ගෝටාට සහාය දෙන්න ශ‍්‍රීලනිපය ගිවිසුම්ගත වෙන්න සූදානම්.. නැතිනම් 3-4ක් හැර සියළු දෙනා පොහොට්ටුවට..

September 3, 2019 at 12:02 am | lanka C news
ගෝටාට සහාය දෙන්න ශ‍්‍රීලනිපය ගිවිසුම්ගත වෙන්න සූදානම්.. නැතිනම් 3-4ක් හැර සියළු දෙනා පොහොට්ටුවට..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඔහුට සහය දීමට කටයුතු සූදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි.

ඔවුනතර මේ සම්බන්දයෙන් පැවති සාකච්චා ඉතා සුභවාදීව අවසන් වූ බව දෙපාර්ශවයේම නායකයන් කියා සිටියහ.

මේ අතර ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ‍්‍රීලනිපයේ දැනට සිටින මන්ත්‍රීවරුන් අතිශය බහුතර පිරිසක් පොදුජන පෙරමුණට එක්වීමට නියමිත බව වාර්තා වේ.

බොහෝ දුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු පමණක් ඉතිරිව තිබියදී ඉතිරි සියලු දෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට එක් වීමට නියමිත යැයි ද එම වාර්තා කියයි.

කෙසේ වෙතත් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ සන්ධානගත වේ යැයි බලාපොරොත්තුවෙන් සිටින බව ද එම ආරංචි මාර්ග කියා සිටී.

41 views

3 Comments to “ගෝටාට සහාය දෙන්න ශ‍්‍රීලනිපය ගිවිසුම්ගත වෙන්න සූදානම්.. නැතිනම් 3-4ක් හැර සියළු දෙනා පොහොට්ටුවට..”

  1. හෙලයා says:

    ශ්‍රිලනිප ට චෞරි ගෙ අබ සරනද?

  2. kawinda says:

    deshapaalana wedikaawe thawaduratath rendee innata kemathi SLFP pamanak nowei UNP and JVP unath denma pohottuwa samaga ekathu wela wedakarapalla. nethnam yakada kuru ganinna wenawa.

  3. don katugampala says:

    ME ENA “GANKABARAYINTA” NAMA YOJANANAM DENNA EPA . UNVA ATHE DURINVATH THIYAGANNA EPA , JANATHAVATA OKUNVA PENNE BEHA MAHINDATA KARAPU” COCHOK” VALATA .UN HITHUVE NEHA MAHINDA LANGATA BADAGANNA VEYI KIYALA “THEY ARE SNAKE UNDER THE GRASS”

Main News