ගෝටාට ජපානයේදී මහ හරසර.. රටට වැඩියෙන්ම ආදරේ කරන්නේ කවුදැයි කියයි.. [Photo]

December 14, 2016 at 2:10 pm | lanka C news
ගෝටාට ජපානයේදී මහ හරසර.. රටට වැඩියෙන්ම ආදරේ කරන්නේ කවුදැයි කියයි.. [Photo]

ජපානයේ මහින්ද එකමුතුව විසින් කරන ලද ආරාධනාවකට අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල, නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරුන් CV 520 දරණ ගුවන්යානයෙන් 13 වන දින ජපානයේ නරිටා ගුවන් තොටුපලට පස්වරු 3.15ට පමණ ලගාවිය. ගුවන් තොටුපලේ දී අති උණුසුම් ආකාරයෙන් ශ්‍රි ලාංකිකයන් විසින් ඔවුන් පිළිගන්නා ලදි. මෙම අවස්ථාවට ආශිර්වාද කිරීමට මහා සංඝරත්නය ද ගුවන් තොටුපලට වැඩම කරනලදී.

ජපානයේ සවරා ප්‍රදේශයේ පිහිටා ඇති ලංකාජි විහාරස්ථානයේ රණවිරු ආශිර්වාදාත්මක බෝධි පුජා පින්කමකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු මන්ත්‍රී කණ්ඩායම සහභාගි විය. ලංකාජි විහාරස්ථානයේ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස හිමියන් ඇතුළු මහාසංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මෙම අවස්ථාවට ශ්‍රි ලාංකිකයන් විශාල පිරිසක් සහභාගිවිය.

ඒම අවස්ථාවේ දී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා

මා ආරක්ෂක ලේකම්ව සිටි අවදියේ ලංකාවේ පන්සල් 1000කට වැඩි සංඛ්‍යාවකට විවිධ කටයුතු සදහා හැකි අයුරින් හමුදාව යොදවලා වැඩ කටයුතු කලා. මම ඒවා කොළපාට ද රතුපාට ද නිල්පාට බැලුවේ නෑ. හැම පන්සලකම වගේ අපි විශාල වැඩ කොටසක් සිද්ධ කලා. රජයන් විසින් මේ ස්වාමින්වහන්සේලා වගේම විදේශයේ සිටින අපේ ජනතාව රාජත්‍රාන්තික සම්බන්දතාවය වෙනුවෙන් පාවිච්කරනවා මදි. ආණ්ඩුවල තානාපතිවරු ඉදලා මාරු වෙනවා. රජ්‍යවල් තිබිලා මාරු වෙනවා. නමුත් හැම රටකම වගේ අපි පන්සල් ඇති කර ගත්තාම, සැම රටකටම ඉන්න ශ්‍රිලංකිකයන් සමග සම්බන්දතා ඇති කර ගත්තාම ඔවුන්ට තම රට වෙනුවෙන් විශාග කාර්ය භාරයක් ඒ රට වලදී කරන්න පුළුවන්. රජයෙන් ඒවා පාවිච්චි කරනවා මදි කියලා මම විශ්වාස කරනවා.

මම වසර ගණනාවක් ඇමරිකාවේ හිටියා. මේ වන විට ඇමරිකවේ සැම ප්‍රන්තයකම වගේ පන්සල් ඇති කරලා විශාල පන්සල් ප්‍රමාණයක් තියෙනවා. ඒ සෑම කෙනෙක්ටම රාජයට බලපැමක් කිරීමේ හැකියාවක් තියෙනවා. පන්සල විසින් අපේ ආගම සංස්කෘතිය විවිධ රට වලට ගෙනියනවා වගේම මේ වගේ සම්බන්ධතාවයනුත් ඇති කරගෙන තියෙනවා. විශේෂයෙන්ම පන්සල් හරහා විවිධ සේවාවන් රටවල් වල සිටින ලංකිකයන්ට සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම අපේ සංස්කෘතිය බුද්ධදර්මය ඒ රටවල හැදෙන දරුවන්ට ලබා දෙන්නට විශාල සේවයක් සිදු කරනු ලබනවා. අපේ රටට වැඩියෙන්ම ආදරේ කරන්නේ රටින් පිට ඉන්න අයයි කියලා මම හොදටම දන්නවා දැකලා තියෙනවා.

