ගෝටාභයට කිසිසේත්ම වතුකරයේ ජන්ද ගන්න බෑ..

October 23, 2019 at 8:02 am | lanka C news
ගෝටාභයට කිසිසේත්ම වතුකරයේ ජන්ද ගන්න බෑ..

යහපාලන රජය තුලින් ගත වු වසර 4 /12 කාලය තුල වතුකරයේ ජනතාවගේ නිවාස ප්‍රශ්නයට යම් විසදුමක් ලබා  දෙන අතරතුර වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් නංවාලිමට කටයුතු කල බව නුවරඑලිය දිස්ත්‍රික් එජාප ප.ම මයිල්වාගනම් තිලකරාජ් මහතා පැවසිය.

මයිල්වාගනම් තිලකරාජ් මන්ත්‍රිවරයා එ බැව් කියා සිටියේ හැටන් නගරයේදි විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු තිලකරාජ් මන්ත්‍රිවරයා කියා සිටියේ තොණ්ඩමන් මහතා වසර ගණනාවක් මේ රටේ විවිධ රජයන් යටතේ ප්‍රධාන අමාත්‍යය ධුර දැරුවද වතු කම්කරුවන් වෙනුවෙන් යහපත් දෙයක් මේ වන තෙක් ඉටු කර නොමැති බවත්, යහපාන රාජයක් යටතේ අමාත්‍යය පලනි දිගම්බරම් මහතා සහ දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නායකයින් මෙතෙක් සිදු කර ඇති වතුකරයේ සංවර්ධනය විවේචනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහාතාට ජන්ද ඉල්ලා යන බවයි.

වතුකරයේ ජනතාව එදා මෙන් අද  මුල කල නොහැකි බවත්, තොණ්ඩමන් මහතා සහ ඔහුන්ගේ ආධාරකරුවන් ජනාධිපති මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට  යන අවස්තාවේ ඔහුන්ව ප්‍රතික්ෂේප කරන බවත්,මයිල්වාගනම් තිලකරාජ් මහතා පැවසිය.

වතු කම්කරුවන් වෙනුවෙන් වත්මන් රජය යටතේ වතුකරයේ ඉදි කර ඇති නිවාස යෝජනා ක්‍රමය වතුකරයට ඉමහත් සේවාවක් කල දේශපාලන නායකයින්ගේ නම් වලින් නම් කර ඇති බවත්, තොණ්ඩමන් මහතා මේ වන තෙක් සිදු කර ඇත්තේ  තොණ්ඩමන් නාමය පමණක් හුවා දක්වන වතු කම්කරුවන්ට වැදගත් නැති සංවර්ධන කටයුතු කිහිපයක් බවයි.

වතුකරයේ ජනතාවගේ ජන්ද බලය ලබා ගැනිමට තොණ්ඩමන් මහාතා විවිධ උපක්‍රම මේ දිනවල ක්‍රියාත්මක කරන බවද මයිල්වාගනම් තිලකරාජ් මන්ත්‍රිවරයා මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියා.

රංජිත් රාජපක්ෂ

0 views

11 Comments to “ගෝටාභයට කිසිසේත්ම වතුකරයේ ජන්ද ගන්න බෑ..”

  1. බන්ඩා says:

    අපි බලමු! වතුකරයේ ජනතාව පරදින එජාපයෙ සජිත්ට චන්දෙ දෙනවාද දිනන ගෝටා⁣ට චන්දෙ දෙනවාදැය් අපි බලමු.

    • සිංහල බන්ඩා says:

      වතුකරේ චන්ද නොමැතිව උවත් මේ සැරේ සිංහල චන්ද වලින් පමනක් ගෝඨා දිනවන්න අපි ලැහැස්තිය්.

