ගෝටාට මඩ ගහන්න Whatsapp-Viber ජාලා එජාපයෙන් කුලියට ගනී.. කෝටි ගණනක් මුදල් ගෙවලා..

November 11, 2019 at 6:48 pm | lanka C news
ගෝටාට මඩ ගහන්න Whatsapp-Viber ජාලා එජාපයෙන් කුලියට ගනී.. කෝටි ගණනක් මුදල් ගෙවලා..

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු තහනම් කර ඇති 14-15 දෙදින තුළ සජිත් ප්‍රේමදාස මහතා විසින් අන්තර්ජාල යෙදවුම් ගණනාවක් මුදලට ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් අවලාද මඩ ඇතුළත් කූඨ ලේඛණ බෙදා හැරීම සඳහා වට්ස්ඇප් වයිබර් වැනි ජංගම දුරකථනය යෙදවුම්වලට මිල ගෙවා ඇතැයිද ඔහු පැවසීය.

එනිසා එම දින දෙක තුලදී සමාජ ජාලාවන් පරිහීළණය ඉතා ප‍්‍රවේශමෙන් සිදු කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

30,316 Viewers

12 Comments to “ගෝටාට මඩ ගහන්න Whatsapp-Viber ජාලා එජාපයෙන් කුලියට ගනී.. කෝටි ගණනක් මුදල් ගෙවලා..”

  1. guru says:

    UNP ය කිසි දිනක සාධාරණව හෝ යුක්තිගරුකව චන්දයකට මුහුණ දී නැත.බොරුව ,වංචාව ,කුමන්ත්‍රණ ,මැර ක්‍රියා , වැනිදේ ඔවුන් සලකන්නේ සදාචාරාත්මක වීර ක්‍රියාවන් ලෙසය .ජේ ආර් සහ ප්‍රේමදාස ඒ අතින් කප්පිත්තන්ය.පාක්ෂිකයින්ද එම දේවල් ඉතා ඉහළින් අගය කරයි .මුහුණු පොතේ සිටින අනුගාමිකයින් සතුවද ඒ ගුණ හොදින් දක්නට ලැබේ . තමන් කරණ ප්‍රකාශ ගජ බින්න බව ඔවුන් දනී .එහෙත් එවැනි තත්වයකදී විනය ගරුක ,හැදියාවක් ඇති පුද්ගලයෙක් තුල බිහිවන ලැජ්ජාව ,බිය ,පසුතැවීම මොවුනට ඇති නොවේ .විද්‍යාව අනුව සැලකුවොත් එවැනි කරුණු සම්බන්ධයෙන් සංවේදීවන මොළයේ කොටස් නිසිලෙස වර්ධනය නොවී තිබීම හේතුවයි .එකම පරම්පරාවකට අයත් පුද්ගලයින් 200 ක් සම්බන්ධයෙන් ,ඇමරිකාවේ කරණ ලද සමීක්ෂණයකින් මේ බව හොදින් සනාථ වී තිබේ .බුදුදහම අනුව සැලකුවොත් පෙර කුසල් මද කම නිසා එවැනි පවුල් වල උත්පත්තිය ලබයි .

    • 🤣2015 'ආප්ප-ඇප්' එකක් ලොවට හඳුන්වා දීල🤣 says:

      2015 ‘ආප්ප-ඇප්’ එකක් ලොවට හඳුන්වා දීල
      නම්බු නාමයට කරනා මේ අවලාද පුදුමය දීල
      තරඟෙට ‘ වට්ස්-ඇප් ‘ රටටම බලන්නටත් දීල
      ‘ආප්ප-ඇප්’ රහසේ ගෝඨ දිනවයි උපදෙස් දීල

  2. සයිබර් කොලුචා says:

    අපි ඡන්දේ දෙන්නේ අපේ අම්මලා තාත්තලාගේ අවවාද ඔවදන් මත මිසක් whatsapp හෝ viber මුදලාලිලාගේ කීමට නොවන බව සලකන්න.

