ගෝටාභයගේ ආරක්‍ෂාවට රජය දිනකට ලක්‍ෂ 35ක් වියදම් කරනවා.. එය මසකට ලක්‍ෂ 1050ක්… වසරකට කෝටි 126ක්..

September 29, 2018 at 2:10 pm | lanka C news
ගෝටාභයගේ ආරක්‍ෂාවට රජය දිනකට ලක්‍ෂ 35ක් වියදම් කරනවා.. එය මසකට ලක්‍ෂ 1050ක්… වසරකට කෝටි 126ක්..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් 42ක්, යුද හමුදාවෙන් 28 දෙනකුගෙන් යුත් සම්පුර්න 70 ආරක්‍ෂක පිරිසක් ලබා දී ඇති බව නීතිය හා සාමය නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා පවසයි.

ඔවුන් වෙනුවෙන් වාහන පහසුකම්ද රජයෙන් සපයා ඇති බවත් පැවසීය.

සාමාන්‍යයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් දිනකට ලක්‍ෂ 35ක පමණ වියදමක් රජය විසින් දරමින් සිටින බවත ඔහු සදහන් කරයි.

සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

නියෝජ්‍ය ඇමතිවරයාට අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව වෙනුවෙන් මසකට රජය දරන වියදම ලක්‍ෂ 1050කි. වසරකට නම් ලක්‍ෂ 12,600කි. කෝටි නම් 126කි.

232 views
Main News