ගෝටාට සහාය දෙන්න සාගල රත්නායක සූදානම්.. එජාපය කැළඹෙයි…

October 26, 2019 at 9:20 am | lanka C news
ගෝටාට සහාය දෙන්න සාගල රත්නායක සූදානම්.. එජාපය කැළඹෙයි…

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ඇමැති සාගල රත්නායක මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට සූදානමක් ඇති බවට වාර්තාවෙයි.

මෙම තොරතුරු වාර්තා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පුවත් වෙබ් අඩවි සහ සමාජ ජාල මාධ්‍ය තුළයි.

සාගල රත්නායක මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ බිරිදගේ පාර්ශවයෙන් ඥාතිත්වයක් ඇති බවද එම වාර්තාවන්හි සඳහන් වෙයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පසුගියදා කියා සිටියේ අගමැතිවරයාට ඉතා සමීප හිතා ගැනීමටවත් නොහැකි ප්‍රබලයෙක් තම පාර්ශ්වයට සහයෝගය දීම සඳහා සූදානම් බවයි.

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සංවිධානවල ජනරැලිවලද සාගල රත්නායක මහතා කැපී පෙනෙන ලෙස මැදිහත් වීමක් පෙනෙන්නට නැත.

78 views

54 Comments to “ගෝටාට සහාය දෙන්න සාගල රත්නායක සූදානම්.. එජාපය කැළඹෙයි…”

  1. Edwin says:

    I don’t see anything wrong with Mr.Sagala Ratnayake.

  2. Sarath Bulathsinghala says:

    දැනටමත් රනිල්ගේ සහාය ගෝඨාභය මහතාට යි!

  3. Power says:

    සජිත් දෙන ආතල් එකේ හැටියට ඉදිරියේදී එජාපයෙන් කවුරු ආවත් පුදුම වෙන්න දෙයක් නැහැ. එහෙත්, අන්තවාදයට,ත්‍රස්තවාදයට උඩගෙඩි දී රට අරාජික කරන්න කටයුතු කළ දේශපාලුවන්ව නිවැරදි තෝරා බේරා ලඟට ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අංක එකේ කාර්ය භාරයක් බව කිව යුතුය. අවුරුදු 5 ක් පුරාවට මේ තරම් සාර්ථක ජනබලවේගයක් ගොඩනඟා ගත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විනාශ වෙන වැඩ නම් නැවත කරන්න තියා හිතන්නවත් එපා.

  4. sathya says:

    Pohottuwa issara nam kiwwe Sagala “Very Bad” kiyala.
    Dan………..?
    “Very Very Good” kiyai

  5. Rai Gamaya says:

    මූ නිසා තමයි රාඡපක්ෂයින්ට කරපු වැරැදිවලට දඩුවම් කරන්න බැරි වුනේ…. මූ එදා ඉදන් කරේ රාඡපක්ෂයින්ට කඩේ යන එක තමා

  6. බ්‍රෝ says:

    බලාගෙන යනකොට සාගලත් ගලක්

  7. sama says:

    I thinks he`s good, have not heard any allegations against him

Main News