  3. සමන් says:

    දැන් පේන්න තියෙන හැටියට නම් මඩ වලින් තොර දේශපාලනයක් ඌඇන්පිය ට නැහැ. අවසාන මොහොත තෙක් ගෝඨාභය මහතාට ගහන්න පුලුවන් හැම මඩකින්ම ගහයි, මදි නම් අසුචි වල වල් පවා බහි! ඒත් එක දෙයක් පැහැදිලියි, මේ හැම දෙයකින්ම ගෝඨාභය මහතාට දිනෙන් දින ඡන්ද එකතු වෙනවා! කථා කරන සැම රට වැසියෙකුගේම අදහස ගෝඨා මේ රටේ ජනාධිපති විය යුතු බවයි!

  4. kamal says:

    කපටි කමට තමයි මම කිව්ෙව ෙගාටාබය දියසෙන කියා නමුත් ෙගාටාබය දැනගන්න ඔනෙ කිරිබත්ෙගාඩ හිමි ගෙ සහ කමල්ගෙ මනුස්‍යත්වය ඊට වඩා වැඩි කියලා නමුත් මම ෙගාටාබයගෙ උපදෙශක නෙවෙයි රනිල් වික්කමසිංහට පස්සෙ අගමැති වෙන්නෙ මම මිට කමල් නෙවෙයි දියසෙන් කුමාරයා මම මෙ ෙලාකෙම මනුස්‍යත්වය අැති කරනවා. ඒක බුදු හාමුදුරුෙවා කාශ්‍යප හාමුදුරුෙවා කිරිබත්ෙගාඩ ඥණානන්ද හාමුදුරුෙවා මට දුන්න පන්නරය

  5. සරා says:

    මෙි රටෙි යම් අපේක්ෂකයෙකුට අනවශ්‍ය මඩ ගසා චරිතය ඝාතනය කිරිමට සැරසෙනවා නම් රටෙි ජනතාව වැල ‌ෙනොකැඩි ‌ෙගොස් එම අපේකෂකයාට ඡන්දය ‌ෙදෙනවා.ඒක ‌ෙමෙි රටෙි ‌ෙවෙලා තියෙනවා.2002 රනිල්ටත් චන්ද්‍රික ඔය ආකාරයටම මඩ ගැහුවා නමුත් ජනතාව රනිල්ට ආන්ඩුව පිහිටු වන්න බලය දුන්නා.මඩ කිසිවක් ගනන් ගත්තේ නැහැ.‌ෙකොහොමත් ආන්ඩුව ඔවුන්ගේ අවසාන තුරුම්පු අදිමින් පවතිනවා.16 වැනිදා උදේ පලවැනි පැය තුල ජනතාව වැල ‌ෙනොකැඩි ‌ෙපෝලිමෙි ඇවිල්ලා ඡන්දය දානවා.ඒ එන්කේ ආන්ඩු විරෝධි ඡන්ද

  6. Joni says:

    ratata haturan bohomai be careful

  7. සමන්මලී says:

    සඡියාටවත් ගොටිටාටවත් නොව මෙවර ඡය කාන්තාවකට.

  8. Proud Sri Lankan says:

    Whoever Believes This Shit Is Stupid. Like seriously. Grow some brains or try reading if you don’t know. Wimal Weerawansa is an uneducated fellow. We all know that. But I Mean this is just bullshit

    • politics says:

      How can you be a proud Sri Lankan , when you are so foolish..

      Please, listen to the Derana 360 program attended by Mr. Gotabhaya on the 11th November.

      You will understand his vision on different segments of the country..

      I am a 65 year professional with a PhD degree in my field and Gota is the best candidate I have ever seen in y life..
      Sajith and Anura are just fools .. Gota has shown us that he can perform..

      Please vote for Pohottuwa..

  9. Viber WhatsApp අපිත් ඔින දෙකට ready බලමු කවුද දිනන්නේ කියලා අසූචී යහපාලනේ ට නරකාදිය තමයි..

Main News