ගෝටාට නොතීසි බාර දීමේ ඇත්ත හෙලි වේ.. නඩුවේ තීන්දුව අනිද්දාට ඇමරිකාවේ පාලමක් යටදී..
April 10, 2019 at 12:01 am | lanka C news
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අමෙරිකාවේ දිසා අධිකරණයක පවරා ඇති නඩු ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට කිසිදු බාධාවක් නොවන්නේ නැති යයි ඔහුගේ ඇමරිකානු නීතීඥයන් තහවුරුකර තිබේ.
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
මෙම නඩුවට අදාළ නොතීසියක් ලබාදුන් බව අන්තර්ජාලයේ පළව ඇති පින්තූරය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයකු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරට අධිකරණයකින් කිසිදු නොතීසියක් භාර දී නැති බවයි.
එමෙන්ම රාජපක්ෂ මහතා දැවට සිටින්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නොවන බවද ඔහු පැවසීය.
මේ අතර ඊයේ රාත්‍රියේ දෙරණ වාදපිටිය වැඩසටහන එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කලේ පෙරේදා පැවරූ නඩුවකට ඊයේ දිනයේ නොතීසි බාර දෙන සිරිතක් ලොව කිසි රටක නැති බවයි.
එමෙන්ම පැමිණිලිකරු විසින් විත්තිකරුවන්ට නොතීසී ගෙනවිත් බාර ක්රමයක්ද නැති බව ඔහු පැවසීය.
මේ ආකාරයෙන් බැලුවොත් අනිද්දා දිනයේ ඇමරිකාවේ කොහේ හෝ පාලමක් පල්ලේදී ෙමම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළා යැයි පින්තූර පල වනු ඇතැයිද ඔහු කියා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරනයට එන්නේ යැයි බිය වූ පිරිස් ලොව වටේ යමින් විවිධ බොරු ප්රවෘත්ති නිර්මාණය කරමින් සිටින බවද ඔහු සඳහන් කලේය.
ගෝඨා එනවට වැඩියෙන්ම භය කොටියි,ජෙප්පොයි, NGO ඩොලර් කාක්කො සෙට් එකයි තමා.
ගොටාගේ ජනප්‍රියතාව වැඩි කිරීමේ ව්‍යාපෘතියක්.
This drama shows definite result of next pracidential election. Welcome dear Gotabaya patriotics wish.
What we are afraid is the same. Because, when the last govt. change happened also these tholka mudalis came up with various theories to show that constitution is ok with the new PM. But end of the days SC decided the govt. was illegal. Same way end of the day, US can arrest Gota and RW will win as always. So you all be more vigilant of their smart tactics.
මෙරට උපදේශකයෝ ඇමෙරිකාවේ ගෝඨාභය එරෙහි නඩු පැවරීමටත් උපදෙස් දී ඇතිබවට තොරතුරු හෙළි වෙයි.
මේ රටේ ගොඩක් මිනිස්සු නොදැන හිටියාට ගෝටාභය මහත්තයාට ඇමරිකානු පුරවැසි කම එතුමා ඉල්ලලා ගත්ත එකක් නෙමෙයි .. එතුමාව හිර කිරීමට සහ එතුමාගෙ දේශප්‍රේමි ගමන නැවැත්වීමට ඇමරිකාව විසින් බලෙන් ලබා දුන්නෙ කෙහෙම්මලක්.
එතුමාට සත පහක් වටින්නෙ නෑ ඔකුන්ගේ පුරවැසි කම්
අමෙරිකාවේ දිසා අධිකරණයක පවරා ඇති නඩු ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට කිසිදු බාධාවක් නොවන්නේ නැති යයි ඔහුගේ ඇමරිකානු නීතීඥයන් තහවුරුකර තිබේ.
මෙයින් අදහස් වන්නේ පුරවැසි භාවය අහෝසි කර ගැනීමට බාධාවක් සිදුවන බව නේද?
උදාහරණ:
බාධාවක් නොවන්නේ නැති ( බාධාවක් වන බව)
බාධාවක් වන්නේ නැති (බාධාවක් නොවන)