      • සෙමා says:

        මෝඩ කථා කියන්න එපා බූරුවෝ. මෙදා සැරේ හම්බන්තොට දිස්ත්‍රික්‍යෙනුත් සිංහළ ඦන් ද ගෝඨාට ලැබෙන්නේ සියයට පනහයි, ඉතිං අනෙක් දිස්ත්‍රික්ක වල මොන කථාද​

        • Norata Eka says:

          මොනවද ඔට්ටු , ගෝටා හම්බන්තොට වාර්තාගත වැඩි චන්දෙන් දිනනවා….

      • ක්‍රිමිනල් says:

        අපි කිව්වේ බයි චන්ද වලින් විතරද ? එහෙනං අර බැසිල් මහත්තයා නාහෙන් අඩන්නේ මුස්ලිම් උදවියව අපි ආරක්ශාකරනවා කිය කියා , ඒ බොරුවටද ?

      • සිංහල බන්ඩා says:

        මොලේ පාවිච්චි කරපන් මෝඩයා. ඇල්පිටියෙන් 69% ක් ලැබුන බව මතක් කර ගනින්. පොහොට්ටුව + ශ්‍රිලනිප = (ගෝඨා) 69% ය්.

  2. රන්බණ්ඩා says:

    ඔන්න බලාපල්ලා, පාස්කු ප්‍රහාරයේ පාර්ලිමේන්තු කාරක සභා වාර්ථාව එළියට දමපු ගමන් යහපාලනේ අටවාගත්තු යූ එන් පී, නිදහස් සන්ධානෙ වගේම ජේ වී පී උන් රොත්ත කාකොටා ගන්න එක දෙගුණ තෙගුණ වෙනවා බොලව්.
    ඉඳින්, රන්බණ්ඩා අපේ සිංහල බෞද්ධයින්ගෙන් ඉල්ලන එකම ඉල්ලීම, මේ වතාවෙදි නං උඹලා වරද්දා ගන්න එපා…අනාගත අපේ පරම්පරාවට මේ පිංබිම නිරුපද්‍රිතව බාර දිය යුතුමයි.
    ඒ හන්දා, හරි තීරණය ගනිල්ලා…රට රැකගන්න පුළුවන් නායකයෙක් වෙනුවෙන්.

  3. suresh says:

    රෝයල් ගිහිල්ලත් සාපෙළ වත් සමත් නැති. ජීවිතේට රස්සාවක් කරලා නැති. අමුතුම හීන මානයකින් පෙලෙමින් ගස් නගින ඒ දණ්ඩේ යන්න දඟලන, අම්මගේ සංගීත ලෙඩේ ඒ විදියටම තියෙන, යටට අදින්නේ නැතිව රෑට ගෙවල් වලට පැනල සතුට හොයන, අණදීලා පඩි වැඩි කරන්න , බඩු මිල අඩුකරන්න පුළුවන් කියල හිතන, ආර්යාව මැදුරේ තියල වෙනම ජීවත් වුන තාත්තගේ ලෙඩ තියෙන, බොත්තමකින් රටේ තොරතුර දැනගන්න හිතන පිස්සු මිනිහෙක් ට චන්දෙ දෙන්න අපට පිස්සුද ?

  4. upul says:

    ඔය බොත්තමක් ඔබල වැඩ කරන එක R. ප්‍රේමදාසත් අන්දපු අවස්ථාවක් . ඉස්සර විවෘත කිරීමකට අවම ප්‍රේමදාස බොත්තමක් ඔබන කොට පිටිපස්සෙන් කෙනෙක් නුලක් ඇදල විවෘත කරනවා.ප්‍රේමදාසට හරි සතුටුයි . ලඟදි සිරිසේන නෙලුම් කුලුන විවෘත කරපු විදියත් දැක්කනේ. අර අන්දපු මෑන් සජිත්ට කිට්ටුවෙලා ඇති.

    • The Citizens says:

      At the same ,be understood that U.N.P.candidate cannot get more than 25 per cent of the votes of the majority race people.As such ,be understood that it is your duty to help a candidate to whom the people of the majority race haveoverwhelmingly majority blessings ,as a gesture of goodwill from you all towards the majority race.

Main News