ගෝටාභයගේ ප්‍රකාශයට අගරදගුරු ප්‍රතිචාර දක්වයි..
August 27, 2019 at 1:20 pm | lanka C news
කිසිදු දිනක තමන් යම් පක්ෂයට පක්ෂපාතීව කථා සිදු නොකර බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
අද(27) උදෑසන ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපති කාදිනල්වරයා සමඟ දළදා මාළිගාවේ සංචාරයකට එක් වෙමින් උන් වහන්සේ මෙම අදහස් පළ කළේය.
ජනාතාව විසින් වින්ශ්චයක් ලබා දීමට දැන ගත යුතු බවත් පැවසු උන්වහන්සේ මෙම පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වු ජනතාවගේ හදවත් සැනසීම සඳහා ඔවුන්ට සත්‍ය හෙළි කිරීම අපගේ වගකීමක් බවත් පැවසීය.
මෙම ප්‍රහාරය පිටුපස ඇති විවිධ ක්රමන්ත්රයන් ගැන ඇති ආරංචි සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදු කරන තෙක් සැනසීමෙන් සිටිය නොහැකි බවද කාදිනල් හිමියන් මෙහිදී කියා සිටියේය.
බොහෝ අය එක එක දේවල් සිදු කරන බවට පැවසුවත් බලයේ සිටිය අය, මේ ගැන යම් පරීක්ෂණයක් සිදු කළ යුතුව ඇතැයි ද පැවසු කාදිනල් හිමිපාණන්, ඡන්දයට පෙර සියලු දෙනාගේ අවධානය බලය ලබා ගැනීම වෙනුවෙන් ගොස් ඇතැයි ද පැවසීය.
කළ යුතුව ඇත්තේ එය නොවන බවත් පැවසු කාදිනල් හිමියන්, මිනිසුන්ට සිදුවු ව්‍යසනය සම්බන්ධයෙන් ඔවුන්ගේ හදවත්වල ඇති වේදනාව තුනී කිරීමට බලයේ ඉන්න අයත් යම් දෙයක් කළ යුතුව ඇති බවත්, විරුද්ධ පක්ෂයේ අය යම් වචනයක් පැවසු පමණින් එය ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කළේය.
ඡන්දෙට පෙර මේ ගැන යම් දෙයක් සිදු විය යුතු බව ද සඳහන් කළ කාදිනල් හිමියන්, බලයේ ඉන්න අය නිහඬතාවයක් රකිමින් සිටින අතර, ජනාධිපතිවරයාගෙන් පවා මේ ගැන සුබදායි ප්‍රතිචාරයක් නොලැබුණ බවද කියා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන බව සඳහන් කිරීම ගැන මෙහිදී කාදිනල් හිමිගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.
එවිට උන්වහන්සේ පවසා සිටියේ, ඔහුට මේ වන විට බලයක් නොමැති බැවින් අද බලයේ ඉන්න පුද්ගලයින් යම් සාධාරණයක් ඉටු විය යුතු බවයි.
ජනාධිපති පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව ජනතාව අතරට පත් නොවු බවත්, ඉතිහාසය පුරා සිදුවු ඝාතන සම්බන්ධයෙන් ද වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බව ද පැවසීය.
ස්වාධීන මණ්ඩලයක් මඟින් තීරණයක් ගත හැකි කොමිෂන් සභාවක් පත් කරන ලෙස ද කාදිනල් හිමියන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
– adaderana
Do you mean the killing spree period between 88-89period , which was the wooing period of U.N.P. and J.V.P ?
apooi obawahanse kiyanne nadu hatahuatamarak thiyagena,
mekatath Gotata Bella denna kiyalada ?