රටට ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ගැන වැඩිපුරම කතා කරන්නේ කැක්කුමක් තියෙන්නේ රටින් පිට ජිවත් වන ලංකිකයන්ට. අපේ රටේ සංස්කෘතිය ආගමේ ඇති වැදගත්කම පෙන්නේ අපි රටින් ඇත්වෙලා ඉන්න කොට. රටින් පිට වෙලා ඉන්න සෑම කෙනෙක්ම ලංකාවට වඩා වැඩ කරනවානේ විශාල ශ්‍රමයක් වැය කරලා. සෑම කෙනෙක්ම හොද සාර්ථක ජිවිතයක් ගත කරනවා. එහෙම වැඩ කරන ලංකිකයන්ට සිතට සැනසුමක් ලැබෙන ස්ථානයක් තමයි පන්සල. මම ඒක දැකලා තියෙනවා මම ඇමරිකවේ අවුරුදු 12ක් පමණ ජිවත් වුණු නිසා. ප්‍රශ්නයක් අවාම අපි යන්නේ පන්සලට පන්සලෙන් තමයි අවශ්‍ය සැනසුම ලබා ගන්නේ

– අරවින්ද අතුකෝරල

6 views

7 Comments to “ගෝටාට ජපානයේදී මහ හරසර.. රටට වැඩියෙන්ම ආදරේ කරන්නේ කවුදැයි කියයි.. [Photo]”

  1. RW says:

    If they love Sri Lanka so much, they must come to our country and help to develop using their knowledge. I can remember MR invited them as soon as the war was over. Then MS also invited in 2015. They like to love our country while living there.

  2. desta says:

    kattiyata gedi daganna bene den ekakai harasare. prado gediyak benz gediyak ehema

  3. Champa says:

    ජපානයේ “මහින්ද එකමුතුව” කලා වගේ, මම හිතන්නේ අනිත් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයොත්, ස්වාමීන් වහන්සේලාත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඒ ඒ රටවල් වලට ආරාධනා කරලා රටේ ප්‍රශ්න ගැන අදහස් හුවමාරු කරගන්නවා නම් හොඳයි කියලා. ඒ මොකොද කිව්වා නම් හුඟ දෙනෙකුට හිටපු ජනාධිපතිතුමා සහ හිටපු ඇමතිවරු කලින් මුණ ගැහිලා තිබුනට, හිටපු ආරක්ෂක ලේකම් තුමාව මුණ ගැහිල කතා කරන්න අවස්ථාවක් ලැබිලම නැහැ.

    විදේශ රටවල තියෙන අපේ පන්සල් වලින් කෙරෙන මෙහෙවර ගැන එතුමා කල කතාව ඉහලින්ම අගය කරනවා. කිසිම භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් එකමුතු වෙන තැන පන්සල. ශ්‍රී ලාංකිකයෝ තානාපති කාර්යාලවලට වඩා එකතු පන්සල් එක්ක. බැඳීම තියෙන්නේ පන්සල් එක්ක.

    එතුමා කියපු අනිත් කතාවත් ඇත්ත. පිටරට වල තියෙන පන්සල් භාරව ඉන්න ස්වාමීන් වහන්සේලාට ලංකා රජයට විශාල බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන මීට වඩා අවධානයක් යොමු වෙනවා නම් හොඳයි.

    මම හිතනවා ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව විදේශ ගත ශ්‍රී ලාංකිකයන් සහ ස්වාමීන් වහන්සේලා තමන්ගේ විරෝධය ආණ්ඩුවට දැඩිව පෙන්විය යුතුයි කියලා. ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව ලංකාවේ ඉස්සරහට වෙයි කියලා මම හිතන (I totally rely on Wimal) ජනතා විරෝධයට සමගාමීව, ලෝකය පුරාම විසිරී සිටින ශ්‍රී ලංකික ජනතාව මේ විරෝධය ආණ්ඩුවට පෙන්විය යුතුයි. ඒ නිසා ඒ ගැන වැඩ පිළිවෙලක් ඉක්මනින් සකස් කරනවා නම් හොඳයි.

  4. Dickie Bird says:

    Yes. They are employed there. It is not necessary to return to SL.
    if there are specialists, then they can tie up with SL to pass on their expertise.

  5. sinha le says:

    මීලග ජනාදි පති ගොටාබය පත් කරමු

  6. Anju says:

    Mewage niwatayo pitaratakaidalath minisun samanabawa dannathi bus konodosuthara

  7. once again WELL SAID CHAMPA……..agree with your above comment 100%….thank you

Main News