ගෝටාට බිලියන 11ක මුල්‍ය වංචා නඩු තියෙනවා.. ඔහු මීලග ජනාධිපති නොවේ.. ජනාධිපති එජාපයෙනුයි..
August 12, 2019 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීම හරහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට පණිවිඩයක් ලබාදී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඒ අනුව හිටපු ජනපතිවරයා සිතන්නේ ඔහුගේ සහෝදරයෙක් ජනපතිවිය යුතු බවත්, ඔහු අගමැති විය යුතුබවත්, ඔහුගේ තවත් සහෝදරයෙක් කථානායක විය යුතු බවත්, තවත් සහෝදරයෙක් ආර්ථිකය හැසිරවීමේ ප්‍රධානියා විය යුතු බවත් ඔහුගේ පුතා මීළඟ අනුප්‍රාප්තිකයා වි යුතු බවත් යනුවෙන් යැයි අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවට එක්කළ අදහසක දැක්වෙයි.
එසේම හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව මේ වන විට රුපියල් බිලියන 11ක හා රුපියල් මිලියන 33ක මූල්‍යමය වංචා සම්බන්ධයෙන් නඩු විභාග වන බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
එසේම ශ්‍රී ලංකාමේ මීළඟ ජනපතිවරයා ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂවරයෙක් නොවන බවත් මීළඟ ජනපතිවරයා වන්නේ ශ්‍රී ලංකාවේ ඉපිද ශ්‍රී ලංකාවෙන් පළා නොගිය එක්සත් ජාතික පක්ෂය විසින් ප්රජාතන්ත්රවාදී ලෙස තෝරා ගන්නා පුද්ගලයෙක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
– ada
Why all of a sudden this type of statements? Is it an acceptance of failure and defeat? Poor chap, made the public to mislead and crying in vain to cove his but.
nothing to tell about this moosalaya,you are course to my country.
අයියෝ බිලියන 11 මොකද්ද බං උඹල හොරාකාපුව එක්ක බලනකොට