ගෝටාභයගේ පෙත්සම විභාග කිරීමෙන් විනිසුරුවෝ 04ක් ඉවත් වෙති..

June 3, 2018 at 3:50 pm | lanka C news
ගෝටාභයගේ පෙත්සම විභාග කිරීමෙන් විනිසුරුවෝ 04ක් ඉවත් වෙති..

තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝජගයක් නිකුත් කරන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හතර දෙනකු ඉවත් වී තිබේ.

මෙසේ ඉවත් වී ඇත්තේ බුවනෙක අලුවිහාරේ, ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ය.

ඔවුන් සදහන් කර ඇත්තේ පෞද්ගලික හේතු මන මෙම වඩු විභාගයෙන් ඉවත් වන බවයි.

හිටපු ආරක්‍ඹක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වලකාලමින් 2015 මැයි 13 වැනිදා නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය තව දුරටත් ක‍්‍රියිත්මකය.

80 views
Main News