ගෝටාට, සජිත්ට, රනිල්ට හෝ කිසිවෙකුට 40%ක් නෑ.. ජනාධිපතිවරණයේ අලුත්ම සමීක්‍ෂණ වාර්තාව ජනාධිපති හෙලි කරයි..

September 15, 2019 at 10:12 pm | lanka C news
ගෝටාට, සජිත්ට, රනිල්ට හෝ කිසිවෙකුට 40%ක් නෑ.. ජනාධිපතිවරණයේ අලුත්ම සමීක්‍ෂණ වාර්තාව ජනාධිපති හෙලි කරයි..

මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ දැනට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට 40% ඡන්ද සීමාව ඉක්මවා යාමට නොහැකි බව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එනිසා කිසිම පුද්ගලයෙකුට එන ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නැතුව ජනාධිපතිවරයා බවට පත්විය නොහැකි යැයිද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ රත්නපුරයේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය වෙනුවෙන් තානාපති කාර්යාල සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවන් සාකච්ඡාවක නැති බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා විසින් කථානායකවරයාට ලබාදුන් ලිපිය හේතුවෙන් බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ඒ සම්බන්ධයෙන් පොහොට්ටුවෙන් ආ ඉහළම නායකයන්ට හා පහල පාක්ෂිකයන්ට කෙළෙහි ගුණයක් ඇති නමුත් දෙවන පෙළ ඇතැම් පිරිසකට එය අමතක වී ඇතැයිද කියා සිටියේය.

ඇතැම් පිරිස් ඉන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් පසු පාර්ලිමේන්තුව ඇතිවූ ප්‍රශ්නකාරී තත්ත්වයේදී තමන් හමුවේ බැගෑපත් වූ බවද ඔහු කියා සිටියේය.

242 views

33 Comments to “ගෝටාට, සජිත්ට, රනිල්ට හෝ කිසිවෙකුට 40%ක් නෑ.. ජනාධිපතිවරණයේ අලුත්ම සමීක්‍ෂණ වාර්තාව ජනාධිපති හෙලි කරයි..”

  1. Disce ammata discede says:

    උඹලාට චන්දෙ ලැබුණේ මහින්ද නිසා . පිස්සු හුටං ට ඒක හංගන්න බෑ.

  2. Angoda Buva says:

    SLFP යනු ඵහි පාක්ෂිකයන් බවත් ඔබට හෝ ඔබ වෙනුවෙන් කඩේ යන රීලා සිරිලා නොවන ඛවත් මතක තබා ගන්න. ලකෂ 58 ක ඡන්ද පදනමක් තිබු SLFP ඵක ජන්ද ලක්ෂ 9 දක්වා පහත වැටුනේ ඔබගේ නායකත්වයේ ඛල මහිමයෙනි.
    මෙවර ඒ ලක්ෂ 9 ද පොහොට්ටූවටය. ඔබලා එකතු වුවද නැති වුවද එය එසේම වනු ඇත.

  3. merata eka says:

    ape baya nathi janapathi obai.
    hathara parakma SOFA athsan kale na.
    Mahinda dekata namila ACSA athsan kala

  4. p.d goonawardena says:

    අයියා පරම්බබා ඉන්නේ නැතිව ඕක තියන්න වැඩ සිද්ද කරන්නකෝ…..චන්දෙ දෙන අය හතලියද පනහද හැටද කියල තීරණය කරයි…..මට පෙන්නේ අයියට බයට වඩා කුහක කම තියෙනවා වගෙයි…..

  5. Manel says:

    My thinking is that Gota will get 65%. If Srilankans are not stupid, this is the margin for Gota.

  6. migara says:

    මේවා ඉතින් අවරුදු 4ක් තිස්සෙම කිව්වනේ.සිරිසේන මහත්තය හොද කතිකයෙක්..එචරයි මහින්දට 2015 ලැබුන චන්ද ලක්ෂ 50 අනිවාර්යෙන් ලැබෙනවා තව වැඩිවෙලා මිස අඩු වෙන්නේ නැ.ගොටබයට කැමති ගොඩක් ඉන්නවා ,,කොහොම උනත් ලොකු චන්ද ප්‍රමාණයකින් අනිවාර්යෙන් දිනනවා. ගෝටා කාටවත් මඩ ගහන්නේ නැ….අනුන් කරපු වැඩ ගැන කියවන්නේ නැ.unp එක අවරුදු 4 නිදාගෙන ඉදල දැන් නේ නැගිටලා තියෙන්නේ…

  7. gothaya says:

    Oita wada kade yanna deyak ne yako thiyapan Chandaya Api 60% gotata aran penwannam

  8. රනිල් says:

    මේ පිස්සු හුටං දන්නෙ නෑ හුටංගෙ තරම. අනික ගෝඨා හිරේ නෙමෙයි මූදට දැම්මත් ගෝඨගෙ නමට ඡන්දය දෙන්න මිනිස්සු තීරණය කරල ඉවරයි.

  9. අක්බාර් ලොක්කා says:

    බුද්ධි අංශ කියන දේවල් ගනන් නොගන්න පොර සමීක්ෂණ වාර්තා පිළිගැනීම මාර පුදුම වැඩක්

  10. SLCommunity says:

    Mr President oyata kondak nathi nisa thamai me ratata me hene gahuwe. Me rate wenne monawada kiyala oya danne na. Oya danne mic eka issarrahata awith duka kiyanna witharai. Mokatada ohoma president kenek? me rate minissu ayeth rawatenne na. Oyalata minissu vote karanne na oyala hithagena inna dewal wenneth ne. GOTA dinana eka nawaththannath ba. Me rate minissunta dan oni kondak thiyena kelin wada karanna puluwan kiyanade karana mole thiyena nayakayek misak oya wage pabayek nemei

Main News