ගෝටාභයගේ විරෝධතාව ඉවත දැමේ.. DA රාජපක්‍ෂ කෞතුකාගාර ත‍්‍රිපුද්ගල අධිකරණයේ නඩුව දිගටම අහයි…

February 11, 2019 at 12:00 pm | lanka C news
ගෝටාභයගේ විරෝධතාව ඉවත දැමේ.. DA රාජපක්‍ෂ කෞතුකාගාර ත‍්‍රිපුද්ගල අධිකරණයේ නඩුව දිගටම අහයි…

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම සදහා රාජ්‍ය මුදල් යොදා ගන්නා ලද බවට චෝදනා එල්ල කරන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නැතැයි ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්‍ෂක ලේකම් විසින් ගොනු කරන ලද මූලික විරෝධතා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව නියමිත පරිදි ඉදිරි දිනයන්දී ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදී එම නඩුව විභාගයට ගැනෙයි.

171 views