ගෝටාට තවත් සහතිකයක්.. තහනම් කරන්නැයි ඉල්ලන විදේශ ගමන් බලපත‍්‍රය මහාධිකරණයෙන් නිදහස් කරයි..

October 3, 2019 at 11:20 am | lanka C news
ගෝටාට තවත් සහතිකයක්.. තහනම් කරන්නැයි ඉල්ලන විදේශ ගමන් බලපත‍්‍රය මහාධිකරණයෙන් නිදහස් කරයි..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර දුන්නේය.

ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා විදේශගතවීම සදහා කරන ලද ඉල්ලීඹක් මත මෙම නිදහස් කිරීම සිදු කර ඇත.

ඒ අනුව එළැඹෙන 09 වැනිදා සිට 12 දක්වා රාජපක්ෂ මහතා පරීක්ෂණ කිහිපයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිබාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් විභාග වෙමින් තිබියදී තව දුරටත් ශ‍්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය භාවිත කිරීමට අවසර දීම විශේෂත්වයකි.

88 views

13 Comments to “ගෝටාට තවත් සහතිකයක්.. තහනම් කරන්නැයි ඉල්ලන විදේශ ගමන් බලපත‍්‍රය මහාධිකරණයෙන් නිදහස් කරයි..”

  1. p.d goonawardena says:

    පිරමීඩ කවදත් දිය යට එබ්බවිය නොහැක ………….

    • රනිල්ගෙ පිරමීඩෙ පුලුවන් බං.. ඒක එදා ඉදන්ම දිය යටනෙ.. වැඩක් ගන්නම බෑ.

      • Saman says:

        ඇයි මේ ගොල්ලො සිංගප්පුරුම යන්නෙ? අපේ පාදෙනිය සර්ගෙ ගෝලයෝ සෙට් එක සුවර් නැද්ද?

        • Bandq says:

          උන් පසු වෛද්‍ය වරු .බයි බයි ටොයි හරක්ට බෙහෙත් දෙන්න ඉන්නේ.ගෝටා උතුමානන් මනුස්යෙක් නිසා උන්ගෙන් බෙහෙත් ගන්න බෑ .

  2. සෑම් says:

    මෙරට පොදු ජනතාව වෙනුවෙන් නීතියේ ආධිපත්‍යය රැක ගන්නා ගරු අධිකරණයට සදා ගෞරව කරමු .. නීතිය නවන්නට උත්සාහ ගන්නා එන්ජීඕ ඩොලර් කාක්කන්ට හා කුජීත දේශපාලකයන්ට සාප කරමු …

  3. Aurora says:

    කුණුවුන හදවත් ඇති NGO පරයින්ගේ අරමුණු ඉටුනොවනු ඇත. දේශප්‍රේමීන් පතනලෙසම මෙසිරිලක ජනපති ගෝඨාභය වනවා සහතිකය.

  4. gamarala says:

    ජාතිය පාවාදෙන වෙස්ට්මිනිස්ටේර් කලු සුද්දන් ට චන්දය නොදෙමු ගොටාබය ජනාදිපති කර රට බේරා ගමු ජය ශ්‍රී

  5. suresh olagama says:

    Even the judiciary knows witch way the wind is blowing………….. .

  6. Eng Gallage Kurunegala says:

    අධිකරණය ස්වාධීන තීන්දුවක් දෙනු ඇතැයි රටට හිතැති ජනතාව බලාසිටී.NGO හිගන්නන් සදා අපාගත වනු ඇත.

    • Bandq says:

      Jr ගෙ කාලෙන් පස්සේ ස්වාදීන වූවේ නැත.
      රාජපක්ෂය කාලෙත් ස්වාදීන වූවේ.
      ඉතින් බයියනි ස්වාධීනත්වක් බලාපොරොත්තු නොවන්න.

  7. Nandasoma Suriyaarachchi says:

    බොරු ගමන් බලපත්‍රයක් නම් අධිකරණය විසින් තබා ගෙන සිටියේ කුමටද?????