ගෝටාට පොහොට්ටුව ලකුණට ශ‍්‍රීලනිපය විරුද්ද වෙයි.. සහාය ඔ්නෑ නම් ලකුණ වෙනස් කරන්නැයි දන්වයි..

September 1, 2019 at 10:40 am | lanka C news
ගෝටාට පොහොට්ටුව ලකුණට ශ‍්‍රීලනිපය විරුද්ද වෙයි.. සහාය ඔ්නෑ නම් ලකුණ වෙනස් කරන්නැයි දන්වයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා තරග වදින ලකුණ ගැන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදස් පක්‍ෂය අතර යම් ගැටළුවක් ඇතිව තිබේ.

මෙම කරුණ සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට හැකියාවක් ලැබී නැත.

පොහොට්ටුව ලකුණින්ම ජනාධිපතිවරණයට තරග වැදිය යුතු බව ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මතය වී ඇති අතර ශ‍්‍රීලනිපය පවසා ඇත්තේ පක්‍ෂ දෙක සන්ධානගත වන්නේ නම් ලකුණ වෙනස් කල යුතු බවයි.

ඒ අනුව මෙම කරුණ ගැන අවසන් එකගතාවයක් ජනාධිපතිවරයා හා විපක්‍ෂ නායකවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවකදී තීන්දු ගනු ඇතැයිද වාර්තා වෙයි.

83 views

48 Comments to “ගෝටාට පොහොට්ටුව ලකුණට ශ‍්‍රීලනිපය විරුද්ද වෙයි.. සහාය ඔ්නෑ නම් ලකුණ වෙනස් කරන්නැයි දන්වයි..”

  1. migara says:

    දයාසිරි කියන්නේ කව්ද කියල ජනතාව දන්නවා….වාසි තියන පැත්තට පැනල එක විනාස කරලා වෙන පැත්තකට පනින රිලවෙක්..ජනතාව ඉල්ලන්නේ නැ ලකුණ මාරු කරන්න.මුන්ට ඕනි රට බේරගන්න නෙවෙයි හැම දේම අනල විනාස කරන්න.මුන් හොදටම දන්නව් ගොටභය ඉහලින් දිනන බව.එකට දායක උන බව පෙන්වන්න ගහන ගැටයක් මේක….මේවට අහු උන කලේ ඉවරයි…මිනිස්සුන්ට ඕනි පක්ෂේ නෙවෙයි හොද පාලකයෙක්…ගෝටා දිනන එක වලක්වන්න බැ…..

  2. Pk says:

    Yes we can agree to change Pohottuw. If you can change your “Hand” to “Donkey” and your leader step down.

  3. Sarathnanayakkara says:

    Pohottuwen illuwe nethnam api chanda kole pohottuwa endala chande danawa hebei maha chandedi me sere gotabaya dinawanna one nisa onema lakunakata chande denawa

  4. deepa says:

    why anyone needs this traitors? pohottuwa should go straight without these idiots. sirisena is a part of murderers gang responsible for 4.21 attacks.. DO NOT TAKE THEM.. Rilasiri ,ganja duminda ,bus conductor can F$$$ off.

  5. PULATHISI says:

    පොහොට්ටුව නිකම්ම පොහොට්ටුවක් නොවේ. එය නෙලුම් පොහොට්ටුවක් බව සක් සුදක් සේ කාටත් පැහැදිලිය. ඒ පිළිබඳව අටුවා ටීකා අවශ්‍ය නැත.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවූයේ නොයෙකුත් බාධක සහ කම් කටොලු බිඳ හෙළා දමමිනි. එය ඇරඹී වසර දෙකක් තරම් කෙටි කාලයක් තුළ එනම් 2018 පෙබරවාරි 10 පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් සියලු රාජ්‍ය බලපෑම් ද අභිබවමින් අතිබහුතරය ලබා ප්‍රථම ස්ථානය හිමිකරගත්තේ නෙලුම් පොහොට්ටුව යටතේ ලබාගත් ජනතා ප්‍රසාදය උපරිම වශයෙන් ලබාගනිමිනි.
    එබැවින් කුමන හේතුවක් නිසාවත් නෙලුම් පොහොට්ටුව ලකුණ වෙනස් කළයුතු නොවේ.

Main News