ගෝටාට මඩ ගහන්න විදේශයෙන් ගෙන්වූ මඩ පොත් තොගයක් රේගුවේ රදවාගනී.. මුදා හරින්නයි දැඩි බලපෑම්..

November 9, 2019 at 3:00 pm | lanka C news
ගෝටාට මඩ ගහන්න විදේශයෙන් ගෙන්වූ මඩ පොත් තොගයක් රේගුවේ රදවාගනී.. මුදා හරින්නයි දැඩි බලපෑම්..

පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

මහාචාර්ය තේනුවර ඇතුළු පිරිසක් පිටරටවල සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එරෙහිව මුද්‍රණය කරපු මඩ පොතක් මේ වන විට බුද්ධි අංශවල මැදිහත්වීම මත රේගුවේ රඳවාගෙන සිටිනවා.

රේගුවේ ජ්‍යෙෂ්ඨතම නිළධාරියෙක් මට ප්‍රකාශ කර සිටියා මංගල සමරවීර අමාත්‍යවරයාගේ බලපෑම් මත බැංකු බැදුම්කරයක් ඇපයට තබා මේ පොත් නිදහස්කර ගැනීමේ උත්සාහයක් පවතින බව.

රේගු අත්අඩංගුවේ පවතින ද්‍රව්‍යයක් බැංකු බැඳුම්කරය මත නිදහස් කළ හැක්කේ රේගු බදු සම්බන්ධයෙන් යම් සැකයක් පවතිනවා නම් පමණයි. යම් අවිනිශ්චිතභාවයක් තිබෙනවා නම් ඉහළම බද්ධ තැන්පතුවක් ලෙස තබලා භාණ්ඩ නිදහස් කරගත හැකියි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මත රඳවා ගෙන තිබෙන මුද්‍රිත ද්‍රව්‍ය කිසිසේත්ම බැඳුම්කරයක් මත ඇපකරයක් මත නිදහස් කිරීමට නොහැකියි.

ඒ නිසා මේ දේශපාලන මැදිහත් වීම නතර නොකළහොත් මැතිවරණ කොමිසම හරහා රේගුවට නියෝගයක් ලබා ගැනීමට සිදුවන බව රේගුවට සහ මංගල සමරවීර අමාත්‍යවරයාට අප සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

33,252 Viewers

6 Comments to “ගෝටාට මඩ ගහන්න විදේශයෙන් ගෙන්වූ මඩ පොත් තොගයක් රේගුවේ රදවාගනී.. මුදා හරින්නයි දැඩි බලපෑම්..”

  1. criminal says:

    මඩ මොනාටද බන් , පහුගිය අවුරුදු කීපයේ පත්තර ටික බැලුවාම ඇති , අමුතුවෙන් කියලා මඩ ගහන්න ඔන්නෑ.

    • Peris -Negambo says:

      සජිත් ඉන්නේ තමන් අනිත් සියල්ලන්ටම වැඩ සුපිරි යි කියන අමුතුම මානසිකත්වයක. මේ මානසිකත්වය ඔහුගේ උදා ගම්වල නම් වලිනුත් පේනවා. දිනුවොත් දැනට යටින් උදවු කරන දයාන් ජයතිලක තමයි අග්‍ර පුරෝහිත වෙන්නේ .ඊට පස්සේ වන් මෑන් ෂෝ තමයි

    • Sudath says:

      මුගේ කතා නමටම ගැලපෙනවා. ක්‍රිමිනල් ලා ඉන්න ඕනේ යකඩ කූරු ඇතුලේ කියල හිතන්නේ නැත්තේ කවුද?

    • අලව් යකා says:

      ඒක ඇත්ත පහුගිය අවුරුදු හතර පුරාම කරේ.මහින්ද හොරා මහින්ද හොරා කිය කිය පත්තර වලින් tv වලින් මඩ ගහපු එකනේ.ඒක නිසා unp ගෙම්බො ඒ ටික බැලුව නම් ඇති තමා…
      උඹත් දැන් සජිත් වගේ කෝලමක් වෙලා ක්‍රිමිනල්…

  2. MD says:

    Ona madayak gahanna denna.api danatamath gota dinawala iwarai.mada gahanna gahanna Gotage chanda wadiwenawa.sajith Bangawewa!

  3. gamarala says:

    17 වෙනිදා පසු මංගලගේ සිහින සියල්ලම බොද වී අන්ත අසරණයෙක් පත්වීම වලක්වන්න බැහැ අබසරණයි

Leave a Comment

Main News