ගෝටාබය ගැන රටේ ජනතාව ලොකු විශ්වාසයක් තිබෙනවා.. ජනාධිපතිවරණයේදී එජාපය ඔහුට මුහුණ දෙන්නේ කෙසේද..

August 9, 2019 at 6:26 am | lanka C news
ගෝටාබය ගැන රටේ ජනතාව ලොකු විශ්වාසයක් තිබෙනවා.. ජනාධිපතිවරණයේදී එජාපය ඔහුට මුහුණ දෙන්නේ කෙසේද..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය ගැන රටේ ජනතාවට ලොකු විශ්වාසයක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

තමන් ද ඔහු නිලධාරියෙක් ලෙස කටයුතු කරනු දැක තිබුණ ද දේශපාලනඥයෙක් ලෙස දැක නැති බවද අත්තනායක මහතා සඳහන් කරයි.

11 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂයට විශාල තරගයක් දීමට සිදුවන බව ද එවන් තත්ත්වයකට එක්සත් ජාතික පක්ෂය කුමන ආකාරයෙන් මුහුණ දෙයි දෙන්නේදැයි නායකයන් විසින් තීරණය කළ යුතු බවද ඔහු පැවසීය.

39 views

5 Comments to “ගෝටාබය ගැන රටේ ජනතාව ලොකු විශ්වාසයක් තිබෙනවා.. ජනාධිපතිවරණයේදී එජාපය ඔහුට මුහුණ දෙන්නේ කෙසේද..”

  1. RAYMOND says:

    මොනවා කරන්නද පරාද ම තමයි එජාපය ට දිනන්න එකම එක විධියක් තියනවා මහින්ද රාජපක්ෂ මහතා ව එජාපයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්න

  2. jsk says:

    මුන් මේ ශේප් ටෝක් දාන්නෙ ගෝටාව ශේප් එකේ තියාගන්න. එතකොට මුං හිතාගෙන ඇති ඉදිරියට එන ආන්ඩුව මුන් කරපු හොරකම් සහ දේපල අවභාවිතාවන් අදින එකක් නෑකියල. ගෝටා නීති ගරුක හමුදා නිලධාරියෙක්. ජඩපාලන පාන්ඩුව ආපු ගමන් කරේ පලිගැනීම් විතරයි. පහුගිය ආන්ඩුව ජනතාවගෙ ප්‍රයොජනයට කරපු දේත් පලිගැනීම නිසා විනාසකරා. නමුත් ඉදිරියට එන ආන්ඩුව හරියට නීතිය ක්‍රියාත්මක කල යුතුයි තරාතිරම නොබලා. එතකොට මුන් රොත්තම ඉන්න ඕනෙ හිරේ. මුන්ගෙ මහ එකාගෙ හිටන්ම. හිටං ටත් නීතියෙන් නැතත් ස්වභාව ධර්මයෙන් නිසි දඬුවම් දෙයි තමන්ගෙ බල ලෝභ කමට රට විනාස කරන්න ගූ ඇම් පී එක්ක එකතු උනා.ට

  3. Open mind says:

    දේශපාලකයෙක් ලෙස දැක නැති……යනුවෙන් මොහු කියන්න උත්සාහ කරන්නේ කුමක් ද ? එජාප ට ඇත්තේ කුමන ආකාරයේ අභියෝග ද ?ඒවා දේශපාලන සටනකින් බැහැර ඒවාද ?

  4. David Milli-banda says:

    What is the problem Mr. Attanayake…….
    Don’t worry, you will get the call…Tissa…Tissa … please tell Sagala to return to the Temple Trees will be the call from your Ex – Leader.
    Be ready……….boy scout.

    Tissa is now harmless. Ranil need Tissa but no guts to call him back. Tissa has gone beyond the UNP.

  5. සිංහලයා says:

    ආයේ දෙකක් නෑ ගෝඨා 75% යි.UNP 25% යි.