EXCLUSIVE : දවස් දෙකෙන් කඩඉම පනී.. ගෝටාට සහාය දෙන්න ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කරයි.. තවත් ඡන්ද ලක්‍ෂ 15ක් ගෝටාට.. දැන් ලක්‍ෂ 65යි..

August 13, 2019 at 9:20 am | lanka C news
EXCLUSIVE : දවස් දෙකෙන් කඩඉම පනී.. ගෝටාට සහාය දෙන්න ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කරයි.. තවත් ඡන්ද ලක්‍ෂ 15ක් ගෝටාට.. දැන් ලක්‍ෂ 65යි..

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලද බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි.

එම තීරණය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රීලනිපය සහයෝගය ලබාදෙන බව ද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නැතැයිද එක්සත් ජාතික පක්ෂ විරෝධීන් අපේක්ෂකයා වන ඔහුගේ ජය වෙනුවෙන් පක්ෂය කැපවන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම් වරයාට සහාය නොදෙන බවට ඇතැමුන් කරන ප්‍රකාශ නොතැකිය යුතු බවත් ඒවා ඔවුන්ගේ පුද්ගලික මත බවත් පක්‍ෂයක් ලෙස මධ්‍යම කාරක සභාව රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද ලක්‍ෂ 50ක් ලබා ගත් අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා සන්ධානය ඡන්ද ලක්‍ෂ 15ක් ලබා ගත්තේය. ඒ අනුව හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දැනට ඡුන්ද ලක්‍ෂ 65ක ඡන්ද ප‍්‍රමාණයකට හිමිකම් කියනු ඇතැයි සැලකිය හැකිය.

මෙම ඡන්ද ප‍්‍රමාණය දල ලෙස ඇස්තමේන්තු වන්නේ 2018 පෙබරවාරි 10 පැවති පලාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල අනුව වන අතර පාස්කු බෝම්බයෙන් පසු තත්වය ගණනය කල නොහැක.

75,234 Viewers

14 Comments to “EXCLUSIVE : දවස් දෙකෙන් කඩඉම පනී.. ගෝටාට සහාය දෙන්න ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කරයි.. තවත් ඡන්ද ලක්‍ෂ 15ක් ගෝටාට.. දැන් ලක්‍ෂ 65යි..”

  1. Araliya says:

    Ei ehenam ara Rilasiri ara tharam kegahanne. Sajiyata aye Kade yanawada?

  2. Ranga Bandara gelioya says:

    with catholic votes, this will be 7 mil

    • kawinda says:

      What about the conservative, impartial UNPers who disgusted at the moment..? They also will vote GOTA.

    • john the baptice says:

      කතෝලිකයන්ට අපහාස කරපු එවුන්ම මෙ වගේ කමෙන්ට් දානව දැන් 😀

      • Sandy says:

        අනේ පල හිපාටුවො යන්න…ජෝන් බැප්ටිස්ට් කිව්වට තෝ පුනරුත්තාපන වුනේ නැති කොටියෙක්,.. නැත්නම් NGO කාක්කෙක්.
        අප්‍රේල් 21 න් පස්සෙ කතෝලික චන්ද ඔක්කොම තොපෙන් කැඩුනා.
        තවත් ඔය පැත්තෙ ඉන්නවනම් ඉතින් ඌ අදහන්නෙ දෙවියො නෙවෙයි සාතන්

    • hesara says:

      catholic votes??? only those who suffered the consequences of Easter day attack not otherwise.. all those catholic people who are with “NGO nadayas” and those who are born with green blood will not support him anyway

  3. the Youth of Colombo says:

    We like Gota. He is from USA.

  4. Bold Citizen says:

    Those 1.5 million voters are the people who have an eternal hatred towards SLPP for dividing and destroying their beloved party which is based on ‘Bandaranayake’ policies.. So these 1.5 million will definitely abstain from voting for SLPP even if the party hierarchy decided to support it..

    • Ex SLFP says:

      My3 was the secretary of SLFP in 2015 who was supposed to protect the party. It was him who had a hoppers dinner and then joined the UNP. If he simply got UNP membership it would have been a great service to the SLFP and the country. But the contract from white master was different. He had to go get the SLFP leadership even though he had been sacked from SLFP by then. He used presidential and government powers to hijack the party leadership from Mahinda. Then greedy and opportunistic members went with My3 and loyal members remained with MHinda. They needed a party as they could not gi with a traitor. So dont blame Mahinda blame My3. What matters is people not the name of a party.

  5. රන්බණ්ඩා says:

    බුදුන් වැඩි දේශය, වසර දෙදහස් පන්සියයකට පෙර සපථ කළ පරිද්දෙන්ම මේ පිංබිමේ ආරක්ෂාව වෙනුවෙන් එහි ලේ උරුමකරුවන්ට නැවතත් භාරවනු ඇති.
    සිංහල බෞද්ධ ජනතාවනි,
    මෙවර නම් පෙර වැරැද්ද නොකරනු.
    රට ජාතිය රකින, අනෙකෙකුගේ පදයට නොනැටවෙන දැහැමින් රට පාලනය කරතැයි විශ්වාස කරන අයෙකු මෙවර පාලකයා ලෙස තෝරාගනු.
    එසේ වුවහොත් පමණක්,
    කලට වැසි වසීවි..
    කලට අස්වනු සරුවේවි..
    රට සැමතින්ම ස්වයංපෝෂිත වේවි.

  6. දේශයේ අභිමාණය ඔබයි මැතිඳුනි…

  7. Norata Eka says:

    SLFP ට කොහෙන්ද චන්ද ලක්ශ පහලවක්, ජනාධිපති වරනයට මිනිස්සු චන්ද දෙන විදිය වෙනස්…ලක්ශ පහක් ගනී වැඩිම වුනොත්…

  8. බෙර හඬ says:

    ශ්‍රි.ල.නි.ප. යේ පිස්සු කෙලින් මන්ත්‍රීන්ට පෙර ඡන්ද දායකයින් ගෝඨාභයට පක්ශ් වී අවසන්. මෙදාපාර නොදන්නා කවුරු දැම්මත් පොහොට්ටුවෙන් චන්ද එනවා. ශ්‍රි.ල.නි.ප මන්ත්‍රීන් ආවා කියා වෙනස් වෙන්නේ බොහොම ටිකයි. මිනිස්සු හැරිලා ඉවරයි.

  9. David Milli-banda says:

    MY3 is not an SLFP’er …………… He is a Hansaya Party….. How did he takeover the SLFP?
    Is that not illegal? Has he resigned from the HANSAYA PARTY ???
    This is a real sambol the SLFP as a SWAN Party man leading the SLFP.
    If MY3 resign from Swan, he is no moe can be President & has to xcall for an election.

Main News