ගෝටාට සහාය දෙන්න චන්ද‍්‍රිකා පිල බෑ කියයි.. ශ‍්‍රීලනිපය සුරැකීමේ සංවිධානයටත් නොකියා චන්ද‍්‍රිකා එංගලන්තයට පනී…

October 9, 2019 at 10:00 am | lanka C news
ගෝටාට සහාය දෙන්න චන්ද‍්‍රිකා පිල බෑ කියයි.. ශ‍්‍රීලනිපය සුරැකීමේ සංවිධානයටත් නොකියා චන්ද‍්‍රිකා එංගලන්තයට පනී…

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායක ගණනාවක් ඊට විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ උපදෙස් මත ක‍්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ද මෙම තීන්දුවට විරෝධය පළ කර ඇත.

කෙසේ වෙතත් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට තම න්‍යායාචාර්යවරිය වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සොයා බැලීමේදී ඇය මේ වන විට එංගලන්තය බලා ගොස් ඇති බව හෙළිව තිබේ.

මේ තත්ත්වය මත ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන් දැඩිලෙස ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.

36 views

20 Comments to “ගෝටාට සහාය දෙන්න චන්ද‍්‍රිකා පිල බෑ කියයි.. ශ‍්‍රීලනිපය සුරැකීමේ සංවිධානයටත් නොකියා චන්ද‍්‍රිකා එංගලන්තයට පනී…”

  1. පැරැණි වාද භේද හා තරහ මරහ දිගට ම ඇද ගෙන යනවා ද? ගෝටා දින වීමට අවශ්‍ය ජන්ද සංඛ්‍යාව ඒකරාශි කර ගන්නවා ද? කියන එක පළපුරුදු දේශපාලන තාන්ත්‍රිකත්ත්වය විසින් ගත යුතු ප්‍රමුඛ තීන්දුවක්. ඒක සමහර විට පළ පුරුද්ද අඩු අයට වැටහෙන්නේ රෑ වැටුනු වලේ දවල් වැටීමක් ලෙස. ඔහොම යමු!

  2. gadol says:

    එංගලන්තෙට ගිහින් තියෙන්නේ ජීන් ටොනික් එකක් බිලා එන්න

Main News