ගෝටාභයගේ ආණ්ඩුවට 2/3 බලයක් අරන් දෙන බව මෛත‍්‍රී කියයි…

December 12, 2019 at 3:22 am | lanka C news
ගෝටාභයගේ ආණ්ඩුවට 2/3 බලයක් අරන් දෙන බව මෛත‍්‍රී කියයි…

ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව පැවසුවේ අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවති ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවේදිය.

මෙම හමුව (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණි.

එහිදි පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කලේ නව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමා හට ඉදිරියේදි රට සංවර්ධනය කිරිමටත්,සෞභාග්‍යමත් රටක් ගොඩනැගිමටත් ඉදිරි මහ මැතිවරණයෙන් පත්වන නව ආන්ඩුවට ශක්තිමත් තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බවත් එම තුනෙන් දෙකක බලයක් සහිත නව ආණ්ඩුවක් නිර්මාණය කිරිම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදි කැපවී ක්‍රීයා කල යුතු බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ද එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව විවිධ අදහස් ප්‍රකාශ කළේය.

– MS midea

155 views

17 Comments to “ගෝටාභයගේ ආණ්ඩුවට 2/3 බලයක් අරන් දෙන බව මෛත‍්‍රී කියයි…”

  1. Anoosh says:

    What Maithrisena said in year 2015 is totally different from what he is saying today. Why he is confusing the People of SL ???

  2. Hari says:

    තුන්නේ දෙකක් එල්ලනවා බලාන් ඉන්න

  3. බිල්ල says:

    අහෝ අසරණ ශ්‍රී ලාංකිකයන්ගේ කරුමේ ගෙවී අවසන්වී නැති බවයි සිරිසේන නැවත එනවා යන්නෙන් ගම්‍ය වන්නේ. මේ බොරුකාර, වංචනික තුට්ටු දෙකේ හොරා දේශපාලන වේදිකාවෙන් චුතවෙන්නේ කවදාද ?

Main News