ගෝටාට ගැසූ මඩ මංගලගේම ඇග පුරා වැදේ.. ගෝටාගේ පුතා රස්සාව කරන්නේ මැලේසියාවේ..

December 1, 2016 at 11:20 am | lanka C news
ගෝටාට ගැසූ මඩ මංගලගේම ඇග පුරා වැදේ.. ගෝටාගේ පුතා රස්සාව කරන්නේ මැලේසියාවේ..

තම පුත‍්‍රයා වෙනුවෙන් ඇමරිකාවේ ලොස් ඇංජලීස්හි නිවසක් කුලියට ගෙන තිබූ බවට විදේශ ඇමති මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවේදී කල ප‍්‍රකාශය අමූලික බොරුවක් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාබය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වෘතියෙන් ඉංජිනේරුවෙකු වන තම පුතා 2013 වසරේදී රැකියාව කලේ මැලේසියාවේ බවයි.

ලොස් ඇංජලීස් හි සිටින කොන්සල් ජෙනරල් වරයා අදටද සිටින්නේ රජය විසින් කුලියට ගත් නිවසක යයිද පෙන්වා දෙන රාජපක්‍ෂ මහතා මඩ ප්‍රචාර වලට දේශපාලනයට සම්බන්ධ නැති දරුවන්ද පටලවා ගන්නා තරමට රජය පිරිහී තිබීම ගැන අතිශයින්ම කණගාටු වන බවද කියා සිටී.

83 views
Main News