් කර ඇති බවද වාර්තා වේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කර ඇත්තේ නිවසේ ගෘහමුලිකයා ලෙස සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතාට මේ සම්බන්ධයෙක් කරුණු දක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවද ඒ මහතාට දැනුම්දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

– ada

48,100 Viewers

20 Comments to “ගෝටාට කූට ලේඛණ සැදු බවට චොදනා.. චමල්ගෙන් ප‍්‍රශ්ණ කරයි..”

  1. වියත්මග says:

    පෝසටර්, කටවුට්, බැනර් නැති ඡන්ද ව්‍යාපාරයක් කරන්න නියෝග දීපු ගෝඨාගේ කීම අහන්නේ නැති හෙන්චයියොත් එක්ක කොහොමද රටක් හදන්නෙ? බලන් ගියාම මුලු පවුලම රොබර් ගැන් එකක්.

    • Dev says:

      GOTA will save sri lanka

      • Saman says:

        මේ ප්‍රවෘත්තිය අනුව 2005 දී සංචාරක වීසා මගින් ලංකාවේ රැඳී සිටි ඇමරිකානුවන් හතර දෙනෙකුට ඡන්ද බලය හිමිව ඇත. එය ඇමරිකාව සමග හොඳ හිත වර්ධනය කිරීමට ගත් පියවරකි.

      • Janaka from Matara says:

        ..first he will save himself & the friends.

    • Hoo !!! says:

      බොල පරයො තොපි මෙච්චර කල් තටමලා අල්ල ගත්තු එක හොරෙක් පෙන්නහංකො. 😀😂

  2. හොර ඡන්ද වලට නමගිය පක්‍ෂය තමයි යූ.එන්.පී – බැංකු මහ හොරා තාම නිදැල්ලේ ජාතියට හිතැති ජාතියට අවංක සේවය කලවුන් හිරේ දාන්න පොනිල් හිතන තරම් ලේසිනෑ…

    • දේවක says:

      ශ්‍රී ලංකා යුඑන්පී පොහොට්ටු ඔක්කොම ඡන්ද හොරු තමා

      • කිරා says:

        හොඳ වැඩක්…ඊලගට “හක්කේ බුදුරැස් බොක්කේ මිනීමස්” හෙවත් කූඨාබය රාජකසව අධිකරණයට ගේන්න.

  3. manik says:

    දැන් ඉතින් වදුරට දැලි පිහිය අහු උනා වගේ මේ අණ්ඩුවට ඔක අල්ල ගත්තාම රට පුරා බොරු පරචාර සහ මඩ දියත් කරන්න මේ සතිය හොදටම අැති. මි හරක් රැල වන ජේවිපි කම්බ හොරුන්ටත් එක්කයි මේ ලියන්නෙ

    • කිරා says:

      හොඳ වැඩක්…ඊලගට “හක්කේ බුදුරැස් බොක්කේ මිනීමස්” හෙවත් කූඨාබය රාජකසව අධිකරණයට ගේන්න.

  4. බය්යා says:

    මහබැංකු මංකොල්ලේ වගේද කූට ලේඛන සෑදීම වහාම වැරදිකරුවන් අල්ලනු

    • Rata Wenuwen says:

      ද්විත්ව පුරවැසි භාවය තිබෙන රටවල් දෙකේම චන්දය චන්ද දායකයා විම පුරවැසියාගේ අයිතියකි , එයයි ප්‍රජන්ත්‍රවාදි අයිතිය, 19 බලු සන්සොදනයෙන් අයින්කලෙ ජනදි පතිකම ට ඉල්ලීම පමනි, 2005 දි ඔය නීතියත් තිබුනෙ නැහැ, 19 ඇතිවෙන්නෙත් පඹයා ඇතුලු විජෙදාස . රනිල් පින්ගුත්තරයා, ජයම්පතිලාගෙ කුමන්ත්‍රන කරයන්ගෙ කුමන්ත්‍රනෙ ප්‍රතිපල, දැන් පාල උන්නැහෙ සුදනා වෙන්න හදනවා, අපට කියන්න තියෙන්නෙ ” අනේ හුකේ ” කියලයි

    • කිංකිණි says:

      බොල බයියො මහ බැංකුව කියන්නෙ තොගෙ ආච්චිගෙ හැඹිලිය නෙමෙයි. කොටන්න කලින් ලඟම පාසැලට ගිහින් යමක් ඉගෙන ගෙන වරෙන්.

  5. puncha says:

    Gotata thiyena baya. Ethakota UNP un hora chanda dapuwa, Kobbekaduwa mahathage chandaya janapathiwaranayedi wena kenek dapu eka, eva ganath hoyanna.

    Mahara athuru mathiwaranayedi Vijaya paradawanna hora chanda damima saha chanda ganan kirimedi sidu unu hora kema?

    Ethakota chande danna ena mulma ekata wedi thiyanna anakaraopu JVP unta ko neethiya?

  6. රන්බණ්ඩා says:

    ඉස්සරට වැඩියෙ අද ජනතාව තමන්ගෙ ඇස් ඇරගෙන ඉන්න බවක් අපට දැනෙනවා බොලව්.
    ඒ වෙන මොකකටවත් නෙවෙයි, කූඩැල්ලෙක් ඇඟේ එල්ලිලා ලේ උරා බොනවා වගේ බලයේ ඉන්න දඟලන මේ කාලකණ්නි ආසියාවෙ ක්ලීනර්ගෙ කම්බා හොරු රෑන මකබාවලා දමන්න, ලැබෙන පළවෙනි අවස්ථාව එනකං බොලව්.
    පරම්පරා ගණනක් යනකම් මේ රටේ මිනිස්සුන්ට විඳවන්න වෙන, මේ මිනිස්සුන්ට අයිති එකම සම්පතත් හොරාකාපු යහපාලන වසලයින් කිසිම ලජ්ජාවක් නැතිව දැන් අනුන් හදපු කූට ලේඛණ හොයනවා බොලව්.
    තොපි දිය කෙළියෙ යෙදියව්…ඇති පදං දියේ නටපියව්.
    දැන්…ලිපට ගිනි දාලා අහවරයි.
    තව ටික වෙලාවයි…තොපි හැමෝගෙම ඇට, මස් දියවී යන්න.

    • Hoo !!! says:

      මේ යකා මැරිලත් මල පෙරේතයෙක් වෙලා අරලියගහ මැඳුරෙ වැඩබලයි.. 😛

  7. පොරමෝලා says:

    මෙම දේශපාලන මෙහෙයුම් පිටුපස ඉන්නෙඅ කව්දැයි ජනතාවට හෙළිදරව් නොකරනේ මන්ද ?

  8. sinha le says:

    බදුර්දීන් විල්පත්තු වන විනාශ කලේ වනරක්ෂිත දෙපාර්තුමේන්තුවෙන් අවසරගෙන නොවේ

Main News