ගෝටාට ජම්පර ඇන්දීම කෙසේ වෙතත් මේ ආණ්ඩුව රටටම පැම්පර් ඇන්දුවා.. අපි පරණ හරකා විකිණුවා..

September 28, 2019 at 12:00 pm | lanka C news
ගෝටාට ජම්පර ඇන්දීම කෙසේ වෙතත් මේ ආණ්ඩුව රටටම පැම්පර් ඇන්දුවා.. අපි පරණ හරකා විකිණුවා..

මීළඟ ආණ්‌ඩුවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජම්පරය අන්දනවා යෑයි මන්ත්‍රී හේෂා විතාරණ මහතා කියන්නේ නම් වසර හතරහමාරක්‌ තිස්‌සේ ඔවුන්ගේ රජයක්‌ තිබියදීත් එසේ කිරීමට නොහැකි වූයේ මන්දැයි ප්‍රශ්න කරන බව දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ විමසා සිටියහ.

පසුගිය වසර හතරහමාර තිස්‌සේ හොරුන්ට ජම්පර් ඇන්දවීම කෙසේ වෙතත් එම රජය රටටම පැම්පස්‌ නම් ඇන්දවූ බවද උන්වහන්සේ කීහ.

මෙම ආණ්‌ඩුව 2015 දී බලයට පැමිණියේ හෙරුන්ට ජම්පර් අන්දනවා යෑයි කියමින් බවත් සිහිපත් කළ සෝභිත හිමියෝ නමුත් ඔවුන් එසේ කරනවා වෙනුවට හොරු අල්ලන මුවාවෙන් හොරකම් කළ බව කියා සිටියහ.

හොරකම්, වංචා කරමින් මේ සියලු දෙනා කරන්නේ වංචාවක්‌ බවත් කී උන්වහන්සේ රටට සැබෑ ලෙස ආදරය කරන, දැක්‌මක්‌ ඇති තෙවන පාර්ශ්වයක්‌ රටේ ජනතාව මේ වන විට ඉල්ලා සිටිමින් සිටින බවත් කීහ.

පරණ තැටිය රත් කරමින් දේශපාලනඥයන් කරන ව්‍යාජය පිළිබඳව ජනතාව දැන් දැනුවත් බවත් ඔවුන් පරණ හරකා විකුණා අවසන් බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

– divaina

53 views

8 Comments to “ගෝටාට ජම්පර ඇන්දීම කෙසේ වෙතත් මේ ආණ්ඩුව රටටම පැම්පර් ඇන්දුවා.. අපි පරණ හරකා විකිණුවා..”

  1. Prasad says:

    අනුරකුමාරගේ පැයක කතාවකදී විවිධ මාතෘකා සඳහා කාලය වෙන් වන අයුරු 

    ■UNP සමයේ JVP අය ඇතුලු 60000ක් සමූල ඝාතනය කිරීම (තත්පර 05)
    ■JVPය විසින් වටිනා ජීවිත සහ රාජ්ය දේපල විනාශ කිරීම (තත්පර 00)
    ■JR, ප්‍රේමදාස, චන්ද්‍රිකාගේ රජයන් වල දූෂණ (තත්පර 02 )
    ■රාජපක්ෂ ආණ්ඩු සමයේ 2-3න් දෙනෙකු මිය යාම (විනාඩි 25 )
    ■රාජපක්ෂ පාලන සමය ගැන සත්ය චෝදනා ( තත්පර 14)
    ■රාජපක්ෂ පාලන සමය ගැන ගොතන ලද බොරු චෝදනා (විනාඩි 34 )
    ■යහපාලනයේ දූෂණ ,බැඳුමකර වංචාව,පාස්කු ඉරිදා ප්‍රහාරය(තත්පර 04)
    ■රට සංවර්ධනය සඳහා තමාට ඇති ඉදිරි වැඩ පිලිවෙල (තත්පර 02)
    ■කතාව අතරතුර වතුර වීදුරුවක් පානය කිරීමට (තත්පර 33)
    ■කතාවෙදී ‘රාජපක්ෂ’ යන වචනය භාවිත කල වාර ගණන – 4998

  2. 77 UNP says:

    අවසරයි නායක හිමියනි, යහපාලකයෝ පැම්පර් ඇන්දුවේ මුළු රටටම නොවේ. උන් පැම්පර් ඇන්දුවේ ලක්ෂ 62 වන උන්ව විශ්වාසකරල 2015 ජනවාරි 08 දා මහින්ද මහතා පරාජය කරන්න චන්දෙ දුන්න අසරණ ජනතාවටයි. අද ඒ ජනතාව තමුන්ට අන්දවපු පැම්පර් ගලවාගෙන නොවැම්බර් 16 වෙනකම් බලා ඉන්නවා යහපාලක කාලකන්ණින්ගේ නියෝජිතයන්ගේ කටේ ඔබන්න.

  3. Desh says:

    චම්පිකයා එක්ක ඉතුරු වෙලා හිටපු අන්තිම ගෞරවනීය ස්වාමීන් වහනසේ. චම්පික කරන කපටි වැඩේ ඉවසලා ඉවසලා බැරිම තැන උන් වහන්සේටත් පැමිනිලා වගේ.

  4. බන්ඩා says:

    සෝපිත හාමුදුරුවො චම්පක එක්ක යහපාලකයන්ට කඩේ ගිහින් නන්නත්තාර වෙලා වැඩ පෙන්නපු නායකයා අමතක කරල දැන් ජනතාව අන්දන්න නොදන්න තුන්වෙනි පාර්ෂවයක් හොයනවා.

  5. matha says:

    nawatha 2015 men, anura, sajith , jayampathila , champika, hakim, saha anikuth nog nada ekathu karala hadana kada haliyakata chande nam denna eppaaaaaa.

  6. maninda says:

    එහෙයි අපේ හාමුදුරුවනේ අපේ ගෙවල් අසල පොහොට්ටු වාසී මැදමුලන නිකායේ භික්ෂුසංගමයේ ලේඛම් හා ගෝලයා තම පිරි වනේ සාමණේර දෙනමක් ලින්ගික අපයෝනය කිරීමකට ලක්ව ර ක්ෂිත බන්ධනාගාරවී පසුගිය 24 දා ඇපමත නිදහස් උනා. ඔන් න ඕකයි දේශපාලනය අසපුවට ආවාම පංසලේ උන්නු හාමුදුරු වන් පරිනාමයවෙලා.