ගෝටාභයට එරෙහිව ඇමරිකාවේ නඩු දමයි.. පැමිණිල්ල ලසන්ත වික‍්‍රමතුංගගේ දියණියගෙන්..- BBCය කියයි..

April 8, 2019 at 10:40 am | lanka C news
ගෝටාභයට එරෙහිව ඇමරිකාවේ නඩු දමයි.. පැමිණිල්ල ලසන්ත වික‍්‍රමතුංගගේ දියණියගෙන්..- BBCය කියයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇමරිකානු අධිකරණයක නඩු පවරා ඇති බව බීබීසී කොලඹ වාර්තාකරු සදහන් කරයි.

ඝාතනයට ලක් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් මෙම නඩුව ගොනු කර ඇති බවද සදහන්ය.

කැලිෆොනියා දිස්ත‍්‍රික් අධිකරණයේ ගොනු කර ඇති නඩුව මගින් පැමිණිලිකාරිය ඉල්ලා ඇත්තේ තම පියාගේ මරණයට ගෝටාභය රාජපක්‍ෂ මහතා වගකිව යුතු බවත් ඒ වෙනුවෙන් වන්දියක් ගෙවන ලෙසත්ය.

කෙසේ වෙතත් සිවිල් නඩුවක් ලෙස ගොනු කර ඇති මේ නඩුව විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇමරිකා අධිකරණය තීන්දුවක් ගෙන නැත.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ දිනවල සිටින්නේ ඇමරිකානු සංචාරවක නිරත වෙමින්ය.

124 views

45 Comments to “ගෝටාභයට එරෙහිව ඇමරිකාවේ නඩු දමයි.. පැමිණිල්ල ලසන්ත වික‍්‍රමතුංගගේ දියණියගෙන්..- BBCය කියයි..”

  1. සිංහලයා says:

    අනේ අහිංසෝ තාත්ත වෙනුවට සල්ලි හම්බු උනාම හරිද? චන්දෙ කිට්ටු වුනහම ද උඹට ඕව මතක් උනේ, UNP එකෙන් කීයක් දුන්නද ඔය නඩුවට. කොටි diaspora කීයක් දුන්නද ? උඹ කොටි දෙනක්.

    • ලිහිණි says:

      මේ වගේ ගැහැණුත් අපේ රටේ ඉපදුනානේ ..තාත්තා කොටින්ට කඩේ ගිහිං හම්බකරපු මුදල් වලින් ද යැපෙන්නේ ?
      ලැජ්ජයි කොටි ගැහැනියේ ලැජ්ජයි

  2. Akalankan says:

    කලබල වෙන එපා මහින්ද මහත්තය ගෝටව දන්නේ නැහැ .එහෙම වුනොත් නාමල් කපෝති . එය වැනෙන්නේ සුලඟ හමන දිසාවට

  3. ක්‍රිමිනල් says:

    මුන් හොඳාකාරවම දන්නව මේ ඝාතනය කෙරෙව්වෙ වෙල් විදානෙ කියල. ඒ වුනත් කොටින්ව පැරද්දවපු තරහට මුන් මේකට ගෝඨාව ගාව ගන්ඩ හදනව.

  4. Kumara says:

    ඔවු! කොටි සිය ගණනින් අහිංසක මිනිස්සු ඝාතනය කරනකොට මුන් වගේ වගක් නැතිව හිටිය.
    දැන් මේ අවුරුදු 10 කට විතර කලින් මැරිච්ච හාල් පාරුවෙක් ගැන එක පාරට සත්ත්ව කරුණාව පහල වෙලා.

  5. කැපුවත් කොල says:

    ලසන්ත වල කජ්ජ ගහපු දවස් වලම පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් එකල UNP මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා කියා සිටියේ එවකට හමුදාපති ෆොන්සේකා විසින් මෙහෙයවනු ලබන ඝාතක කණ්ඩායමක් විසින් එම ඝාතනය කර ඇති බවයි. මෙම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවේද අඩංගුව ඇති අතර අඩු තරමින් ෆොන්සේකාවත් මෙම ප්‍රකාශය බොරුවක්යයි මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

  6. සේපාලිකා රණතුංග says:

    LCN පාඨකයන්වන අප දකින්නේ ඔබේ දර්ශනය කොටින්ට හා එම පාරශවයට ආවඩන්නන්ට සර්ව සාදාරණ ලෙසත්,
    බහුතරයක් සිංහල බෞද්ධ ජනතාවට බලවත් අසාධාරනයක් වන ලෙසත් හැඩගස්සවාගෙන ඇති බවය.
    එනිසා ඔබ සම්බන්ධයෙන් අනිකුන් දක්වා ඇති අදහස් සමග මමද එකඟවෙමි.

Main News