ගෝටාභට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා.. රාජපක්ෂ පවුල ඒකමතිකව තීරණය කරති.. දිනවන්න රට පුරා යන්න සූදානම් බව බැසිල් කියයි..
March 16, 2019 at 9:20 am | lanka C news
මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවක දී තීරණය වී ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තාකරයි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණේ පසුගිය 14 වැනිදා බවද එහිදී මෙම එකඟතාවයට පැමිණ ඇතැයිද වාර්තාවේ සඳහන් වෙයි.
මෙදින පැවැති සාදයක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු සාමාජිකයන් සහභාගී වී ඇති බවත් කිසිදු බාහිර පුද්ගලයෙකුට සහභාගී වී නැති බවත් එහි සඳහන් වේ.
පොදුජන පෙරමුණේ අපේක්ෂකයා දිනවීමේ වගකීම බාරගෙන තමන් රට පුරා යාමට තමන් සූදානම් යයි බැසිල් රාජපක්ෂ මහතා පැවසූ බවද වාර්තාවේ දැක්වෙයි.
මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහතුන් මෙම හමුවට එක්ව සිටි බව ද පැවැසේ.
මේ සමගය ගෝටාභට රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාය ඉවත් කර ගැනීමේ කටයුතු වේගවත් කර ඇති බවද තව දුරටත් වාර්තා වෙයි.
පැතුම ඉටුවිය. රටට ජයවිය. අනාගතය සරුවිය. වැඩ ඇරබීමට කාලයයි. වැඩට බහිමු රට ගොඩගමු. ඔබට සියලු ආරක්ෂාව ලැබේවා.
Reply
ආපහු රට කුඩු වලින් ස්වයංපෝෂිත වෙන්නයි යන්නෙ.කුඩු දුමියා එලියට අරන් ආරක්ෂක අමාත්‍යාංශය ඌට බාර දීල, කුඩු ලංසාව හුරතල් කරලා ලංකාවෙ කොල්ලන්ට මාසෙට ටොන් එක ගානෙ කුඩු පොවමු.
To the Buffalos of Srilanka, you lot one stage couldn’t do without BANDARANAYAKES, it seems now that you couldn’t do without the RAJAPAKSES. You BLIND BUFFALOs could’t see how Rajapakses operated when in power, Think seriously do you want this lot who helped themselves more than they dished out comming to power?
Yes !
ඒක තමා, ඔය කාටත් වඩා වික්කමසිංහ හොදයි.
මොනවා විකුනලා හරි අපිට බ්‍රේස්ලට් එකක් වත් නිකන් දෙන්න ඉන්නේ එතුමා විතරයි.
නායක තුමා ඩුබායි ගිහින් එනකොට බ්‍රේස්ලට් ගේනවා කියල හන්දියේ ජෝන් අයියා කිවුවා.
How about the present situation
ගෝඪා ජනපතිවරණයට එයි කියල අපේ වාහේ පනභයේ ඉන්නෙ.
Wel Saidගොටභය මහතාට සුභ අනාගතයක්
I’ll shower my greetings for you Mr G.Rajapaksa! I wish you all triple gem bless! Provide him with full security now onwards!
President in sri Lankans hearts