ගෝටාට තවත් ලෙඩක්.. වැලිකඩ ඝාතන ගැන අහන්න CID කැදවයි…

September 12, 2017 at 9:20 am | lanka C news
ගෝටාට තවත් ලෙඩක්.. වැලිකඩ ඝාතන ගැන අහන්න CID කැදවයි…

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක යන මහත්වරුන් ඇතුළු තවත් ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කීපදෙනකු ඉදිරි සති දෙක තුන ඇතුළත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ, පොලිසියේ සහ බන්ධනාගාරයේ නිලධාරීන් කීපදෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු ඝාතනය කළ බව කියන සිද්ධියට හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතා කෙළින්ම සම්බන්ධ බවට හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් චෝදනා කර තිබිණි.

ඉකුත් 2012 වර්ෂයේ නොවැම්බර් 11 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක්‌ ඇති වූ අතර රැඳවියන් එල්ල කළ ප්‍රහාරවලින් එවකට සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ඇතුළු පොලිස්‌ නිලධාරීහු කීපදෙනෙක්‌ තුවාල ලැබූහ.

මෙම සිද්ධියෙන් සහ වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වූ යුද හමුදා කණ්‌ඩායමක නම් ලැයිස්‌තුවකට අනුව රැඳවියන් තෝරාගෙන ඔවුන්ට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබිණි.

මෙම සිද්ධියට අදාළ නඩු විභාගයේ ප්‍රධාන සාක්‍ෂිකරු වූ සුරේෂ් නන්දිමාල් මහතාගේ මොරටුවේ පිහිටි නිවසට නාඳුනන පිරිසක්‌ විසින් පසුගියදා වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණි.

වැලිකඩ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක අංශ නිලධාරීන් පිරිසකට අද හෙටම දැනුම් දීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

– දිවයින

51 views

9 Comments to “ගෝටාට තවත් ලෙඩක්.. වැලිකඩ ඝාතන ගැන අහන්න CID කැදවයි…”

  1. srilankan says:

    Finally things have fallen on to the right track. Lets hope the culprits( let them be anybody) are in if they are guilty……

  2. BATALANDA says:

    Ranil charged that SF is responsible for LASANTHA.

  3. Ala Mada Gedara Lokka says:

    As per the information I have from Shani Abesekara it is none other than Gota who has shot the STF commanding Officer during the riots, and Jagath Jayasuriya is the one who has loaded the gun for Gota. Mahinda Rajapakse is the one who provided funds to purchase the gun..

  4. sara says:

    පවු බන් ගෝට. බොරු ලෙඩ දාන්න හදනවනේ. හිර කාරයෝ මැරුවම මොකද.

  5. බබා උක්කුන් says:

    උත්සාහය අත් අරින්නෙම නැහැ.
    1. ඇවන්ට් ගාඩ් සමග පටලන්න බැලුවා. – අසාර්ථකයි
    2. යුධ අපරාද චෝදනා දාන්න උත්සාහ කළා. – අසාර්ථකයි
    3. වාහනයක්වත් – හරියන්නේ නැහැ
    4. බැසිල් වගේ ඉඩම් ගනිපුවා – අමු හිගන්නෙක්
    5. තාජුදීන් කේස් එක – පැත්තක වත් නැහැ
    6. ලසන්ත ගාතනය – අම්මෝ…. කලවැද්ද එල්ලුම් ගස් යනවා
    7. එක්නැලිගොඩ කේස් එක (රාජසිංහ රජ කාලේ ඉදල රට පාවා දීපු පරම්පරාවෙන් පැවතෙන එවුන්). – මූට මොකද වුනේ කියල තාම හොයා ගන්න බැහැ රට පැනල ප්ලාස්ටික් සර්ජරි කරලද.කේස් එක ඇද්දොත් පචය,කලවැද්ද දෙන්නගෙම බෝල සබන්.
    8. කලවැද්ද ඉස්සරහට දාල ආයිමත් යුධ අපරාද චෝදනා උඩට ගන්න ට්‍රයි කළා. –
    පටන් ගත්ත තැනම ඇන ගත්ත. හාමුදුරුවරු දුනු ඊතල අරන් සටන් පෙරමුණේ.
    දැන් මොකද කරන්නේ.වේදිකාව ලෑස්ති කරගෙන යන්නේ.
    අ. ශානි අබේසේකරට ඩබල් ප්‍රොමෝෂන්
    ආ . CID ලොක්කට ප්‍රොමෝෂන් දීලා එතනින් අයින් කළා.
    ඇ . සට්ටැබිය අධ්‍යක්ෂක කළා.
    ඈ . මොරටුවේ ඉන්න හිරේ හිටපු කුඩු කාරයාගේ ගෙදර ගේට්ටුවට වෙඩි.හරියට SAITAM CEO ට වෙඩි තිව්ව වගේ.(ගේට්ටුවට රුපියල් 10ක අලාබයක්)
    ඉ . හොද නිවුස් එකක්. ප්‍රෙස් කොන්ෆොරන්ස් තියල ආණ්ඩුවේ වාහිනී වලින් හොද ප්‍රචාරයක්
    2020ට ඉස්සෙල්ල කොහොම හරි ඇතුලට දාන්නම තමයි ට්‍රයි එක.
    …….. මතක තියා ගන්න. 2020 වෙනකොට ඔබතුමා කොහේ හිටියත් රටේ නායකයා වෙන්නේ ඔබයි. අපි ඔබ වෙනුවෙන් චන්ද ව්‍යාපාරයට ස්වේච්චාවෙන් එනවා. ඒ ඔබ වෙනුවෙන් නොවෙයි. මේ කාලකන්නි හැත්ත නැති කරන, විනාශ කරන, පාවලා දෙන රට ගොඩ ගැනීම වෙනුවෙන්.

  6. Ala Mada Gedara lokka says:

    I couldn’t agree with you more Ukkun putha.

    What I am surprised is , being a Ukkun Baba how did you get all these facts correctly.

Main News