දැන් බලයට ඉන්න අය පත් කලේ ඔබ තුමන්ලාමයි දැන් කථා කරලා වැඩක් නැහැ
කවදත් මීගමුව ප්‍රදේශයේ චන්ද ප්‍රතිඵල දිහා බැලුවම තේරෙනවා මොකක්ද පල්ලියෙ පනිවිඩය කියල. ඒකට හේතුව තමන්ට මුලින් ලැබුනු ජාතිය හා සම්බන්ධ සංස්ක්ෘතිය හා සම්බන්ධ වෙනව වෙනුවට දෙවනුව මේ රටට ලැබුනු ක්‍රිස්තියානි ආගම ආ රටවල් වල සංස්ක්ෘතිය බදා ගෙන, ඒ හා ගැලපෙන සංස්ක්ෘතියක් තියෙන අයට චන්දය දීල බලයට පත් කර ගැනීමේ ප්රවනතාවයයි.
හැබැයි පාස්කු බෝම්බෙන් පස්සෙ මේ අයට තේරුනා සිංහල බෞද්ධ සංස්ක්ෘතියෙ තාමත් රැකිල තියෙන ගුණධර්මත් එක්ක බෞද්ධයො කොහොමද ඒ අය එක්ක දුක බෙදා ගත්තෙ, විපතේදි උදව් කලේ කියල.
ඒ තුලින් ආගම් බේදය පසෙක ලා ගොඩ නැගුනු ජාතික එක්මුතුකමක් තියෙන්ව. එයට අගරදගුරුතුමා හුගක් මුල් උනා. මෙය රටේ යහපත වෙනුවෙන් යොදා ගැනීම සිංහල අපේ වගකීම.
මේ ආන්ඩුවෙන් වාසියක් නැති නිසා මේකා ගොටාගේ කරේ එල්ලේන්න හදනවා.
ගුණවත් උතුමෙකු ආමන්ත්රනය කරන විට මෙබදු පහත් විදියට එය කිරීමෙන් වලකිමු.
Lovenature ඔබගේ නිගමනය වැරදි යි
කතෝලික සභාව කිසිම විටක කිසිම පක්ෂ යකට ඡංදය දෙන්න කියන්නෙ නෑ
හැමවිටම කියන්නෙ තමුන් හිතල බලල රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් හට ඡංදය දෙන්න කියන්නෙ හැබැයි හැමෝම 100%නිවැරදි නැති බව පැහැදිලි කරනවා
ඒත් උතුරු නැගෙනහිර නම් යමක් වෙනස් මත දරූ බව ඇත්ත යි
RAYMOND මම දන්න සිද්ධියක්…. කොටහේන පැත්තෙ පල්ලියක පසුගිය ජනාධිපතිවරණයට පෙර දේවමෙහෙයකදී ශුද්ධ බයිබලයේ පාඨයක් උපුටා දක්වමින් පවුලේ සාමාජිකයන් රාජ්‍යපාලනයට සම්බන්ධ කර නොගත් අයෙක් පත්කර ගතයුතු බව දක්වා තිබෙනවා….
Dear Chaminda,
Oba kiyana palliya Katholika palliyakda nathnam wena Kristiyani palliyakda kiyala hoyala balanna. Katholika palli wala kawadawat ohoma ugannane na. Ehema karot api Cardinal thumata meesame aya paminili karanawa.
කටුවපිටිය පැත්තෙ අය නම් කිව්වෙ ඕකට විරුද්ධ පනිවිඩය ලැබුනා කියල. හැබැයි මේ සැරේ ඒ අය ලෑස්ති වෙලා ඉන්නෙ නියම කෙනා පත් කරන්න. ජාතික ආරක්ෂාව ඇමෙරිකන් සංස්ක්ෘතියට වඩා වැදගත් බවත් විපතේදී පිහිට වෙන්න ඉන්නෙ ඇමෙරිකාවෙ අයවත්, එන්ජීඕ නඩේවත් නෙවෙයි අහල පහල ඉන්න සිංහල බෞද්ධයා බවත් ඒ අය හොදින් තේරුම් අරගෙන.