ගෝටාභයගේ ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ මා දුටුවා.. ඔහු අපේක්‍ෂකත්වයට සුදුස්සෙක්..- සජිත් පිල හාන්සි කරමින් මැකො සභාපති කියයි..

November 13, 2019 at 9:20 am | lanka C news
ගෝටාභයගේ ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ මා දුටුවා.. ඔහු අපේක්‍ෂකත්වයට සුදුස්සෙක්..- සජිත් පිල හාන්සි කරමින් මැකො සභාපති කියයි..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීම සම්බන්ධයෙන් සියලු ලිපි ලේඛන තමන් වෙත ඉදිරිපත් කරන ලද බව මැතිවරණ සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ඉකුත් අගෝස්තු මාසයේදී දිනක ඒ මහතා විසින්ම නීතිඥවරුන් කිහිපදෙනකු ද සමග මෙම ලේඛන ඉදිරිපත් කළ බවද සභාපතිවරයා පැවසීය.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කර ඇත්තේ අද දිනපතා පුවත්පතක සාකච්ඡාවක් ලබාදෙමිනි.

මේ අතර ඊයේ දිනයේ මහින්ද දේශප්‍රිය සභාපතිවරයා බීබීසිය වෙත සඳහන් කරන ලද්දේ මැතිවරණ කොමිෂන් සභාව ලෙස ලැබී ඇති බලතලවලින් එපිට කිසිදු අපේක්ෂකයෙකුගේ සුදුසුකම සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක පිටපත් බාර නොගත් බවත් මැතිවරණ පනතට අදාල නොවන කිසිදු ලේඛනයක් ඉල්ලා නොසිටි බවත්ය.

ඒ අනුව දැනට අපේක්ෂකත්වය පිළිගෙන දෙන සියලු දෙනාම මැතිවරණ පනත අනුව ජනාධිපති අපේක්‍ෂකත්වයට සුදුස්සන් බවත් ඔහු පැවසීය.

68,526 Viewers

13 Comments to “ගෝටාභයගේ ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ මා දුටුවා.. ඔහු අපේක්‍ෂකත්වයට සුදුස්සෙක්..- සජිත් පිල හාන්සි කරමින් මැකො සභාපති කියයි..”

  1. අශෝක says:

    අපරාදෙ නෙ මැති තුමනි ඉක්මන් වෙලා ඕක කිව්වෙ . තව දවස් දෙක තුනක් හිටිය නං , තව කීප දෙනෙකුට ජොබ් තියෙනවානෙ . උපවාස කරලා කීයක් හරි හොයාගන්න තිබ්බ .

  2. Pal says:

    Dear Mr. Deshapriya ,

    You are one of the higher officers in our country and need to be prepared to revel details to the public on sensitive issue like Mr. Gotabhaya ‘s citizenship.
    Hiding about the bush is not something we expect from you sir.
    You would have told that Mr. Gotabhaya has fulfilled all the requirements to be eligible for the candidacy to prevent issues.
    Kind Regards,
    Jayalath

    • Lasantha says:

      ඉස්සර වෙලා සිංහලෙන් කථාකරපන් බොරුවට කඩ්ඩ වනන්නේ නැතුව. දැන්වත් ජීවිතේ පිලිවෙලක් කරගනින් නිකන් බොරුවට සමාජයට පේන්න පොශ් වෙන්න හිතාගෙන යූඑන්පියට ගොට්ට අල්ලන්නේ නැතුව. කසාදයක් බැදපන්, දරු මල්ලෝ හදාපන්, රස්සාවක් කරපන් කාලකණ්නියා වගේ දාන දාන නිව්ස් එකට කොමෙන්ට් කර කර ඉන්නේ නැතුව.

      • සංඛ says:

        ඉතින් උබට මොකද බන්? ඕනම එකෙක්ට ඕනම භාෂාවකින් කථා කරන්න නිදහස තියෙනවා. උබ මොකෙක්ද බන් ඌට ඉංග්‍රීසි කථා කරන්න එපා කියන්න? මම මේ කොමෙන්ට් එක දාන්නේ නෑ, නමුත් උබලා වගේ අනුන්ගේ කුණු හොයන, මිනිස්සුන්ට හිරිහැර කරන කාළකන්නි දැක්කම මොකුත් නොකියා ඉන්නත් බෑ. දැන්වත් හැදියන් සමාජයට බරක් වෙන්නේ නැතුව, මිනිස්සුන්ට වදයක් වෙන්නේ නැතුව.

