ගෝටාට තවත් බලයක්.. එජාපෙ පක්ෂ නායකයෙකු එක්වෙන්න යයි.. කොළඹ මාධ්‍ය හමුවක් සූදානම්..
October 19, 2019 at 9:20 am | lanka C news
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඒ බව දැනුම් දීම සදහා කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.
මෙම පක්ෂ නායකයාගේ එක් ඉල්ලීමක් ලෙස ඔහුගේ දේශපාලන ප්‍රතිවාදියා එක් කර නොගත යුතු බවට යෝජනා කර ඇතැයිද දැනගන්නට ඇත.
හෙට හෝ අනිද්දා දිනයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වෙනු ඇති බවද සදහන්ය.
කෙසේ නමුත් මෙම පිල් මාරුව නැවැත්වීම සදහා එජාප ප්‍රධානීන් බලවත් උත්සාහයක් ගනිමින් ඇති බවද වාර්තා වෙයි.