    • Pramod says:

      To Pal aka Jayalath,

      In your statement, you have mentioned “Hiding about Bush” , there is nothing like that in English unless you meant “Beating around the Bushes ” is the correct phrase!!

    • කිරිමෙල් says:

      Don’t you understand, that, according to the constitution Commissioner cannot entertain applicants of foreign nationality? What kind of a fool are you?

  3. මාතර සුනිල් says:

    මළා. ඒකත් ඉවරයි. දැන් මොකක්ද ඊඊඊළළගටටට……….

  4. kamal says:

    ජේ ආර් කවුද රනිල් කවුද ජේ ආර් කල්පනාකලේ ඉන්දියාවට බුදු දහම ගෙනියන විදිය ඒකට කරපු උපක්‍රමය තමයි කතෝලික ජනතාව හැරෙන්න හින්දු මුස්ලිම් අය ලංකාවෙන් ඇත් කිරිම ඒ වෙනුවට කපටි විදියට හින්දු අයට අවුරුදු 6ක්ද මුස්ලිම් අයට අවුරුදු 2ක්ද පරිවාස කාලයක් බැගින් හින්දු මුස්ලිම් සංසදය නැවත සලකා බලනවා බොරුනම් සිරිමා ශ්‍රාස්ත්‍රි ගිවිසුම කියවා බලන්න.මිට කිරිබත්ගොඩ ඥණානන්ද මහ රහත් හිමි

  5. praba says:

    මේ ටික අර හොර ගණයට කියන්න

  6. Niru says:

    Premadasa was planning a state funeral with honors. But he can still have it if he can get the priest to Apawatwenawa soon like Sobitha

  7. සීගිරි says:

    බටහිර බලවේග වල උත්සාහය මේ රටේ පාලන බලය ජනතාව අතට පත් වන්නට නොදී ලංකා නවයටත් විජිතයේ බලය තව දුරටත් තම රතු,කොල,නිල් හෙන්චයියන් මාර්ගයෙන් තම ග්‍රහනයේ තබා ගැනීමටයි..
    ඒ සඳහා ප්ලෑන් A,B,C වශයෙන් සැලසුම් ඇත…plan A හැකිතාක් කල් යහපාලන පවත්වාගෙන යාමයි….plan A රැකගැනීමට බැරි වන විට plan B සැලැස්මට මාරැ වී තරමක් අවාසිදායක තත්වයන් යටතේ හෝ යටත් විජිතය රැක ගැනීම ඔවුනගේ උපක්‍රමය වේ…
    plan B වන්නේ රාජපක්ෂලා නැවත බලයට පත් කිරීමයි…
    මේ මොහොත් ඇමරිකන් තානාපති කාර්යාලයේ සෘජු මැදිහත් වීමකින් මේ සියලුම දේශපාලන පක්ෂ චෙස් ලෑල්ලේ හසුරවන ආකාරය දැකගත හැක.
    ජනතා විප්ලවයකින් මේ රටේ බලය ජනතාව අත් වනවාට වඩා රාජපක්ෂලා අතට පත් වනවා දැකීම බටහිරට පිලිගත හැකි විසදුමකි (මින් වසරකට කලින් පලකල කමෙන්ට් එකකි).

    • කිරිමෙල් says:

      යල්පැනගිය ඔය තියරි අපේ රටේ එක දේශපාලුවෙක් ලඟවත් නෑ. ලෝකෙ වෙන කිසිම රටකත් නෑ

  8. Lasantha says:

    ඉස්සර වෙලා සිංහලෙන් කථාකරපන් බොරුවට කඩ්ඩ වනන්නේ නැතුව. දැන්වත් ජීවිතේ පිලිවෙලක් කරගනින් නිකන් බොරුවට සමාජයට පේන්න පොශ් වෙන්න හිතාගෙන යූඑන්පියට ගොට්ට අල්ලන්නේ නැතුව. කසාදයක් බැදපන්, දරු මල්ලෝ හදාපන්, රස්සාවක් කරපන් කාලකණ්නියා වගේ දාන දාන නිව්ස් එකට කොමෙන්ට් කර කර ඉන්නේ නැතුව.

Main News